පාස්කු ප්‍රහාරය යනූ දේශපාලනිකව හාස්‍යට ලක් කරමින් ජන සමාජය නොමග යැවීම හෝ පොත් එළිදක්වමින් ලාබය උදෙසා උත්සව පැවත් විය යුතු කාරණාවක් නොවේ.
අහිංසක බැතිමතුන් සිය ගණනකට දිවි අහිමි කරමින් 2019 වසරේ එල්ල වූ බිහිසුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 7ක් සපිරෙයි.
අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනකු ඝාතනය කරමින් සහ සිය ගණනක් තුවාල කරමින් කළ ප්‍රහාරය වෙනුවෙන් (නවසීලන්ත මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්රහාරයන්ට පළිගැනීමක් ලෙස) ISIS සංවිධානයට චෝදනා එල්ල කරමින් 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාරය දැන් ප්‍රෝඩාවක් බව හෙළිවෙමින් ඇති අතර එය ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකර දැනට වසර හතකි;
රොහාන් ගුණරත්න දුන් අවවාදය නම් ‘මෝඩයින් බලයට පත් කරන්න එපා’ යන්න ය. ඔහු මෝඩයින් කීවේ කාටද? පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බව නොදන්නා කෙනෙක් නැත.
287දෙනකුට ජීවිත අහිමි වූ පාස්කු ප්‍රහාරයට අදට වසර හතක් ගතවන බවත් මිය ගිය අයට සැනසීම ප්‍රාර්ථනා කරන බවත් නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර පැවසී ය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර බවත්, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් රවී සෙනවිරත්න මහතා තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා පවසයි.
උසස් නිලතල කාරක සභාවේදී තමා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෙනෙවිරත්න මහතා මේ බව සඳහන් කළ බව සිය X ගිණුමේ සටහනක් තබවමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ප්‍රහාරයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙසේ සාක්ෂි සැඟවීමට කටයුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිලධාරීන්ට සාක්ෂි වෙනස් කිරීමට සහය දීමද සිදු කර ඇති බවයි.
මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 300කට අධික පිරිසකගේ ජීවිත අහිමි විය.
මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කළ අතර, පසුගිය කාලයේදී එම විමර්ශන අඩාළ කිරීම පිළිබද චෝදනා රැසක් එල්ල විය.
2019 නොවැම්බර් මාසයේදී මේ පිළිබඳ විමර්ශන කළ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් රාජකාරි සදහා රට පුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබූහ.
ඉන් පසු එම විමර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අත්අඩංගුට ගන්නා ලද අතර, මේ වනවිට යළිත් අදාළ විමර්ශන භාරව සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්යක්ෂ ශානි අබේසේකර ය.
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ නොකළ යුතු යැයි සිරිල් ගාමිණී පියතුමන් අවධාරණය කරයි.
පැතුම් නිස්සංක වාර්තාගත අයුරින් රැස්කළ මනරම් ශතකය හමුවේ, මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනා ගේ (Super 8) වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වුණි.
මනුෂ්‍යයකු මිය යෑම ඛේදවාචකයක් බව කණගාටුවට කරුණක් වුව ද කිසියම් මනුෂ්‍යයකු මිය නොගිය ද එම පුද්ගලයා සතු සියලු දේපළ සහ ආදායම් මාර්ග අහිමි වීම මිය යෑමට වඩා ඛේදවාචකයක් යැයි මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරකයක් ලෙස නම් කරමින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
මම හිතන්නේ මේ පාර මම ගත්ත පොත් අතර මේ පොත අග්‍ර මාණික්‍යයක්.
ලොව විශාලතම කෞතුකාගාරය වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය වසා දමා තිබේ.
ඒ, එහි සිදුවූ කොල්ලකෑමක් හේතුවෙන් ය.
වෙස්මුහුණු පැළඳගෙන පැමිණි කොල්ලකරුවන් තුන්දෙනෙකු එහි තිබූ වටිනා ආභරණ 9 ක් සොරා ගෙන ගොස් තිබුණි.
1546 දී ප්‍රංශ රාජකීය පවුල වෙනුවෙන් මාළිගාවක් ලෙස ඉදිකළ එය,පොදු කලාගාරයක් බවට පත්කර ඇත්තේ, 1793 වසරේදී ය.
ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවම ඇතුළු නිර්මාණ 35,000 කට වඩා ප්‍රදර්ශනයට තබා ඇති එම කෞතුකාගාරය, භූමි ප්‍රමාණයෙන් පාපන්දු ක්‍රීඩාංගණ දහයකට වඩා විශාලය.
රාජ්‍ය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් පැළවත්තේ සැලසුම් කරන්නේ යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසි ය.
අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා අපේක්ෂිත මුදල මිලියන 424ක් වේ.
වසර 60කට පසු පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් වෙන මෙය 1964 දී ඉදි කර ඇත.
මෙහි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු නැවතුණේ නොබෙල් සාහිත්‍යය තෑග්ග දිනාගෙන අදටත් ලෝකයම කතාකරන ලේඛකයෙක් විදියට.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවත්වූ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන අපහාසාත්මක තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා ඊයේ (27 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියාය.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ, පිඹුරෙකු සමඟ නර්ථනයේ යෙදෙන කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඔබම ඔබේ පියයුරු ආරක්ෂාව සලසාගන්න.
ස්වයං පියයුරු පරීක්ෂාව මේ විදිහට කරගන්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

