ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට අනුව එළඹෙන අප්‍රේල් පළමුවෙනිදා සිට වෙළදපොළෙහි පොල්තෙල් මිල වැඩි වීමට නියමිත බවත්, එසේ විමෙන් මේ රටේ පාරිභෝගිකයන් හට පොල්තෙල් මිලට ගැනීමට සිදුවන්නේ වැඩි මිලට යැයි පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ ඒහි සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ආනයනය කර හෝ දේශිය වෙළදපොලේ අඩුම මිලට මිලදී ගැනීමට හැකිවිය යුත්තේ පොල්තෙල් වන බවත් වෙනත් තෙල් වර්ග පරිභෝජනය කිරීම සඳහා මෙරට පාරිභෝගිකයින් බලෙන් පෙලඔවීම නොකළ යුතු බවත්, එසේ කිරීමට නොහැකි නම් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම නවතා දැමිය යුතු යැයි පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය වැඩි දුරටත් සඳහන් කරයි.
මතු පළ වන්නේ පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
