ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරය අනතුරේ

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරය අනතුරේ

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ලබන මාර්තු මස 01 වනදා සිට පූර්ණ වශයෙන් භාවිත කිරීමට සිදුවීම තුළින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.

ජනන යන්ත්‍ර අක්‍රිය වීමේ අවදානම
දැනට බලාගාරයේ පවතින්නේ මීට පෙර ආනයනය කරන ලද ගල්අඟුරු තොග වන අතර, දකුණු අප්‍රිකාවෙන් අලුතින් ගෙන ආ ගල්අඟුරු දැනට භාවිත කරන්නේ දිනකට පැය 10-16ක් වැනි කෙටි කාලයක් පමණි. එහෙත් මාර්තු 01 වනදා වන විට පැරණි තොග අවසන් වන බැවින්, සම්පූර්ණයෙන්ම මෙම නව ගල්අඟුරු මත යැපීමට සිදුවන බව ආචාර්ය රළපනාව පෙන්වා දෙයි.

"මේ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු පැය 24 පුරා පාවිච්චි කළොත් යන්ත්‍රවලට වෙන හානිය තමයි ලොකුම ගැටලුව. යන්ත්‍ර දෙක තුනක් ඩැමේජ් වුණොත් මේ වියළි කාලගුණයත් එක්ක මුළු රටේම විදුලි පද්ධතියට විශාල පහරක් වදිනවා," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක්?
මේ අතර, මෙම ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඊයේ (23) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ආන්දෝලනාත්මක ගල් අඟුරු වංචාව සහ වත්මන් තත්වය පිළිබඳවත්, එම ක්‍රියාවලිය පිළිබඳවත් සම්පුර්ණ විග්‍රහයක් සිදුකල අතර, විවිධ කණ්ඩායම් විසින් එල්ල කරන මඩ, අවලාද චෝදනා සඳහාද මෙහිදී පැහැදිලි ලෙස පිළිතුරු ලබා දිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න