2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගියදා විශේෂ ‘Mirror Arts’ වැඩසටහනක් සමග එක් උනේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක, ධර්මජිත් පුනර්ජීවයි.
2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසර 13ක් පෙර සිදුවූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ විමර්ශනවල තීරණාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමත් වී ඇති බව නිල ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව, රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් අවුරුදු 13කට පෙර අගනුවර මහ මගදී ඝාතනය කර ඇත්තේ මෙයින් අට මාසයකට පෙරදී වෙඩිතබා ඝාතනයට ලක්වු පුද්ගලයෙකු විසින් යැයි රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය වූ දින රාත්‍රියේ CCTV දර්ශනවල සිටි, මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු ප්‍රධාන සාක්ෂිකාරියක් විසින් මේ වන විට නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර, එය විමර්ශනවලට ලැබුණු වඩාත්ම ස්ථිර සාක්ෂිය ලෙස සැලකේ.
මෙම නව තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කළ 'බැකෝ සමන්' නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලද තොරතුරක් මතය. එමගින් විමර්ශකයින්, 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ, මියගිය තවත් පාතාල සාමාජිකයෙකු වූ අරුණ ශාන්තගේ බිරිඳ ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.
ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් නිල ප්‍රකාශයකින්, 2012 වසරේ තාජුඩීන්ගේ රථය පසුපස හඹා ගිය රථයට ඇතුළු වන පුද්ගලයා, තම මියගිය සැමියා වූ අරුණ විදාන ගමගේ ("කජ්ජා") බවට ස්ථිරව හඳුනාගෙන තිබේ. ඔහුගේ ශරීර ලක්ෂණ සහ හැසිරීම් රටා මත මෙම හඳුනාගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
''මගේ පියාගේ ඝාතනයට මගේ මවත් ඇගේ අනියම් සැමියාත් සම්බන්ධයි'' - කජ්ජා' ගේ පුතා කියයි

මේ අතර කජ්ජා' නොහොත් අරුණ විදාන ගමගේ බිරිඳගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද සැක සංකා මතුවෙමින් තිබේ. කජ්ජා ගේ පුත්‍ර ඉඳුවර විදාන ගමගේ පවසන්නේ තම පියාගේ මරණයට තම මව සහ ඇයගේ අනියම් සැමියා සම්බන්ධ බවයි.
තම පියාගේ ඝාතනයට සහ සහොදරයා හා සහෝදරියගේ ඝාතනවලට මගේ මව වන අමීශා බෙත්මී සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක නමැති පුද්ගලයා සම්බන්ධ බවට පැහැදිලී සාක්ෂි ඇතැයි කාජ්ජගේ පුත්‍රයකු ඉඳුවර විදාන ගමගේ පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, Induwara Vidanagamage ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.
එම සටහනේ මෙසේ සඳහන් වේ.
අරුණ විදාන ගමගේ නොහොත් 'කජ්ජා' තජුදින් ඝාතනයට සම්බන්ධ බවට පැතිරයන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම
2012 වර්ශයේදී මැයි 17 වන දින ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක තාජුදීන් මහතාගේ ඝාතනයට, මෙම වසරේ පෙබරවාරී 19 වන දින ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද සම්බන්ද බවට ඊයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත.
පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ විදාන ගමගේ බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත.
තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත .
එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මාගේ සහොදරයා හා සහෝදරියගේ ඝාතනවලට මගේ මව වන අමීශා බෙත්මී සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සාක්ෂි ඇත
රිය අනතුරක් ලෙස බලධාරීන් විසින් නම් කළ තාජුඩින් ගේ මරණය !
2012 මැයි 17 වන දින සිදු වූ වසීම් තාජුඩීන්ගේ මරණය, රිය අනතුරක් ලෙස බලධාරීන් විසින් නම් කරන ලදී.
කෙසේ වෙතත්, 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය මිනීමැරුමක් සම්බන්ධයෙන් නැවත විවෘත කරන ලදී.
දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි වූයේ තාජුඩීන්ගේ පපුවේ, උදරයේ සහ ගෙල ප්‍රදේශයේ අස්ථි බිඳීම් කිහිපයක් සිදු වී ඇති බවත්, එය රිය අනතුරකින් සිදුවිය නොහැකි ප්‍රබල පහරදීමක ප්‍රතිඵලයක් බවත්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් පාලනය යටතේ, දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රධාන පෙළේ අපරාධ විසඳීමට ප්‍රමුඛතාවක් දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර, මෙම විමර්ශනවලට නව ජවයක් ලැබී ඇත්තේ ඒ පසුබිම තුළය.
මෙම හඳුනාගැනීම, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශක්තිමත් පදනමක් සපයන බව බලධාරීන් පෙන්වා දෙයි. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර, ඉදිරි පියවර කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.
තාජුඩීන් ඝාතනයට චෝදනා කෙළින්ම එල්ලවුයේ, හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ, මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ශ සහ බිරිද ශිරන්ති රාජපක්ෂෂටය.
2015 ජනාධිපතිවරන පොරොන්දුවක් වූ, තාජුඩීන් ඝාතනය, විටින් විට, දේශපාලන සහ අදිසි හස්තයන් නිසා යටගිය අතර, නමුත් වර්තමාන දිසානයක ආන්ඩුව යුක්තිය ඉටුකරනු ඇති බවට, තාජුඩීන් පවුලේ, සමීපයෙක් අප වෙත පැවසීය.
පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
තමන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස අත්සන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
තමන්ගේ අතිශය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට ගොස්, දශක එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයට රාජපක්ෂ ආණ්ඩුකරණය සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුකරණය විසින් 2009 සිට 2023 දක්වා සිදුකරන ලද සමස්ත පාඩුව රුපියල් කෝටි 53, 000 ඉක්මවා තිබේ.
ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනා ගේ සේවාව තව දුරටත් ලබා ගැනීමට නම් විපක්ෂ නායක කළ යුත්තේ අගමැතිනිය ගේ යෝජනාවලට එකඟතාවය පළ නොකර සිටීම යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
මේ මහා දැවැන්ත ව්‍යසනය තුළින් අසහනයට පත් ජනතාව සමග විපක්ෂය එකට සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත්, තව දින ලබා ගෙන විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන නව අයවැයක් සකස් කිරීම සුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් සියගණනක් මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන හා මධ්‍ය පරිමාණ ජලාශ 74ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල වාර්තා පළවේ.
ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
සිදුකළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය තුල පළවන වාර්තා අසත්‍ය බවත් තමා උදැසන අවදිවී තේ පානය කරමින් යහපත් තත්වයෙන් සිටින බවත් ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල පළවූ වාර්තා කිහිපයක් පහතින්


(nethnews)
වාහනවල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීමට බලපෑ හේතුන් සැලකිල්ලට ගනිමින් තාවකාලික අංක තහඩු භාවිතා කිරීමට අවසර දුන් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ වාහන පිළිබද සියලු ම විස්තර සහ මිලගණන් මෙන් ම ඉදිරියට වාහන වෙළදපළ තුළ ඇතිවිය හැකි ප්‍රවණතා පිළිබඳ සවිස්තරාත්ම දත්ත විශ්ලේෂණයක් දැන ගැනීමට අවශ්‍ය නම් ඉක්මනින් ම Advocata Insider කෙනකු ලෙස ඒකතු වන්නැයි Advocata ආයතනය ආරාධනා කරයි.
හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කෙරෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
මේ වන විට වැටෙමින් පවතින ලංකා ආර්ථිකය යළි ගොඩ නගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකයත්, සමාජ ප්‍රශ්නත් විසඳීම සඳහා ක්‍රියා කරන බව අබේවර්ධන කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුව සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී එජාප සභාපතිවරයා, එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙනයාමට කිසිඳු බාධාවක් කිසි විටෙකත් මතුනොවන බව ස්ථිර යැයි කීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස සේවය කළ, වැඩ තහනමට ලක් ව සිටින නීතීඥ චමින්ද කුලරත්න 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සමක් ගොනු කර ඇත.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

