#newstube

  • මාස හතරක් තුළ වන සුරැකුම මහජන පැමිණිලි අංශයට පැමිණිලි 240ක්

    වන හානි, වන ජීවීන් හට සිදු කරන විවිධ නීති විරෝධී ක්‍රියා, කඩොලාන තෙත් බිම් ගොඩ කිරීම්,සහ වන සංරක්ෂිත ප්‍රදේශ හෙළිපෙහෙළි කිරීම් සහ වනාන්තරවල සිදු කෙරෙන අපරාධ ඇතුළු සිද්ධි රැසකට අදාළව මහජන පැමිණිලි 1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති බවත්,

  • මැගසින් බන්ධනාගාර නිලධාරිහු රැඳවියකු ඝාතනය කරති; දෙදෙනකුට අසාධ්‍යයි

    මැගසින් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි 38 හැවිරිදි රැඳවියෙකුට පහර දී ඝාතනය කර මරා දැමීමේ පුවතක් වාර්තා වේ.

  • මැටි භාවිතයෙන් මී මැසි පෙට්ටියක් නිපද වූ රත්න කුමාර

    මැටි භාවිතයෙන් නිපද වූ මී මැසි පෙට්ටියෙහි නිපදවෙන මී පැණි ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි අගයක් ගන්නේ යැයි එහි නිෂ්පාදක කොලොන්න, කෑල්ලේ ඩී. බී. රත්න කුමාර පැවසී ය.

  • මැඩගස්කර ජනපති පලාගියත් ධුරය අත්හැර නැහැ

    මැඩගස්කරයේ ජෙන් - සී (Gen Z) තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) රටින්  පලා ගොස් ඇතැයි එරට විපක්ෂ  නායක, හමුදා ආරංචි මාර්ග සහ විදෙස් තානාපති නිලධාරියකු ඊයේ (13) ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ලොව පුරා පැතිර යන ජෙන් - සී අරගල රැල්ල මසක් වැනි කෙටි කලක් තුළ මැඩගස්කර රජය ද පෙරළා දැමීමට සමත්ව ඇත.

     ඉරිදා (05) එරට හමුදා කොටස් අරගල කරුවන්ට සහාය පල කර සිටීමත් සමග බියට පත් රජෝලීනා එදිනම රටින් පලා ගිය බව විපක්ෂ නායක සිටෙනි සැන්ඩ්‍රියානාසොලොනිඅයිකො (Siteny Randrianasoloniaiko) විසින් තහවුරු කර තිබේ. එම පුවත  ජනපති කාර්ය මණ්ඩලය විසින් ද සනාථ කර ඇත.

    ජනපති රජෝලීනා පලා ගිය ස්ථානයක් පිලිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. ඔහු ප්‍රංශ හමුදා යානයකින් පලා ගිය බව පමණක් දැනට අනාවරණය වී ඇතැයි හමුදාව පවසයි.

    මේ අතර, ඊයේ ෆේස් බුක් ඔස්සේ ජනතාව ඇමතූ රජෝලීනා, ජීවිතාපේක්ෂාව පතා ආරක්ෂක ස්ථානයක් වෙත ස්ථාන මාරු වූ බව ප්‍රකාශ කළේය. තමා සිටින ස්ථානය පිලිබඳ නිශ්චිත  තොරතුරක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඔහු, කිසිවකුටත් මැඩගස්කරය විනාශ කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

    රජෝලීනා ජනපති ධුරය අත්හැරීම තව දුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව එරට විදෙස් තානාපති අංශ  කියයි. ඔහු ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) සමග රහස් ගිවිසුමකට එලැඹ ඇතැයි RFI ප්‍රංශ ගුවන්  විදුලි සේවය නිවේදනය කළේය.  ගාසා සටන්  සම්බන්ධයෙන් ඊයේ ඊජිප්තුවේ පැවති විදෙස් නායක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති මැක්‍රන්, මැඩගස්කර ජනපතිවරයාට රටින් පලා යාමට ප්‍රංශය සහාය දුන් බවට පළවන පුවත් හදිසියේ තහවුරු කළ නොහැකි යැයි පැවසීය.

    මැඩගස්කර ව්‍යවස්ථාවට අනුව නීතිය ස්ථාපිතව පැවතිය යුතු බව  අවධාරණය කළ ප්‍රංශ ජනපති, තරුණ ප්‍රජාව මුහුණ පා ඇති ගැටළු නිරාකරණය කිරීම අනිවාර්ය කටයුත්තක් වුව, එම සිවිල් ගැටළු සම්බන්ධයෙන්, හමුදා කොටස්වලට අනවශ්‍ය  අත පෙවීම් සිදු කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද අවධාරණය කළේය. මැඩගස්කරය කලක්, ප්‍රංශ යටත් විජිතකරණයට හසුව තිබූ අප්‍රිකානු දිවයිනක් ද වේ.

    විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ  රජයේ දූෂණ, වංචා සහ ජීවන  ගැටළු මුල් කරගත් දැවන්ත දීප ව්‍ය්පාප්ත තරුණ අරගලයක් තෙක්  වර්ධනය විය.



    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/14/2025


    Madagascar's president has left the country after Gen Z protests, officials say


  • මැඩගස්කරයේ බලය එරට හමුදාව අතට

    මැඩගස්කරයේ බලය අත්පත් කරගත් බව එරට හමුදාව පවසයි.

    ඒ, සති ගණනාවක් එරට තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුවය.

    එරට හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාව විසින් රජයක් පිහිටුවා වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.

    කෙසේවෙතත් මැතිවරණ කොමිසම වැනි ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද ඔහු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    හමුදාව සහ විරෝධතාකරුවන් මැඩගස්කර් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සැමරීම ආරම්භ කර ඇති අතර දහස් ගණනක් කොඩි ලෙලවමින් බොහෝ පිරිස් මේ වන විට අගනුවරට එක්රැස් වෙමින් සිටිති.

    2009 දී බලයට පත් වූ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ද්‍රි රාජොයිලිනා (Andry Rajoelina) විරෝධතා හමුවේ රටින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

    ප්‍රංශ හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා රටින් පිටතට ගෙන ගිය බවට ද නිල නොවන වාර්තාවල සඳහන් කරයි.

    විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ප්‍රකාශ වේ.

    මුලාශ්‍ර :

    Madagascar military says it has seized power as president moves to 'safe place'

     

  • මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක්

    මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

  • මැතිවරණ ක්‍රියාවලිය ගැන වැඩිහිටියන් හොඳටම දැනුම්වත් කරන්න නම් පහේ ශිෂ්‍යත්වයට ඒ ගැන ප්‍රශ්න 02ක් ඇතුළත් කරන්න… මැතිවරණ කොමසාරිස් ජෙනරාල්

    පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න දෙකක් ඇතුලත් කළහොත් නිවැරදි මැතිවරණ තොරතුරු කඩිනමින් ජනගත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.

    දරුවන් ගේ ශිෂ්‍යයත්ව ප්‍රශ්න උදෙසා මේ වන විට දෙමව්පියන් පමණ ඉක්මවා වෙහෙස ගෙන කටයුතු කරන බැවින් මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තොරතුරු හඹා යමින් එය නිවැරදි අවබෝධ කරගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

    රටේ මැතිවරණ ක්‍රියාවලිය සහ එහි ප්‍රායෝගික හා නෛතික තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළවිට රටේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදි මාවතක රැගෙන යා හැකි යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදිව ජනගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දා ගාළුමුවදොර හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

  • මැතිවරණ කාලෙ කියපු බොරු ඔප්පු කරගන්න බැරුව 'ෆයිල් මිසින්' කියනවා - නාමල් රාජපක්ෂ

    උපරිම කඩේ යන පුද්ගලයකු පොලිස්පතිවරයා බවට පත් කරගෙන, එම පොලිස්පතිවරයාට තමන් ගේ ම බොරු ටික ඔප්පු කරන්නැයි බලපෑම් කර, ඒවා ඔප්පු කර ගැනීමට නොහැකි වන විට ඒවා මිසින් කියනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මැතිවරණ සමයේ ජවිපෙ කියපු බොරු දැන් ඔප්පු වෙමින් පවතිනවා - චරිත හේරත්

    මාලිමාව ප්‍රමුඛ ජවිපෙ කණ්ඩායම ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ඉදිරිපත් කළ පට්ටපල් බොරුසහා පැහැදිලිව ම දක්නට ලැබෙන මිථ්‍යා දැන් හොඳින් ම ඔප්පු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පැවසී ය.

  • මැතිසබේ ලොකු පුටු මාරුවක් අල්ලස් කොමිසමෙන් නවත්වයි

    පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියකගේ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර ට නියෝග කර ඇත.

  • මැදපෙරදිග අර්බුදය හමුවේ බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයක

    ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, අද වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 2.9% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 115.84 ක් ලෙස සටහන් වී තිබේ.

  • මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

    මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වී ඇති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  • මැදපෙරදිග ගැටුම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සුවය ලබා රෝහල්වලින් පිටවෙයි -අරුණ හේමචන්ද්‍ර

    මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.

  • මැදපෙරදිග ගැටුමේ දී අපි මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන අතර ම මනුෂ්‍යත්වය අංක එකට තබනවා - ජනපති

    මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමක දී අපි ජාතියක් ලෙස, රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන අතර ම මනුෂ්‍යත්වය අංක එකට තබන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය

  • මැදපෙරදිග යුද ගින්නට මැදිවූ දරුවෝ

    පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානය ඉලක්ක කරගනිමින් ආරම්භ වූ යුද මෙහෙයුම් හමුවේ, තමන් කිසිසේත්ම වගකිව යුතු නැති භූ-දේශපාලනික අර්බුදයක සිරකරුවන් බවට පත්වීමට එම කලාපයේ දරුවන්ට සිදුව තිබේ.

  • මැදපෙරදිග යුද්ධය හමුවේ ලොව දැවැන්තම තෙල් සංචිතය මුදා හැරීමට IEA තීරණය කරයි

    ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළට එල්ල වී ඇති දැවැන්ත බලශක්ති සැපයුම් කම්පනය පාලනය කිරීම සඳහා, ඉතිහාසයේ නොවූ විරූ ලෙස බොරතෙල් බැරල් මිලියන 400 ක සංචිතයක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පියවර ගෙන ඇත.

  • මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

    මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් අනුව වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේ දී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.

  • මිචිගන් කිතුණු දේවස්ථානයක වෙඩි තැබීමක්; 4ක් නසී; දේවස්ථානයත් ගිනිබත්

    එක්සත් ජනපදයේ, මිචිගන් (Michigan) හි කිතුණු දේවස්ථානයකට මෝටර් රථයකින් කඩා වැදුණු පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් සහ දේවස්ථානයට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

    වෙඩි වැදීමෙන් අට දෙනකුවත් තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    වෙඩි තැබීමෙන් අනතුරුව දේවස්ථානය ගිනි තැබූ සාහසිකයා, එහිදී ඇති වූ පොලිස් වෙඩි හුවමාරුවකදී ඝාතනය විය.

    වෙඩි තැබීම සිදු කළ තැනැත්තා 40 හැවිරිදි, හිටපු ඇමෙරිකානු නාවුක සෙබළකු වන තෝමස් ජාකොබ් සන්ෆෝර්ඩ් ( Thomas Jacob Sanford) නම් අයකු බව හඳුනාගෙන තිබේ.

    වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය අතර ගිනි තැබූ දේවස්ථානය තුළ තිබී දැවී ගිය තවත් මළ සිරුරු දෙකක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

    සාහසිකයා දේවස්ථානයට කඩා වදින විට සියයකට අධික පිරිසක් ඒ තුළ රැස්ව සිටි බව වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව සොයා ඔහු සතු නිවස සහ ජංගම දුරකථනය ද පරික්ෂා කරන බව පොලිසිය කියයි.

    ඔහු, 2004-2008 කාලයේ ඇමෙරිකානු නාවුක කොමාන්ඩෝ භටයකු මෙන්ම ඉරාක යුද්ධයේ දස්කම් පෑ ප්‍රවීණයකු බව ද වාර්තා වේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/29/2025



    Shooter kills at least four, wounds eight at Michigan church

  • මිනිස් ජීවිතයක් දයලෙක්තිකව බිඳ වැටෙන්නේ කෙසේ ද...?

    සමාජයක් ලෙස අප ජීවත් වන්නේ පෙනුම (Appearance) සහ සාරය (Essence) අතර පවතින සදාකාලික අරගලයක ය.

  • මිනිස්සු සතුන්ට ආදරය කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

    මිනිස්සු: සුනඛයින්, බළලුන් යනාදි සතුන්ට ආදරය කරන්නේ සැබැවින් ම සතුන්ට ආදරය නිසා නොව මේ වන විට මිනිස්සු ඇසුරු කිරීමේ දී ඇතිවන ගැටුම්වලින් වැළකී සිටිමේ අදහසින් යැයි මනෝ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්සේෂණයකින් ඔප්පු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න