මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාරට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසක ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.
ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.
කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.
මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක් - lankadeepa)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් පත්කර තිබේ.
එච්.එම්.සී.පී. හේරත් මීට පෙර කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී සිදුකර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවශයෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත පොලිස් ක්ෂේත්‍ර බලකායේ වැඩබලන අණදෙන නිලධාරී තනතුරට මාරු කර යැවීමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුව සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් පත්කර ඇත.
පොලිස් සහතික ලබාදීමට මාලිමාවේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලා සිටීම බරපතල කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහ අංක 05 කඩ කළ පොලිස්පතිවරයා වහා තනතුරෙන් ඉවත් කරන්නැයි නව ජනතා පෙරමුණ ඉල්ලා සිටියි.
පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කිරීමට අධිකරණ කොමිෂන් සභාව තීන්දු කර ඇත.
පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට එරෙහිව තමා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රකාශ කරයි.
රනිල් වික‍්‍රමසිංහට අදාළ නඩුව අද (ජනවාරි 28) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතව ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත සංවේදී තොරතුරු යූටියුබ් මාධ්‍යකරුවන්ට ලබාදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පහළින් ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල තබා එදින පන්සල් භූමියේ තැන්පත් කළ බුදු පිළිමයට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු වූ බවත්, බුදු පිළිමය ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කරන්නේ ආරක්ෂාව තහවුරු කිරීමට බවත් රජය පවසයි.
පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
මාතර දුම්රිය පොල ඉදිරිපිට දී පාසල් සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සිසුන් දෙදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඊයේ (10) නියෝග කලේය.
පසුගියදා කෝට්ටේ සෝලිස් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති එම පක්ශයේ වෛද්‍යවරුන්ගේ රැස්වීමට සහභාගිවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය තිලිණ දම්සිරිට අද උදෑසන පැවති GMOA විධායක සභා රැස්වීමේදී දැඩි විරෝධයක් එල්ලවී ඇත.
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පෝලන්ත බලධාරීහු අද (17) එරට ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත්හ.
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.
ජනවාරි මස 1වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර ඇත.
උත්සව සමයෙන් පසු ජනතාවට සිය දෛනික රාජකාරී සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් අද (16) සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අදාළ බලධාරීන් ප්‍රකාශ කරයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ.
බංග්ලාදේශ ඇඟලුම් කම්හලක සහ ඊට ආසන්නයේ පිහිටි රසායනික ද්‍රව්‍ය තැන්පත් කළ ගබඩාවක ඊයේ (14) හටගත් ගින්නකින් 16 දෙනකු ජීවිතක්ෂයට පත් විය. අනතුරින් තවත් පිරිසක් තුවාළ ලබා සිටිති. මිය ගිය පුද්ගල සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු අනතුරු අඟවති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඇඟලුම් කම්හලේ දෙවන සහ තෙවන මහල් වෙතින් දැවී ගිය මළ සිරුරු හමු වූ බව එරට ගිනි ආපදා සේවය පවසයි. මිය ගිය තවත් පුද්ගල මළ සිරුරු සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
එරට ධකා අගනුවර තදාසන්නයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලකින් යුත් ඇඟලුම් කම්හලක ගින්න හටගෙන තිබිණි. පසුව, එය අසල වූ රසායනික ගබඩාවක් වෙත ද පැතිරුණු බව වාර්තා වේ. පැය තුනකට ආසන්න මෙහෙයුමකින් අනතුරුව ගින්න පාලනය කළ බව ගිනි ආපදා සේවය පැවසීය. ඇඟලුම් කම්හල හෝ රසායන ගබඩාව සතුව ගිනි ආරක්ෂණ සහතික නොපැවති බවට ද වාර්තා වේ.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් (Muhammad Yunus) සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පල කර සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/15/2025
Bangladesh garment factory fire kills 16, toll may rise
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

