#newstube

  • මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට     

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

  • මන්ත්‍රී ලක්මාලි අවදානම් කලාපයේ

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතකදී පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී සිදු කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් හේතුවෙන්, ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩක් මතුවී තිබේ.

     මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රය පුරා දැඩි විවේචනයට ලක්වී ඇති අතර, විපක්ෂයේ තරුණ දේශපාලනඥයින් පිරිසක් ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කිරීම පිළිබඳව සොයා බලමින් සිටී.

     ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රීලංපොපෙ), එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) යන පක්ෂවල කනිෂ්ඨ සාමාජිකයින් මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත.

    ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මෙම විපක්ෂ කණ්ඩායම්වල පක්ෂ ජ්‍යෙෂ්ඨයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිය අනුමැතිය ලබා දී ඇති බවයි. මෙය හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිගේ ප්‍රකාශයට එරෙහිව එල්ල වන බරපතල, ඒකාබද්ධ අභියෝගයක් ලෙස සැලකිය හැකිය.

     සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී, කාවින්ද ජයවර්ධන මාධ්‍යය හමුවේ, ලක්මාලි මන්ත්‍රීතුමියගේ ප්‍රකාශය ගැන ප්‍රාකාශ කරමින්, නිතී අංශ සහ රජයට අභියෝගයක් ද කලේය.

    මෙම නීතිමය ක්‍රියාමාර්ග සඳහා පදනම සකස් වී ඇත්තේ මීට පෙර ඉහළ පෙළේ දේශපාලනඥයින්ට එරෙහිව ලබා දුන් අධිකරණයට අපහාස කිරීමේ නඩු තීන්දු හරහා ය. ප්‍රවීණ දේශපාලනඥ එස්.බී. දිසානායක සහ නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන රන්ජන් රාමනායක යන මහත්වරුන්ට එරෙහිව ලබාදුන් ඓතිහාසික නඩු තීන්දු, විපක්ෂ කණ්ඩායමේ නීති උපදේශකයින් විසින් උපුටා දක්වන බව වාර්තා වේ. මෙම පූර්වාදර්ශ මත විශ්වාසය තැබීමෙන් පෙනී යන්නේ විපක්ෂය සිය නඩුවේ ශක්තිය පිළිබඳව විශ්වාසයෙන් සිටින බවයි.

    මෙම පියවර, අධිකරණයේ අධිකාරියට වල කපන බවට විචාරකයින් තර්ක කරන ලක්මාලී මන්ත්‍රීවරියගේ ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇයව වගවීමට ලක් කිරීමේ සම්බන්ධීකරණ ප්‍රයත්නයක් ලෙස දැකිය හැක.

    මෙම තත්ත්වය දිග හැරෙද්දී, එය අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට පමණක් නොව, ඇයගේ පක්ෂය වන ජාතික ජන බලවේගයට ද අභියෝගාත්මක තත්වයක් නිර්මාණය කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ සැලකිය යුතු නීතිමය හා දේශපාලන ගැටුමකට මග පෑදිය හැකිය.

    සබැඳි පුවත :

    'අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා' - ලක්මාලි

     

  • මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලැබී තිබේ.

  • මන්ත්‍රී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කරු ජයසූරිය ජනපතිට ලියයි

    දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත්  කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වන බවත්, එහෙත් හිටපු මැති ඇමතිවරුන් සහ ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන් මානුෂීය හැඟීමෙන් ඉල්ලීමක් කිරීමට ඇති බවත් හිටපු කතානායක කරූ ජයසූරිය සදහන් කරයි.

  • මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි

    අයවැය ඉලක්ක කර ලබන  මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

    නොවැම්බර් මස4, 6, සහ 7දෙදිනේදී මෙම පරික්ෂාව සිදු කෙරේ

    එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවල  පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරෙන  බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.

    අයවැය කතාව ජනාධිපතිවරයා නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ගැලරිය ලබන මස 7 වැනිදා  ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරේ.

    පාර්ලිමේන්තු රථ ගාලද මෙදින වසා දැමෙන බව කථානායකවරයා පැවසීය.

    මන්ත්‍රීවරුන් පැමිණෙන රථවාහන අදාළ රථ ගාල් වෙත යොමු කෙරේ. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කතානායකවරයා පැවසීය.

    රථ වාහන පොලිසිය සමීප පොලිස් ස්ථාන මගින්  මෙදින විශේෂ රථ වාහන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ.


    2026 අයවැය විවාද පිලිබඳ වැඩසටහන මෙන්න



    WhatsApp Image 2025 10 23 at 11.26.09 300cea5c




    (lankadeepa)


  • මනා පරිශ්‍රමයකින් සම්පිණ්ඩනය කළ 'දේව තාපය'

    'භාෂාව ජලාශයක් මෙනි. නො නැවත ගලන උල්පතින් සහ ඇළ දොළින් සැදුම් ලද ජලාශයෙහි දිය මිහිරි ය; රසවත් ය. කාර්යක්ෂමය.

  • මනුෂ්‍ය වර්ගයා මුහුණ පා ඇති බරපතළ ම අර්බුදය කුමක් ද - මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැහැදිලි කරයි (වීඩියෝ)

    මනුෂ්‍ය වර්ගයා මේ වන විට ප්‍රධාන අර්බුද පහකට මුහුණ දී සිටින බවත්, ඒ අතුරින් මනුෂ්‍ය වර්ගයා මුහුණ පා ඇති බරපතළ ම අර්බුදය පරිණාමීය අර්බුදය යැයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැවසී ය.

  • මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව වෙනුවෙන් උපන් සිනමා කාව්‍යයක්කාරයා; බෙලා ටාර්

    බෙලා ටාර් මියගියා කියන හද කම්පා කරනවා පුවත අසන්නට ලැබුණි. කෙදිනකවත් සැබෑ ලෝකයේ දී මුණ නොගැසුණු මේ මිනිසා ගේ මරණය සමීපතමයකු ගේ මරණයක් තරමට හදවත වේදනාවෙන් පුරවාලයි.

  • මනෝවිද්‍යාත්මක පැතිකඩක් පිළිබඳ විග්‍රහ කරන "ද ගර්ල් ෆ්‍රෙන්ඩ්''

    "ද ගර්ල් ෆ්‍රෙන්ඩ්" රාහුල් රවීන්ද්‍රන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද , 2025 වසරේ දී තිරගත වූ ඉන්දියානු තෙළිඟු භාෂා චිත්‍රපටයකි.

  • මම අනුරට ඇඹරෙන්නෙ නෑ - සංගීත් විජේසූරිය (වීඩියෝ)

    තමන් මාලිමාවට හෝ අනුර කුමාර ජනාධිපතිවරයාට ඇඹරෙන්නේ නැතැයි: ජනප්‍රිය ගායකයකු මෙන් ම වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය පැවසී ය.

  • මම ගංවතුර විදිනවා - ලේඛක විෂ්ණු වාසු (වීඩියෝ)

    තමන් ගංවතුරට කැමති පුද්ගලයෙක් යැයි ලේඛක විෂ්ණු වාසු පැවසී ය.

  • මම නීතිය අකුරට ම පිළිපැද්දා - විජිත් විජයමුනි සොයිසා

    හිටපු පළාත් ප්‍රධාන අමාත්‍යවරයකු මෙන් ම කැබිනට් අමාත්‍යවරයකු වූ විජිත් විජයමුණි සොයිසා ගේ වාහනය පසුගිය දිනක අනතුරකට ලක් විය; එම අනතුර හේතුවෙන් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට සුළු තුවාල සිදු විය.

  • මම මේ රටේ කාන්තාවක් නෙවෙයි ද...? - සන්ධ්‍යා එක්නැළිගොඩ, ආණ්ඩුවේ පාර්ලිමේන්තු නියෝජිතවරියන් ගෙන් විමසන්නී ය

    තමා මේ රටේ ස්ත්‍රියක් නොවේදැයි ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මෙරට ඇමතිවරියන් ගෙන් සහ මන්ත්‍රීවරයන්ගෙන් විමසා සිටින්නි ය.

  • මම රටටත් ජාතියටත් ණය නැහැ - වනවාසී රාහුල හිමි

    තමන්: රටට, ජාතියට ණය නැතැයි වනවාසී රාහුල හිමි පැවසී ය.

  • මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක් - Kavindya Adikari

    මෙවර තවත් ‘mirror arts’ කතා බහක් සමඟ එක් උනේ ආදරණීය චරිතයක් ලෙස ඔබ කවුරුත් හඳුනන තරුණ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් ප්‍රේක්ෂකයා අතරට එන කවින්ද්‍යා අධිකාරියි.

  • මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වන ලෙස ගෝඨාභයට නියෝග

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) දින නියෝගයක් නිකුත් කරනු ලැබිය.

  • මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ 2026-28 කාලය සඳහා නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඊයේ (12 වැනිදා) දිනයෙන් අවසන් වූ අතර සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනකු නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

  • මල් පෙළක කතාව

    පාට වෙනස් වුනාට මොකද අනේ...! වටිනාම දේ, සමඟියෙන් එකට ජීවත්වන එක නේද ?

  • මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

    දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

    සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි.

    1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කරන අතර වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කරගැනිමේ කටයුතු සිදු කරමින් පවතී.

    ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත්වී සිටී.

    තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බව වැඩි දුරටත් මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙ.

    මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ  "පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළාදකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලු අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු." යනුවෙන් ද දැක්වේ.


    WhatsApp Image 2025 09 17 at 12.12.38 75a2dd39

  • මලිත් ජයතිලක ගේ මව ගේ අවසන් කටයුතු හෙට (07)

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ගේ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික පාඨශාලාචාරිණී කේ. ආර්. ජයතිලක අභාවප්‍රාප්ත වූවා ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න