නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, අප්‍රේල් 02 ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය
පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.
මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ මෙය ඇති වූ අතර, එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් විය.
භූ කම්පනය ඇතිවීමෙන් පසු සෙබු නගරයේ විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදුවිය.
මේ වනවිට තැන් තැන්වල මාර්ග ඉරිතලා ඇති අතර, පාලම් සහ මාර්ගවලටද දැඩි අලාභහානි සිදුව ඇත.
එරට බලධාරීන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම් මෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු තවමත් සිදුකරමින් සිටී.
භූ කම්පනයේ බලපෑම් එල්ල වූ සෙබු නගරය තුළ මිලියනයකට ආසන්න ජනගහනයක් ජීවත්වන බව සඳහන්.
පිලිපීනය භූ කම්පන මෙන්ම ස්වාභාවික විපත්වලට නිරන්තරයෙන් ගොදුරුවන රටක් වන අතර, වසරේ විවිධ කාලවලදී ඒ සඳහා එරට ජනතාවට මුහුණදීමට සිදුවේ.
අවසන්වරට 2023 එරට මින්ඩනාඕ හි නැගෙනහිර වෙරළ තීරයට රිච්ටර් මාපකයේ 7.6ක භූමිකම්පාවක් ඇති වූ අතර, ඉන් ගැබිනි කාන්තාවක් ඇතුළුව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
2022 වසරේ වයඹදිග ලුසොන් හි කිලෝමීටර් 15ක් අභ්‍යන්තරයෙන් රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින්ද පුද්ගලයින් 11කට දිවි අහිමිවිය.
2019 වසරේ මින්ඩනාඕ රිච්ටර් මාපකයේ 6.5ක භූමිකම්පාවක් ඇති වූ අතර, එවර 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
2013 වසරේ බොහොල් දූපත අසල රිච්ටර් මාපකයේ 7.2ක භූමිකම්පාවක් ඇති වූ අතර, එවර 200කට වැඩි පිරිසක් මියගොස් 1,000කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
පිලිපීනය මෑත ඉතිහාසයේ බිහිසුණුම භූමිකම්පාවට 1976 වරේ දී මුහුණ දී ඇති අතර, මොරෝ ගල්ෆ් හි සිදුව ඇති රික්ටර් මාපකයේ 8.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 5,000ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මුලාශ්‍රය :
State of calamity in Philippines province as earthquake kills 69
Powerful Philippines earthquake leaves at least 69 people dead
පිලිපීනයේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වූ මහා පරිමාණ දූෂණ වංචාවකට එරෙහිව දහස් සංඛ්‍යාත ජනතාවක් අද (21) මැනිලා අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටිති.
විශේෂයෙන්ම ගංවතුර පාලන ව්‍යාපෘතිවලට අදාළව විශාල කොමිස් මුදල් දේශපාලකයින් සහ ඔවුන්ගේ හිතවතුන් සාක්කුවේ දමාගෙන ඇති මහජනතාව චෝදනා එල්ල කරති. මේ අනුව එරට මහජන අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පුළුල් ජනතා විරෝධයක් නිර්මාණය වී තිබේ.

මෙම විරෝධතාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ වංචාවට සම්බන්ධ වූවන් වගවීමකට ලක්කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමයි. ආපදා අවදානම ඉහළ ප්‍රජාවන්ට වෙන්කළ අරමුදල් දූෂිත ක්‍රියා හේතුවෙන් අහිමි වීම පිළිබඳව උද්ඝෝෂකයෝ සිය බලවත් විරෝධය පළ කරති. මැනිලා නුවර රිසාල් උද්‍යානය එඩ්සා හි පිහිටි ජනතා බල ස්මාරකය උද්ඝෝෂණවල ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති අතර රට පුරා අනෙකුත් නගරවලද විරෝධතා ක්‍රියාත්මක වේ.
ඕනෑම ප්‍රචණ්ඩකාරී තත්වයක් වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව සීරුවෙන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ මගහරින ලෙස එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන් සඳහා සංචාරක අවවාද නිකුත් කර තිබේ.
මෙම විරෝධතා දිනය, මීට වසර 53කට පෙර පිලිපීනයේ යුද නීතිය ප්‍රකාශයට පත්කළ දිනයට යෙදී තිබීමද සුවිශේෂී වන අතර එමගින් යුක්තිය සහ පාලනයේ විනිවිදභාවය සඳහා වන ඉල්ලීමට ඓතිහාසික සංකේතයක් එක්කර ඇත.
වංචාවට හවුල් වූ සියලු දෙනාට එරෙහිව නඩු පවරා දඬුවම් ලබා දිය යුතු බවත් අනාගතයේ මෙවැනි මහා පරිමාණ වංචා වැළැක්වීම සඳහා ශක්තිමත් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවත් විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් අතර වේ.

ආපදා සහන සහ යටිතල පහසුකම් සඳහා වෙන් කෙරෙන අරමුදල් පරිහරණයේදී රජය පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවත් දූෂණය සහ අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට යුක්තිය ඉටුකළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
The leader.lk
මුලාශ්‍ර :
Protesters flood streets of Philippines over state corruption
Dozens arrested and hurt in clashes with police near Philippine presidential palace
Police clash with anti-corruption protesters in the Philippines
තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී කර්මාන්තකරුවන් පාරිසරික වගකීම් ඉටු කිරීම ඇගයීමට ලක් කළ යුතු බවත් නීති රීති අනපනත් මගින් සිදුකළ නොහැකි බොහෝ දෑ සාමූහික වගකීම තුළ ඉතා සාර්ථකව ඉටුකළ හැකියාව පවතින්නේ යැයි ද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
ඉන්දියානු රංගන ශිල්පිනියක් වන සායි පල්ලවී (Sai Pallavi) ඇගේ සහෝදරිය වන පූජා කන්නන් සමඟ වෙරළ තීරයක නිවාඩුවක් ගත කරමින් සිටියදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළවීමත් සමඟ එම ඡායාරූප සම්බන්ධයෙන් ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම ඡායාරූප අතර සායි පල්ලවීගේ සහෝදරිය වන පූජා, වෙරළේ විවේක ගන්නා ආකාරය, ඔවුන් දෙදෙනාගේ සමීප සෙල්ෆි ඡායාරූප සහ සායි පල්ලවීගේ ඡායාරූප කිහිපයක් ද ඇතුළත්ව තිබුණා.
ඒ අතර සායි පල්ලවී පිහිනුම් ඇඳුමකින් සිටින ඡායාරූප කිහිපයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වෙමින් තිබෙනවා.

මෙලෙස විවේචනය කරන පුද්ගලයින් සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටින සායි පල්ලවීගේ ප්‍රතිරූපයට මෙය හානියක් බවයි.
කෙසේවෙතත්, නිතේෂ් තිවාරිගේ රාමායන චිත්‍රපටයේ සීතාගේ චරිතයට රංගනයෙන් දායක වන සායි පල්ලවී, පිහිනුම් ඇඳුම් ඇඳ සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කිරීම පිළිබඳව ඇතැම් පිරිස් දැඩි ලෙස ඇය විවේචනයට ලක් කර තිබෙනවා.
එමෙන්ම බොහෝ රසිකයන් සායි පල්ලවී හට සහය පළ කරමින් පවසන්නේ, වෙරළ තීරයක නිවාඩුවක් ගත කරමින් සිටිනා විට මෙවැනි ඇඳුමක් ඇඳීම වරදක් නොවන බවයි
මේ සම්බන්ධයෙන් සායි පල්ලවී මෙතෙක් කිසිදු අදහසක් පළ කර නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් මේ වන විට ඇයගේ සහෝදරියගේ ඉන්ස්ට්‍ර්ගෑම් පිටුවෙන් සායි පල්ලවී පිහිනුම් ඇඳුමෙන් සැරසී සිටින අදාළ ඡායාරූප සියල්ල ඉවත් කර තිබෙනවා.
(news19.lk)
Sai Pallavi trolled for wearing swimsuit, because saree girl can't be a beach babe
Actor Sai Pallavi trolled for wearing swimwear at beach, fans defend her
'Ramayana' Actress, Sai Pallavi Dons Swimsuit During Beach Vacation, Fans Defend Her Over Trolling
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය ( Cancer Early Detection Centre) වසර 20 ට වැඩි කාලයක් නාරාහෙන්පිට, ඇල්විටිගල මාවතේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ රොටරි සමාජයෙහි (Rotary Club) අනුග්‍රහය මගිනි.
වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යළි මතක් කර දීමකි.
හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.
පසුගිය නොවැම්බර් මස 02 සිට 15 දක්වා යුරෝපයේ පැවති ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සංගමය (ITTF) මගින් සංවිධානය කරන ලද කනිෂ්ඨ අංශයේ ශ්‍රේණිගත කිරීම් තරග තුනකට සහබාගී වීමට ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන තාවී සමරවීරට අවස්ථාව හිමි විය.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ ජීවන ගමනට නැවතුම තබා පසුවුන 15වන දාට සිවු වසරක් ගත විය. නවකයින් ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා ගෞරවයෙන් සිහිපත් කරමි.
පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවාවන් අද (20) සිට යළි ආරම්භ කර තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ තේරී පත්ව තිබේ.
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.
‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.
රජයේ සියලු ම රෝහල්වල පවතින සායනික අපද්‍රව්‍ය කළමනාකරණයේ දි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මත එය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කිරීම සහ එමගින් මූල්‍ය වංචාවක් සිදු කළ බව දන්වමින් 'පුරවැසියෝ සංවිධානය' ලේකම් කැළුම් අමරසිංහ ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් බාර දුන්නේ ය.
ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කරුණු වගයක් හොයද්දි දැනගත්ත එකක් ඒකෙ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හිස්වෙලා සෑහෙන්න කලක් තාම අලුතින් කෙනෙක් පත්කරල නැහැ කියන එක.
සමාජ මාධ්‍ය තුළ මෑතක සංසරණය වන දිනිති සහ සංගීත් ගේ මේ රොමෑන්තීය ඡායාරූපය තුළින්, මා පෞද්ගලිකව අත්විඳි ආසන්නතම අත්දැකීමක ප්‍රතිබිම්බය දකිනු ලැබූයේ, සංවේදී හැගීම් කලාපයකට මා තල්ලුකර දමමිනි.
මේ දිනවල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ප්‍රධාන පෙලේ පුවත්පත් සමාගමට කොළඹ දිසා අධිකරණය මගින් රුපියල් තිස් කෝටියක (රුපියල් මිලියන 300කට) දඩයක් නියම කර ඇත.
ඉන්දියාවේ හයිද්‍රාබාද් ඉන්දීය තාක්ෂණ ආයතනයේ අවසන් වසරේ පරිගණක විද්‍යා ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන එඩ්වඩ් නේතන් වර්ගීස්, වසරකට රුපියල් කෝටි 2.5 ක වැටුප් පැකේජයක් සහිත රැකියා අවස්ථාවක් දිනාගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

