දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහ අංක 05 කඩ කළ පොලිස්පතිවරයා වහා තනතුරෙන් ඉවත් කරන්නැයි නව ජනතා පෙරමුණ ඉල්ලා සිටියි.
එම පක්ෂය මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.
නව ජනතා පෙරමුණ පක්ෂයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද එම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දෙන ලද ආරක්ෂාව පිළිබදව සහ ජගත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එල්ල වී තිබෙන තර්ජන සදහා පදනම් වී ඇති කරුණු පිළිබඳව පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ අපගේ ද අවධානය යොමු වී ඇත.
එබැවින් ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරා දෙමින් ඔහුට සිතෙන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම තුළ රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් කරා ගෙන යන සේයාවක් පෙන්නුම් කරන බවත්, ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව කටයුතු කරන පොලිස්පතිවරයකු සිටීම ස්වාධීන පොලීසියක පැවැත්ම ප්‍රශ්න සහගත වන බව ද එම පක්ෂය අවධාරණය කර සිටියි.
මතු පළ වන්නේ නව ජනතා පෙරමුණ පක්ෂය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


