පොලිස්පතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක්!

පොලිස්පතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක්!

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට එරෙහිව තමා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රකාශ කරයි.


ඉදිරි පාර්ලිමේන්තු සතියේදී තමා කථානායක ජගත් වික්‍රමරත්නට මෙම වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමාට පොලිස් ආරක්ෂාව ලබාදීමේදී පාතාලය සමග තිබෙන සම්බන්ධකම් හේතුවෙන් ආරක්ෂාව ලබා දෙන බව ප්‍රකාශ කරමින් පොලිස්පතිවරයා තමාගේ වරප්‍රසාද උල්ලංඝණය කර ඇති බවත් කථානායකවරයාගේ නියෝගය පරිදි තමාට ලබා දිය යුතු ආරක්ෂාව ලබාදීමේදී තමාගේ වරප්‍රසාද උල්ලංඝණය වන ආකාරයට පොලිස්පතිවරයා ප්‍රකාශ නිකුත් කිරීම ඉතාමත්ම බරපතල තත්ත්වයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තමාට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබා දුන් රහසිගත වාර්තාවේ තමාට අදාළව කිසිදු චෝදනාවක් සඳහන් කර නොමැති බවත් එවැනි තත්ත්වයක් මත තමාට නිකරුණේ පාතාලයේ සම්බන්ධකම් තිබෙන බවට චෝදනා කිරීම බලවත් අසාධාරණයක් මෙන්ම ඵය තමාගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම සියලුම කරුණු සළකා බලා තමාගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇති නිසා පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසට ඉල්ලමින් තමා වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න