#newstube

  • පාපන්දු ආයතනයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා, මුදල් අවභාවිතය හා අනිසි මූල්‍ය පරිපාලනය පිළිබදව විමර්ෂණයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව වෙත පාපන්දු ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු සුනිල් සෙනවීර  පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ඒ මහතා කොළඹදී ඊයේ (30) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මීට පෙර පාපන්දු ආයතනයට තමන් මෙම චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විමර්ෂණයක් ඉල්ලා සිටියත් එය අද දක්වා ඉටු නොවූ බැවින් තමන්ට කේෂ්ත්‍රයෙන්ම බොරු චෝදනා නගන්නන් බවට චෝදනා එල්ල වෙමින් තිබෙන තත්වයක් තුළ අල්ලස් කොමිසමට ගිය බවයි.

    එහිදී සුනිල් සෙනවීර  මෙසේද පැවැසීය.


    ''පාපන්දු සභාපති ජස්වර් උමාර් ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න''



    අප විසින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේ වූ එම සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

    නමුත් අද වෙන කන් ඒ දේවල් ඉටු වුණේ නෑ. දැන් අපිට රටේ පාපන්දු කේෂ්ත්‍රයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඔයාලා බොරු චෝදනා ගෙනල්ලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා කියලා. අපි දැන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ සාධාරණ සුදුසු විමර්ෂණයක් කරලා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා.

    එහෙම නැතිනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරන්න පියවර ගන්න කියලාත් අපි අල්ලස් කොම්සමෙන් ඉල්ලා සිටිනවා.

    "රුපියල් 1,27,75,000 ක් වටිනා පාපන්දු මිලදී ගැනීම, ඇමැරිකානු ඩොලර් ලක්ෂ පහක් රුපියල් ගිණුමකට මාරු කිරීම, සෝලා ශූරතා ලීග ක්‍රීඩා සමාජ ඇදුම් මුද්‍රණය කිරීමේ ගනුදෙණුව, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමේ ගණුදෙනුව ආදී සිදුවීම් කීපයක් පිළිබදව චෝදනා කරමින් ගම්පොල පාපන්දු ලීගයේ හිටපු ලේකම්වරයෙකුද වන සුනිල් සෙනවීර  අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබේ.

    මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දුන් සෙනවීර මහතා පැවැසුවේ තමන්ට එරෙහිව ප්‍රතිපාර්ශව සැගවී නගන දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හැකි නම් එම චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩු පවරන ලෙස ඔවුන්ට අභියෝග කරන බවත්ය.


    ''දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි''


    "මම හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙක්. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් ගැන කතා කර ඉදලා වැඩක් නෑ. දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි. ඒකට හේතුව පාපන්දු ආයතනයේ දූෂණය හා අනිසි මුල්‍ය පරිපාලනයයි.

    අල්ලස් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී සුනිල් සෙනවීර  ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් පැවැති විමර්ෂණ අලලා හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වාර්තාවේ ප්‍රකාශ, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකයේ වාර්තා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක්ද ඇතුළුව ඇමුණුම් ලිපි ගණනාවක්ද බාරදී තිබේ.



    ''නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ''


    මාධ්‍ය හමුව ඇමැතූ හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු හා පාපන්දු ආයතනයේ විනිසුරු කමිටුවේ හිටපු සභාපති ඒ. එම්. යාපා  පැවැසුවේ, දේශීය තරග මාලා වලින් තොර පාපන්දු දියුණුවක් රට තුළ අපේක්ෂා කළ නොහැකි බවත් පාපන්දු ආයතනයේ වත්මන් පරිපාලනය හමුවේ අද වන විට දේශීය තරග මාලා නැත්තටම නැතිවී ගොස් තිබෙන බවයි.

    " අද ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. කතා කරන්න කෙනෙකුත් නෑ. ලීග් ඔක්කොම නිහඩයි. මහ සභාවට එන අය හැමදේටම අත් උස්සලා එළියට එනවා. අපි පාපන්දු ක්‍රීඩාවත් එක්කම හිටපු අය. ඒ නිසා ඒ ගැන නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ."යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    මෙම මාධ්‍ය හමුවට වත්තල පාපන්දු ලීගයේ ලේකම් ජූඩ් ප්‍රනාන්දු  ද සහභාගි විය.

    (නාමල් පතිරගේ)

  • පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පිළිබඳ රනිල් ගෙන් පාඩමක් - රනිල් කොලම

    "අපි ආණ්ඩු බලය ලබා ගත්තත් රාජ්‍ය බලය තවම ලබා ගත්තේ නැහැ,'' යැයි මාලිමාවේ ඇමති ලාල් මහජන රැස්වීමක දී ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ ය. ඒ කතාව ලාල් ගේ ගැලරි චූන් කතාව වගේ එකක් නොවේ. සමස්ත මාලිමාවේ බළලා මල්ලෙන් එළියට පැනීමකි.

  • පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ නඩුව මාර්තු 03වන දා

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද CA (Writ) 109/2026 අංක දරන “රිට්” පෙත්සම පිළිබඳ පළමු විමසුම මාර්තු මස තුන්වෙනි දින  අභියාචනාධිකරණයේ දී සිදුකිරීමට නියමිත ය.

  • පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න වැඩ තහනමකට ලක් කර තිබේ.

  • පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනමට හේතුවු 'රස කතාව' අධිකරණයේදී හෙළිදරවුවන ලකුණු.!

    වැඩ තහනමට ලක්කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ලබන සතියේ නඩු පැවරීමට නියමිත බව වාර්තා වෙයි.

  • පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත්ට අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු සපයයි

    පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගෙන් අද (17) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයට සහ අතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දී ඇත.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට

    ගිනිඅවියක් පෙන්වා සාපරාධී බලහත්කාරය පෑම සහ අයුතු ලෙස ඇතුළුවීම යන චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා වෙතින්  ජනාධිපතිවරයාට පැසසුම්...!

    ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට පත් වූ ඉරාන නාවික කාර්ය මණ්ඩලයක් කඩිනමින් බේරාගැනීම සඳහා ගත් කඩිනම් පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා  ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතිය පළ කර ඇත.

  • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

  • පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ - ඇමති බිමල්

    පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

  • පාර්ලිමේන්තුවත් යටවෙන අවදානමක්

    දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද  යටවීමේ අවදානමක්  මතුව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

  • පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා - රවී කියයි

    ''මම පාර්ලිමේන්තුවේ තනි අලියා .. සමගි, යූ එන් පී දෙක එකට එකතු කරලා අලි ගහනය වැඩි කරගන්නවා...'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

    ඒ සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුකිරීම සඳහා තමාට කළ හැකි උපරිමයෙන් දායකවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

    ඔහු එබව කියා සිටියේ, දිවංගත ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ දීය.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති එම උත්සවයේදී උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමිණ.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ මහාචාර්ය ලලිත් ගමගේය.

    ශ්‍රීමත් ලලිත් ඇතුළත් මුදලි පදනමේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවටවට එක්වෙමින්, ආර්ථික බාධා තියෙන, හැකියාවක් ඇති දරුවන්ට උදව් කිරීම සඳහා හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළ ආකාරය පැහැදිලි කළේය.

    තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා, මේවනවිට ජනතාව තුල රජය ගැන විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන පමණක් බව සඳහන් කළේය.  ''එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තියෙන්නේ, තව අවුරුද්දක් යනකොට මේ තත්ත්වය වැඩි කරගන්න වෙයි'' යයි ඔහු කියා සිටියේය.

    හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ,  IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතු බවයි.

    ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එහි තියෙන වටිනාකම නැති වෙන බව පැවසු මන්ත්‍රීවරයා, ''පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් මේකට විසඳුමක් ලබා ගත යුතුයි'' යයි ද කියා සිටියේය.

    විදුලි බිලියි අඩු කරන්න ආපු ආණ්ඩුවක් විදුලි ගාස්තුව වැඩි කරන්නේ කොහොමද ඒක ප්‍රශ්නයක් යයි ද හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රවී කරුණානායක විමසා  සිටියේය.

     

     



    (Colombo නිරෝෂන්)

  • පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව උත්තර සෙවිය යුතු ප්‍රශ්න 16ක්; මුදල් ලේකම් ඉවත් කිරීම ජනාධිපතිවරයා නිර්දේශ ‍නොකරන්නේ ඇයි?

    භාණ්ඩාගාර මංකොල්ලය අප විසින් අනාවරණය කර අද වන විට පුරා දින 7 ක් ගතවී ඇත.

  • පාරිභොගික අයිතින් සුරුකීමේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගෙන් කරන ඉල්ලීම

    විපතටපත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිභොගික අයිතින් සුරුකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ ඉල්ලා සිටියි.

  • පාලක පාර්ශ්වය විවෘත මනසකින් යුක්ත ද...? - Ideas front වීඩියෝවක්

    රටක් පාලනය කිරීම සඳහා පාලක පක්ෂයකට විවෘත මනසක් තිබිය යුතු බවත්, කිසියම් නිලධාරියකුට හෝ නිලධාරී කණ්ඩායමකට කිසියම් රාජකාරියක් බාර දී ඒ පිළිබඳ බියෙන් සැකෙන් කාලය ගත කරන්නේ නම් එම නිලධාරියා හෝ නිලධාරීන් කණ්ඩායම වෙතින් නිසියාකාරව අදාළ කටයුත්ත කරගත නොහැකි වන බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට

    අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි  දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විශේෂ විද්‍යාත්මක පරීක්ෂාවකට  ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) තීරණය කර ඇත.

  • පාසල් ඉතිහාසයේ ප්‍රථම Back to Sportmeet වැඩසටහන කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ

    කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet  වැඩසටහන පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.

  • පාසල් කාලය දිගු කිරීමට එරෙහිව එක්දින ගුරු වැඩවර්ජනයක්

    පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව ලබන මස 12 වැනිදා ගුරුවරුන් දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං පැවැසීය.

  • පාසල් කාලය දීර්ඝ කිරීම දරුවන්ට දැරිය නොහැකියි...?

    2026 වසරේ සිට මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් රැසක් සිදුකරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.

  • පාසල් නිවාඩුව අදින් ඇරඹේ

    රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න