දිට්වා ආපදාවෙන් නාය ගිය මාතලේ ගම්මඩුව, නුවරඑළිය එස්කඩේල් වත්ත, කොන්කෝඩියා වත්ත සහ අනෙකුත් වතු ප්‍රදේශවල මලෛහ තමිල් ජනතාව ගේ ඉඩම් නිවාස ඇතුළු අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් සම අයිතිය ව්‍යාපාරය අද (28 ) දින ජනාධිපති ලේකම් කාර්යාලට ලිපියක් බාර දුන්නේ ය.
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තෙ බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී අදට විසි පස් වසරකි. එය සිහිපත් කරමින් ඇගේ දියනිය සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය Face book ගිණුමෙහි සංවේදී සටහනක් තබා තිබුණා ය.
මතු පළ වන්නේ එම සටහන යි.
අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.
පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි.
එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයක දී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි.
මේ වනාහි වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය යි.
ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.
එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.
ඔබට නිවන් සුව අම්මේ!

වසර 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත ඊයේ (31) සිට ක්‍රියාත්මකවන පරිදි සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෞරවය සහ ස්වාධීනත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ. ඒ, එහි අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනාවක් හේතුවෙනි.
බලතල අයුතු ලෙස යොදාගැනීම සහ අභ්‍යන්තර තොරතුරු මත පදනම්ව පෞද්ගලික ලාභ ලැබීම සම්බන්ධයෙන් වන මෙම චෝදනා එල්ල කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසිනි.
මෙම චෝදනාවෙන් පසුව අධිපතිවරයා, මහ බැංකුව සහ රජය විසින් අනුගමනය කරන නිහඬතාව, මූල්‍ය සහ දූෂණ විරෝධී ක්ෂේත්‍රවල දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි වාර්තාවේ.
චෝදනාව: වරප්‍රසාද ලත් තොරතුරු මත පෞද්ගලික ලාභ ලැබීම
මෙම ආන්දෝලනයේ හරය වන්නේ, ආචාර්ය වීරසිංහ තම තනතුරේ බලය සහ සාමාන්‍ය ජනතාව නොදන්නා සංවේදී තොරතුරු උපයෝගී කරගනිමින්, රජයේ භාණ්ඩාගාර බිල්පත්වල පෞද්ගලිකව ආයෝජනය කර ලාභ ලබා ඇති බවට වන චෝදනාවයි. වීරවංශ පෙන්වා දෙන පරිදි, මෙම චෝදනාවට පදනම් වී ඇත්තේ ආණ්ඩුකාරවරයා විසින්ම ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ වත්කම් ප්‍රකාශය වීම මෙහි ඇති බරපතලම තත්වයයි.
ඇතැම් මූල්‍ය පාලනය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන පරිදි, මෙය ඉතා බරපතල චෝදනාවකි. මහ බැංකු අධිපතිවරයෙකුට, රටේ පොලී අනුපාත වෙනස් කිරීම් වැනි වෙළඳපොළට දැඩිව බලපෑ හැකි තීරණාත්මක තොරතුරු අන් අයට පෙර දැනගැනීමේ හැකියාව පවතී. එවන් පසුබිමක් තුළ, එම තීරණ මත වටිනාකම තීරණය වන භාණ්ඩාගාර බිල්පත් වැනි මූල්‍ය උපකරණවල පෞද්ගලිකව ආයෝජනය කිරීම, බලවත් වරදක් සහ ලබැදියාව පිලිබද ප්‍රශ්නයක් ලෙස සැලකේ.
"වරදක් ඔප්පු වීමටත් පෙර, එවැනි දෙයක් පිළිබඳව ඇතිවන චෝදනා පවා ආයතනයකට දැඩි හානියක්. අධිපතිවරයා ක්‍රියා කරන්නේ රටේ ආර්ථිකයේ යහපතට මිස, තමන්ගේ පෞද්ගලික වාසියට නොවන බවට මහජනතාවට නිරපේක්ෂ විශ්වාසයක් තිබිය යුතුයි," යැයි දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙක් සඳහන් කළේය.
තොරතුරු රික්තකය සහ එහි ප්‍රතිවිපාක
චෝදනාව එල්ල වී දින කිහිපයක් ගත වුවද, නිල ප්‍රතිචාරයක් නොලැබීම ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව ඇත. මහ බැංකු අධිපති වීරසිංහ හෝ මහ බැංකුව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. රජයේ කිසිදු ජ්‍යෙෂ්ඨ දේශපාලන අධිකාරියක් අධිපතිවරයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී නැත. පාලනයේ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින ආර්ථික විශ්ලේෂණ ආයතන ද මේ සම්බන්ධයෙන් පුදුම සහගත ලෙස නිහඬව සිටී.
මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ, ඉහළ කළමනාකාරීත්වයේ මෙම නිහඬතාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර දැඩි කම්පනයක් සහ කනස්සල්ලක් ඇති කර ඇති බවයි. ඔවුන් ආයතනයේ දේශීය සහ ජාත්‍යන්තර කීර්තිනාමයට සිදුවිය හැකි හානිය පිළිබඳව බියෙන් පසුවන බවද වාර්තා වේ. ඒ, මෙවැනි චෝදනා නිසා ඉතිහාසයේ කුරිරු අත්දැකීම් නිසාවෙනි.
නීතිමය උපක්‍රම සහ මහජන විශ්වාසය
චෝදනාවට පදනම් වී ඇත්තේ ඔහු විසින්ම ප්‍රකාශයට පත් කළ තොරතුරු නිසා, ඊට සෘජුව පිළිතුරු දීමෙන් වළකින ලෙස අධිපති වීරසිංහට නීති උපදෙස් ලැබී ඇතැයි ද වාර්තා වේ. මෙය දේශපාලනික වාදයකට පැටලීමෙන් වැළකීමට ගන්නා උපාය මාර්ගයක් විය හැකි වුවත්, විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි තනතුරක් දරන ප්‍රධානියෙකුට එය මහජන සම්බන්ධතා අතින් ඉතා දුර්වල ක්‍රියාමාර්ගයක් බවයි. ඊයේ ඔහුට ලැබුනු බොහෝ දුරකථන ඇමතුම් වලට ඔහු සවන්දීමෙන් වැළකී ද ඇතැයි වාර්තාවේ. ඒ අතර ඔහුට හිතවත් බෝහෝ අයද සිටිති.
ඒ අතර, ජනමාධ්‍යවේදින් කිහිපදෙනෙකු මහ බැංකුවෙන් මේ පිලිබදව, තොරතුරු ඇසූවිට, මහ බැංකු නිලධාරීන් පවසා ඇත්තේ, ආයතනය මේ පිලිබද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉතා ඉක්මනින් කරනු ඇති බවය.
මෙවැනි චෝදනාවක් ඔප්පු කිරීමට හෝ නිවැරදි බව පෙන්වීමට, විශේෂඥයින් කරන්නේ ආණ්ඩුකාරවරයා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත් දිනයන්, මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීම් සහ පොලී අනුපාත වෙනස් කළ දිනයන් සමඟ සසඳා බැලීමයි. යම් හෙයකින්, විශාල ආයෝජනයක් සිදු කර ඇත්තේ, අනපේක්ෂිත නමුත් වාසිදායක පොලී අනුපාත තීරණයකට ආසන්නයේ නම්, එය බරපතල සැකයක් මතු කරයි.
"විනිවිදභාවය යනු මෙවන් චෝදනාවකට දිය හැකි එකම සාර්ථක පිළිතුරයි. නිවැරදිම ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයෝජන දිනයන් ප්‍රසිද්ධ කර, ඒවා වරප්‍රසාද ලත් තොරතුරු මත සිදු නොවූ බව පෙන්වා දීමයි. නිහඬව සිටීමෙන් සිදුවන්නේ සැකය තව තවත් වර්ධනය වීම සහ මහජන විශ්වාසය බිඳ වැටීමයි," යැයි මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂඥයෙක් පැවසීය.
මේ අතර, විමල් වීරවංශ මෙම කාරණය සම්බන්ධයෙන් තවත් හෙළිදරව් කිරීම් වටයක් සඳහා සූදානම් වන බවට වාර්තා වේ. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ ඉලක්කය ආයතනයක් ලෙස මහ බැංකුව නොව, පුද්ගලිකව ආචාර්ය වීරසිංහ බවයි.
කෙසේ වෙතත්, නිල නිහඬතාව දිගින් දිගටම පැවතීම නිසා, පුද්ගලයා සහ ඔහු නායකත්වය දෙන ආයතනය අතර වෙනස මහජනතාවගේ ඇස් හමුවේ භයානක ලෙස බොඳ වෙමින් පවතී.
මේ අතර, ජාතික නිදහස් පෙරමුන, ආචාර්ය වීරසිංහ මහතාට විරුද්ධව, අපරාධ පරික්ශන කොට්ටාශයත්, ඉන් පසුව අල්ලස් සහ දූෂණ කොමිසමටත් ස්වාධීන පරීක්ෂණයකට ඉල්ලීම් කිරීමට සුදානම් බවට, පක්ෂ ආභයන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වටා ගොඩනැගී ඇති ආන්දෝලනයේ නවතම අවධානය, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත දැඩිව යොමු වී තිබේ.
සැප්තැම්බර් 28 වන දින විමල් වීරවංශ විසින් අධිපතිවරයාට එරෙහිව බරපතල චෝදනා එල්ල කර මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී ඇත. එතැන් සිට වීරවංශ අවස්ථා කිහිපයකදීම තම චෝදනා නැවත නැවතත් ප්‍රකාශ කරමින්, තවත් හෙළිදරව් කිරීම් සිදු කරන බවට පොරොන්දු වී තිබේ.
එසේ තිබියදීත්, ආචාර්ය වීරසිංහ සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන දෙපාර්ශවයම කිසිදු පැහැදිලි කිරීමක් නොකර දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රටේ ප්‍රධාන මූල්‍ය ආයතනයෙන් මෙලෙස දීර්ඝ කාලයක් ප්‍රතිචාර නොලැබීම, මේ වන විට පුළුල් කතාබහකට සහ සැක සංකා මතුවීමට හේතු වී ඇත.
මෙම ආයතනික නිහඬතාව හේතුවෙන්, විපක්ෂයේ ආර්ථික කරුණු පිළිබඳ වඩාත්ම ප්‍රබල හඬ නගන හර්ෂ ද සිල්වා වෙත අවධානය යොමු වී තිබේ. වීරවංශ දැන් මුදල් කාරක සභාවේ සභාපතිවරයාට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග හෙළි කරයි. ඔහුගේ පක්ෂය තුළ මේ පිළිබඳව අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
මහජන විශ්වාසයට ඉතා තීරණාත්මක කාරණයකදී, පාර්ලිමේන්තුවේ ප්‍රධාන මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයේ නායකයා, තමා නිරන්තරයෙන් පෙනී සිටින විනිවිදභාවය ඉල්ලා නොසිටින්නේ මන්දැයි ප්‍රශ්න කිරීම මෙහි අරමුණ බව පැවසේ.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.82 දක්වා ඉහළ ගොස් තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම යටතේ නිසි ලෙස ගනු දෙනු වාර්තා නොකළ ආයතන හතකින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ වසරේ (2025) ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන නවයයි දශම පහක් (රු. 9,500,000.00) ලෙස වාර්තා වේ.
වර්තමාන වෛද්‍ය විද්‍යාවේ රෝග විනිශ්චය සඳහා X-ray, CT scan, සහ MRI වැනි විකිරණ පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. නමුත්, ඇතැම් රෝහල් පටු ලාභ පරමාර්ථ කරගනිමින්, නිසි වෘත්තීය සුදුසුකම් නොමැති පුද්ගලයින් මෙම පරීක්ෂණ සඳහා යොදවන බව නිරීක්ෂණය වී ඇත. මෙය ඔබේ ජීවිතය දැඩි අවදානමකට ලක් කරන ක්‍රියාවකි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ණය යෝජනා ක්‍රමයේ පළමු ණය නිදහස් කිරීම මහජන බැංකුව ආරම්භ කරයි.
මහන්තත්ත්වය පසෙක තබා වෘත්තිය සමිතිවලට සහ වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන ලෙසත් පාතාලයේ කණ්ඩායම් මිනිසුන් ඝාතනය කිරීම වැළැක්වීමට වැඩපිළිවෙළක් යොදන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කළේ ය.
ඡායාරූපයේ සුදු පැහැ කමිසයකින්සැරසී සිටින්නේ මහ දිසාපති උඩවත්තය
පසුගියදා මහනුවර කච්චේරියේ ගංවතුර සහ නාය යාමේ ආපදාව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 2500 කට පමණ ජිවිත අහිමි වන බවත් එම සංඛාව මෙන් දස ගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන බවත් අමාත්‍යංශයේ සඳහන් කරයි.
සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී 2030 වසර වනවිට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 2020 වසරට සාපොක්ෂව සියයට 50 කින් අඩු කර ගත යුතු වන අතර, එය අභියෝගාත්මක ඉලක්කයක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ “ගෝල්ෆේස්” හෝටලයේ දී හෙට (17) පැවැත්වීමට නියමිතය.
(අංජුල මහික වීරරත්න - lankadeepa)
දේශපාලන ඉතිහාසයට වඩා සංස්කෘතික ඉතිහාසය පුළුල් ය; විචිත්‍ර ය. එය ලිවීම ද ප්‍රසාද සිත් උපදවයි. අද ලියන්නේ අප රටේ සම්ප්‍රදායික සංගීතය, නර්තන කලා ආදිය ශාස්ත්‍රීය පදනමක් මත හැදෑරීමේ පදනම හඳන්වා දුන් සංස්කෘතික බුද්ධිමය පුරෝගාමියා වූ මහවලතැන්නේ බණ්ඩාර ගැන ය.
මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (මහනුවර ප්‍රදේශයේ) නිසි අනවසරයෙන් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පරිසර අංශවල විශේෂ අවධානය යොමුව ඇත.
මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු නිවේදනය තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර තිබේ.
භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉතාම නිර්ලජ්ජිත ලෙස සංඝ සමාජය හෑල්ලු කරමින් ඉන්නවා. භික්ෂුවක් යනු කායික, වාචික හා චිත්ත හික්මීමකට ලක්වුණ සහ එවැන්නක් දිගින් දිගටම පවත්වාගෙන යා යුතු පිරිසක්. ඔවුන් අනුගමනය කළ යුතු විනය රීති 227 ක් විනය පිටකයේ තිබෙනවා.
මහා පරිමාණ මෝල්හිමියන් කීරි සම්බා සහල් තොග සැඟවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ අද වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ගොවීන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය පවසයි.
ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් රජය කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීම හරහා වෙනත් මාෆියාවක් ද නිර්මාණය වන බවය.
දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් සහ පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවිය පිළිබඳව සති කිහිපයක සිට තොරතුරු වාර්තා වේ.
මෙවන් පසුබිමක දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවිකරන බවට තොරතුරු වාර්තා හෙයින් කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ අනුව පසුගිය 15වනදා සිට මාසයක කාලයක් තුළ එක් ආනයනකරුවෙකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව පොන්නි සම්බා ආනයනය කිරීමට අවස්ථාව උදාවේ.
රටේ මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති අනුර දිසානායක මහතා ගේ යටතේ තිබෙන මහා භාණ්ඩාගාරයේ සිදුව තිබෙන මූල්‍ය අපරාධය පිළිබඳ ජනතාවට හෙළිදරව් කිරීම ගැන ශිරාල් Shiral Lakthilaka ලක්තිලක මහතා සහ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයට මහජනයා ගේ ස්තුතිය හිමිවිය යුතු ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

