අහිංසක බැතිමතුන් සිය ගණනකට දිවි අහිමි කරමින් 2019 වසරේ එල්ල වූ බිහිසුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 7ක් සපිරෙයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකර දැනට වසර හතකි;
රොහාන් ගුණරත්න දුන් අවවාදය නම් ‘මෝඩයින් බලයට පත් කරන්න එපා’ යන්න ය. ඔහු මෝඩයින් කීවේ කාටද? පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බව නොදන්නා කෙනෙක් නැත.
287දෙනකුට ජීවිත අහිමි වූ පාස්කු ප්‍රහාරයට අදට වසර හතක් ගතවන බවත් මිය ගිය අයට සැනසීම ප්‍රාර්ථනා කරන බවත් නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර පැවසී ය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර බවත්, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් රවී සෙනවිරත්න මහතා තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා පවසයි.
උසස් නිලතල කාරක සභාවේදී තමා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෙනෙවිරත්න මහතා මේ බව සඳහන් කළ බව සිය X ගිණුමේ සටහනක් තබවමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ප්‍රහාරයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙසේ සාක්ෂි සැඟවීමට කටයුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිලධාරීන්ට සාක්ෂි වෙනස් කිරීමට සහය දීමද සිදු කර ඇති බවයි.
මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 300කට අධික පිරිසකගේ ජීවිත අහිමි විය.
මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කළ අතර, පසුගිය කාලයේදී එම විමර්ශන අඩාළ කිරීම පිළිබද චෝදනා රැසක් එල්ල විය.
2019 නොවැම්බර් මාසයේදී මේ පිළිබඳ විමර්ශන කළ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් රාජකාරි සදහා රට පුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබූහ.
ඉන් පසු එම විමර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අත්අඩංගුට ගන්නා ලද අතර, මේ වනවිට යළිත් අදාළ විමර්ශන භාරව සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානි අබේසේකර ය.
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ නොකළ යුතු යැයි සිරිල් ගාමිණී පියතුමන් අවධාරණය කරයි.
පැතුම් නිස්සංක වාර්තාගත අයුරින් රැස්කළ මනරම් ශතකය හමුවේ, මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනා ගේ (Super 8) වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වුණි.
මනුෂ්‍යයකු මිය යෑම ඛේදවාචකයක් බව කණගාටුවට කරුණක් වුව ද කිසියම් මනුෂ්‍යයකු මිය නොගිය ද එම පුද්ගලයා සතු සියලු දේපළ සහ ආදායම් මාර්ග අහිමි වීම මිය යෑමට වඩා ඛේදවාචකයක් යැයි මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
මම හිතන්නේ මේ පාර මම ගත්ත පොත් අතර මේ පොත අග්‍ර මාණික්‍යයක්.
ලොව විශාලතම කෞතුකාගාරය වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය වසා දමා තිබේ.
ඒ, එහි සිදුවූ කොල්ලකෑමක් හේතුවෙන් ය.
වෙස්මුහුණු පැළඳගෙන පැමිණි කොල්ලකරුවන් තුන්දෙනෙකු එහි තිබූ වටිනා ආභරණ 9 ක් සොරා ගෙන ගොස් තිබුණි.
1546 දී ප්‍රංශ රාජකීය පවුල වෙනුවෙන් මාළිගාවක් ලෙස ඉදිකළ එය,පොදු කලාගාරයක් බවට පත්කර ඇත්තේ, 1793 වසරේදී ය.
ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවම ඇතුළු නිර්මාණ 35,000 කට වඩා ප්‍රදර්ශනයට තබා ඇති එම කෞතුකාගාරය, භූමි ප්‍රමාණයෙන් පාපන්දු ක්‍රීඩාංගණ දහයකට වඩා විශාලය.
රාජ්‍ය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් පැළවත්තේ සැලසුම් කරන්නේ යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසි ය.
අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා අපේක්ෂිත මුදල මිලියන 424ක් වේ.
වසර 60කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වෙන මෙය 1964 දී ඉදි කර ඇත.
මෙහි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු නැවතුණේ නොබෙල් සාහිත්‍යය තෑග්ග දිනාගෙන අදටත් ලෝකයම කතාකරන ලේඛකයෙක් විදියට.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවත්වූ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන අපහාසාත්මක තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා ඊයේ (27 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියාය.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ, පිඹුරෙකු සමඟ නර්ථනයේ යෙදෙන කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඔබම ඔබේ පියයුරු ආරක්ෂාව සලසාගන්න.
ස්වයං පියයුරු පරීක්ෂාව මේ විදිහට කරගන්න
ලංකාවෙ ස්කොශ් සෙල්ලම් කරන්න යාන්තමට හරි හිතපු කෙනෙක් ඉන්නවා නම් ඔය අනිත් පින්තූරයෙ ඉන්න කෙනාව අදුරනවා...
ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන පියුමි හංසමාලි සතු සමාගමක් විසින් නිෂ්පාදනය කර අලෙවි කරන සුදු කිරීමේ ක්‍රීම් වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයෙකුට නියෝග කර ඇති බව මාධ්‍ය ආරංචි මාර්ග වාර්තා කරයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය විසින් ඊයේ (15) නිකුත් කරන ලද නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන අංශයට යවා ඇත. ක්‍රීම් මිනිස් භාවිතය සඳහා ආරක්ෂිතද යන්න තීරණය කිරීම සඳහා අධිකරණය විශ්ලේෂක වාර්තාවක් ඉල්ලා ඇත.
සෞඛ්‍ය ගැටළු සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන විමර්ශනය කරන දෙපාර්තමේන්තුවෙන්ම විධිමත් ඉල්ලීමක් අනුව මෙය සිදු කෙරේ.
වෙනම නමුත් අදාළ පරීක්ෂණයකදී, හංසමාලි ඇගේ ප්‍රකාශිත ආදායම ඉක්මවා ධනය උපයා ගත් බවට චෝදනා මධ්‍යයේ බලධාරීන් ඇගේ වත්කම් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. විමර්ශනවලදී,කලින් හිටපු ජනාධිපතිවරයෙකුට අයත් රුපියල් මිලියන 80 ක් වටිනා රේන්ජ් රෝවර් රථයක් - රුපියල් මිලියන 148 ක් වටිනා කොළඹ 7 නිවසක් සහ හංසමාලිට සම්බන්ධ බැංකු ගිණුම් 19 ක් ඇතුළුව ඉහළ වටිනාකමක් ඇති දේපළ කෙරෙහි අවධානය යොමු කරන බව වාර්තා වේ.
සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය විසින් කරන ලද පැමිණිල්ලකින් පසුව හංසමාලිගේ මූල්‍ය වත්කම් පිළිබඳ විමර්ශනය ආරම්භ කරන ලදී.
සටහන :
ජාන්වී මූලේ
බීබීසී මරාති
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෑතකදී ආරම්භ වූ බවට බොහෝ දෙනෙකු තුළ වැරදි මතයක් පවතී. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට වඩා බොහෝ පසුපසින් සිටින බව ය.
එහෙත්, කාන්තාවන් 18 වන සියවසේදී පවා ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ.
පළමු කාන්තා ක්‍රිකට් තරගය 1745 ජූලි මාසයේදී එංගලන්තයේදී පැවැත්විණි. කෙසේ වෙතත්, පළමු නිල ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගය 1934 දී පවත්වා ඇත.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මදක් මන්දගාමීව සිදුව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආරම්භ වී තිබේ.
විශේෂයෙන් එක්දින ජාත්‍යන්තර තරගවලදී, කාන්තාවන් පිරිමි ක්‍රීඩකයින්ට පෙර වාර්තා රාශියක් පිහිටුවීමට සමත් වී තිබේ.
ඒ අතරින් ප්‍රමුඛ පෙළේ වාර්තා 10ක් පහත දැක්වේ.
1. එක්දින ක්‍රිකට් තරගයක පළමු ද්විත්ව ශතකය
එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක සම්බන්ධයෙන් ගත් කල, බොහෝ දෙනෙක් සචින් තෙන්ඩුල්කාර්, ග්ලෙන් මැක්ස්වෙල්, විරේන්ද්‍ර සෙවාග්, රෝහිත් ෂර්මා යන පිතිකරුවන් ගැන කතා කරති.
එහෙත්, එක්දින තරගයකදී රැස් කළ පළමු ද්විත්ව ශතකය සඳහා වන වාර්තාව ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක්ගේ නමින් ලියවී ඇති බව ඔබ දන්නවා ද?
ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් ජාත්‍යන්තර එක්දින තරගයක පළමු ද්විත්ව ශතකය රැස් කළා ය
සචින් තෙන්ඩුල්කාර් 2010 වසරේදී ද්විත්ව ශතකයක් රැස් කළ අතර, ඔහු එම දක්ෂතාව දැක්වීමට වසර 13කට පෙර එනම් 1997දී ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කර තිබිණි.
1997 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී, බෙලින්ඩා ක්ලාක් දෙසැම්බර් 16 වන දින ඩෙන්මාර්කයට එරෙහිව පන්දු 155කදී ලකුණු 229ක් රැස් කළ අතර, එයට හතරේ පහර 22ක් ඇතුළත් විය. තරගය මුම්බායිහි MIG ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2. එක්දින තරගකය ලකුණු 400 සීමාව ඉක්මවා යාම
1997 වසරේදී ඩෙන්මාර්කයට එරෙහිව පැවති තරගයේදී, බෙලින්ඩා ක්ලාක්ගේ ද්විත්ව ශතකයේ ආධාරයෙන්, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දු වාර 50කදී කඩුලු තුනකට ලකුණු 412ක් ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
එම කණ්ඩායම පිරිමි හෝ කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ලකුණු 400 ඉක්මවා ගිය පළමු කණ්ඩායම බවට පත්විය.
ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 3කට ලකුණු 412 ක් රැස් කර තිබිණි
පිරිමි කණ්ඩායමක් මෙම වාර්තාවට ළඟා වූයේ, ඉන් වසර නවයකට පසුව ය. එනම් 2006 වසරේදී ජොහැන්නස්බර්ග්හි පැවති එක්දින ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා පිරිමි කණ්ඩායම් ලකුණු 400 ඉක්මවා ගිය අවස්ථාවේදී ය.
එහිදී, පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 434ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකා කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් කඩුලු 9ක් දැවී ලකුණු 438ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ ය.
3. එක්දින තරගයකදී කඩුලු 5ක් දවා ගැනීම
19 වන සියවසේදී පවා එංගලන්තයේ කාන්තාවෝ ක්‍රිකට් ක්‍රීඩා කළහ
එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී බෙටී විල්සන් කඩුලු 11ක් දවා ගත්තා ය.
සජිඩා ෂා
පළමු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර පුහුණුවීම් කරන ක්‍රීඩිකාවක්
එංගලන්ත ක්‍රීඩිකා කැත්රින් බ්‍රන්ට්newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

