#newstube

  • රජයේ වෛද්‍යවරුන්ගේ දැඩි ක්‍රියාමාර්ග අද සිට

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.

  • රජවරු මධ්‍ය කඳුකරයේ වැව් හැදුවෙ නැත්තෙ ඇයි...?

    අතීතයේ විසූ රජවරු පවා මධ්‍ය කඳුකරයේ වැව් ඉදි නොකළ බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • රජිත හිරාන් (පිං පොං) ගේ  ආසන සංවිධායක ධුරය පිළිබඳ අලුත් ම පුවත

    රංගන ශිල්පි රජිත හිරාන්ට (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පැවසී ය.

  • රට අන්තරාදායක තත්ත්වයකට පත්වුණේ ඇයි? - සජිත් කරුණු පැහැදිලි කරයි

    2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...



    2028 මුහුණ දීමට නියමිත අභියෝගය පිළිබඳව අවබෝධයක් අපිට තිබෙනවා


    ''සමගි ජන බලවේගය ජනතාවගේ දුක කඳුළ වේදනාව ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගන්නා ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු යි. ලක්ෂ 220ක් අප රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකක දී රැවටුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වුණා. 2024 ජනාධිපතිවරණයේ දී බොරුව සහ මුලාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණා. 2028 රට මුහුණ දීමට නියමිත අභියෝගය ගැන හොඳ අවබෝධයක් අපිට තිබෙනවා. 2028 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට සිදුවෙනවා. එය සිදු කිරිම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් විය යුතු යි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක, සේවා ආදී සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් සිදුවිය යුතු යි.

     එසේ කළහොත් පමණක් 2028 සිට ණය ගෙවීමට හැකි වුනත් මේ යන වේගයට ගියොත්, මේ යන ආකාරයට ආර්ථිකය වර්ධනය නොවුනහොත් ලැබිය යුතු සෘජු විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම්, ණය ගෙවිය නොහැකිව නැවත වරක් බංකොලොත් වෙනවා.


    මේ රජයත් පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා


    පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම ගැන උපදෙස් දුන් ආර්ථික උපදේශකවරු කියන ආකාරයට මේ යන ක්‍රමයට නම් ණය ගෙවන්න බැරි බව කියනවා. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබිය දී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ. පසුගිය රජය ගිය ගමනම වත්මන් රජයත් යනවා. මේ රජයට ජනාධිපති පුටුව 159ක බහුතරයක් තියාගෙන, පළාත් පාලන ආයතනවල බහුතරයක් තියා ගෙන තවමත් පසුගිය රජයේ ගිවිසුම ම අනුගමනය කරමින් යනවා. පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා.

    2028 දී ණය ගෙවන්න බැරි වුවහොත් 'බංකොලොත්' යන නාමය රටට ලැබෙනවා. අයි. එම්. එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි කියද්දීත් 2028 ණය ගෙවන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු යි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැවටිල්ල බොරුව පමණයි.''

    මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න ඇතුළු දේශපාලන නායකයන් රැසක් එක්වූහ.

     
     
  • රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට හෝ බිරිඳට - නාමල් රාජපක්ෂ

    සාමාන්‍ය වහරින් පවසනවා නම් රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට, බිරිඳට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා - දමිත වික්‍රමසිංහ (වීඩියෝ)

    රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.

    'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි  මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.

    ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.

    ඔහු තවදුරටත් මෙසේද පවසයි.


    ''අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්''


    ''රටක තරුණ පරම්පරාව සැබෑ දේශපාලන දැනුමකින් සහ අවධානයකින් සිටිය යුතු බවයි මගේ යෝජනාව. එහෙම නැති වුනොත් මේ NPP Srilanka ආණ්ඩුව බලයට ගේන්න කියපු රොකට් පව, බල්ලොන්ගේ රත්තරං මාල පච, තෙල් මිල කොමිස් නැති කරලා රුපියල් 160 කින් අඩු කරනවා වගේ පච වලට අහුවෙන්නේ. එහෙම උනාම තමයි මේ වගේ වැඩ බැරි JVP Srilanka සෙට් එකකට බලය යන්නේ.

    අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්. 1950 දි ආයු කාලය අවුරුදු 50 අද වෙනකොට අවුරුදු 73 යි. සාක්ශරතාවය 60% ඉදන් අද වෙනකොට 95% යි. මේ ජයග්‍රහණ ලබා ගත්තෙත් ජවිපේ සහ එල්ටීටීයී අරගල තුලින් රටට නැති කරපු ඩොලර් බිලියන 200 ක වත්කම් හානියත් එක්ක.

    සැකයක් තියාගන්න එපා අපි Namal Rajapaksa එක්ක මේ රට හදනවා...'




     
  • රට ගොඩ නගන්න චීනයෙනුත් සහතිකයක්

    සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් ( Wang Junzheng) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පැවසීය.

  • රට ගොඩ නගන්න රවී ගෙන් අපූරු යෝජනා කිහිපයක්

    රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්, මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක පවසයි.

  • රට තුළ එකඟතාවක් නොපවතින්නේ නම් සිදුවන්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

    යුරෝපයේ ස්ථාවරත්වය පැවතියේ ඇමරිකාවේ ආරක්ෂක වැඩ පිළිවෙළ මත බැවින් ඇමරිකාව මේ වන විට යුරොපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා යම් මිලක් ගෙවිය යුතු බව පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය

  • රට තුළ දියවැඩියා තුවාල සහිත රෝගීන් ලක්ෂයක්

    තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

  • රට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය යි - මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු

    යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බවට මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අත් ඔසවා එකඟතාව පළ කළ අයුරු


    මෙරට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බව මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති.

    ඔවුහු එලෙස පැවසුවේ පසුගිය 22වන දින මහනුවර දී පැවැති ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද බහුපාර්ශවීය කමිටුවක් මගින් කෙටුම්පත් කළ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත (Zero draft) පිළිබඳව මධ්‍යම පළාතේ ජනමාධ්‍ය වේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වැඩසටහනට සහභාගි වෙමිනි.

    මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි; ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දායකත්වය ද හිමිව තිබිණ.

    ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය අනාගතවාදී අවශ්‍යතාවක් බවත් කෙටුම්පත් කර ඇති ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් සංවර්ධනය කරමින් මෙරට ජනමාධ්‍යකරණයෙහි මාර්ගෝපදේශ ලියවිල්ල බවට පත්කර ගත යුතු බවත් වැඩසටහනට එක්වූ මාධ්‍යවේදීන් හා සිවල් සංවිධාන ක්‍රියාකාරිහූ ඒකමතිකව තීරණය කළහ.

    ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යැයි කියන මතයේ සිට මෙරට ජනමාධ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු බවට යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පසුගිය කාලය තුළ ඉදිරිපත් කරනු ලැබිණ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාවලිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුණු සමග යම් දුරකට සමපාත වන බැවින් අදාළ කෙටුම්පත වඩාත් පුළුල් සහ සාරගර්භ එකක් බවට පත් කිරීම සඳහා දිවයිනේ පළාත් කිහිපයක මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හමුවී අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසී ය.

    මෙම අවස්ථාවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන සුනිල් ජයසේකර, සී. දොඩාවත්ත, ආනන්ද ජයසේකර, ශාන් විජේතුංග යන අය ද සහභාගි වූහ.


    WhatsApp Image 2025 09 23 at 10.34.50 35153de0
     (අසේල කුරුළුවංශ)

  • රට නගන්න මහජන බැංකු විශ්‍රාමික සංගමයෙන් ලක්ෂ 45ක්

    රට ගොඩනඟන අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

  • රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

  • රට රැකියාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්

    විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දී විවෘත කර තිබේ.

    විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මෙම කවුලුව විවෘත කර ඇත.

    මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදු කරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති  ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

     

    (Ada derana.lk)

  • රට වටා පාපැදි සවාරිය අද මහනුවරින් ආරම්භ වේ

    Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරින් අවසන් විය.

  • රට, ජාතිය, ආගම පවාදී හෝ දේශපාලන බලය රඳා පවත්වාගන්නා දේශපාලනයක් අපිට අවශ්‍ය නෑ - නාමල් රාජපක්ෂ

    මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොනැගිය යුතු බවත්, අවස්ථාවාදී දේශපාලනය තුළ තමන් ගේ රට ජාතිය ආගම පවාදී හෝ තමන්ගේ දේශපාලන බලය රඳා පවත්වාගන්නා දේශපාලනයක් තමන්ට අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • රටක් පාලනේ කරද්දී අවංකකම විතරක් මදි...

    ඔය ප්‍රාදේශීය සභා වගේ ඒවාගේ සභාපතිකමට පත්වෙන සමහර අම්බරුවෝ ඉන්නවා නේද, උං හිතාන ඉන්නේ ඒ ඒරියා එකේ රජතුමා උං කියලා.

  • රටට ප්‍රාග්ධනය ගලා ඒම වළක්වන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්

    රට තුළට ප්‍රාග් ධනය ගලා ඒම වළක්වන්නේ මේ වන විට මෙරට සිටින ප්‍රධාන පෙළෙහි ව්‍යාපාරිකයින් දහදෙනකු පමණක ගේ එකතුවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • රටට, ජනතාවට, ව්‍යාපාරිකයන්ට හිතැති IMF ගිවිසුමක් සඳහා යොමු වන්න - සජිත් ප්‍රේමදාස රජයට අවධාරණය කරයි

    මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් බද්ද ඉවත් කරන්නේ කරන්නේ ඇයි ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමිනි.

    එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා...

    ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු

    ''සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු යි. තනි පුද්ගලයන් ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු යි. අදටත් ක්ෂුද්‍ර ආර්ථිකයේ පුද්ගලයා ජන ප්‍රජාව ගෘහ එකක මත පීඩනයක් පවතිනවා. මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් එක අයින් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. මැතිවරණයේ දී පොරොන්දු වු ආකාරයට නව IMF ගිවිසුමකට ගියා නම් අපනයන හිතකාරී එස් වැට් එක තබා ගත හැකි වුවත් අද එය ඉවත් කරනවා. එස් වැට් හරහා අපනයනකරුවන්ට මුදල් ප්‍රවාහ ගැටලු ලිහිල් කරනවා. ලියාපදිංචි එස් වැට් සහභාගීවන්නන් අතර සැපයුම් කිරීමේ දි එකතු කළ අගය මත බදු අත්හිටුවනවා. මෙය අපනයන හිතකර තත්ත්වයක්. අපනයන ප්‍රවර්ධනය වෙනවා.

    සැපයුම්කරුවන්ගෙන් වැට් අය කරනවා වෙනුවට එස් වැට් බදු ඉන්වොයිස් එකක් නිකුත් කිරීමක්. අපනයනකරුවන් ගැන කැක්කුමක් ඇත් නම් IMF කොන්දේසි මත මේවා ඉවත් කරන්නේ ඇයි? මෙහි අහිතකරභාවය වන්නේ අපනයන කරුවන් තුළ මුදල් ප්‍රවාහ ගැටලුවක් නිර්මාණය වීමයි. ඒපමණක් නොවෙයි: ප්‍රමාදවීම් සිදුව, කාලය මිඩංගු වී, කාර්යක්ෂමතාව අඩුවී , පරිපාලන වියදම් වැඩි වී, අපනයන ක්ෂේත්‍රයේ තරග කරන්න ඇති රටවල් මේ ප්‍රශ්නයේ දී වේගවත්ව කටයුතු කරන නිසා අප රටට අවාසියි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු පවා නිර්මාණය වෙනවා.


    කාර්තු දෙකක ආර්ථික වර්ධන ඉලක්ක අභිභවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්

    IMF එක 2024 ජුනි මාසයේ වැට් අනුකූලතාව සහ බදු එකතු කිරීමේ අරමුණින් කියා කොන්දේසියක් පනවා තිබෙනවා. කාර්තුවක් පාසා ලබා දෙන ඩොලර් බිලියන 2.9 සඳහා කොන්දේසි දමා තිබෙනවා. මේ නිසා අප රටේ අපනයකරුවන් බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. අවසාන මොහොතේ හෝ IMF සමග සාකච්ඡා කර එස් වැට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඩිජිටල්කරණය සම්පූර්ණ වන තුරු මෙය කල් දමා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

    පසුගිය කාලයේ රට බංකොලොත් වීම නිසා 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන්වත් IMF කියන පදයට නටන්නේ නැතිව කටයුතු කරන්න. එසේම ඇමතිවරයා ඉදිරිපත් කළ සුබවාදී තොරතුරු මත කිසිම අවස්ථාවක කුහක‌ දේශපාලනයේ නිරත වෙන්නෙ නැහැ. කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්. නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරනවා. පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට ගියා නම් 2033 සිට ණය ගෙවන්න පුළුවන්.


    දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි

    ආයතන ගණනාවක් අප රටේ දළ වශයෙන් සියයට 50ක් විවිධ දරිද්‍රතාවෙන් පෙළෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන සහ ආයෝජන දරිද්‍රතාවෙන් පෙළෙනවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොඳ වුනත් අස්වැසුම නිසා දුප්පත්කම නැති වෙන්නෙ නැහැ. එය හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගත් දෙයක්. අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම නැහැ. මෙය දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට පාරිභෝජනය සඳහා මූල්‍ය ශක්තියක් ලබා දීම පමණක් නිසා රටට දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි.''


  • රටම එකට එක්විය යුතු වැඩසටහනක් !

    විස මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් වෙනු­වෙන් රටම එකට එක් විය යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ප්‍රකාශ කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න