මීගමුව බන්ධනාගාරයේ (ජූලි 05, 06) යන දින වල ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ සහ පෙරෙයි දා (05, 06) මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2026 ජූලි 5 සිට 7 දක්වා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය සිදුවීම්, ඉන් අනතුරුව මාරු කරන ලද රැඳවියන්ට එල්ල වී ඇති බවට වාර්තා වන වධහිංසා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව අන්තර්ගත නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව 'දිනන දකුණ' බලවත් කනස්සල්ල පළ කරන අතර ම ජීවිත අහිමි වූවන් ගේ පවුල්වලට එම සමූහයේ ශෝකය පළ කර ඇත. ඒමෙන් ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන්: ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
"ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි" (Dingiri Dingale Meenakshi) කියන දෙමළ ගීතය මුලින්ම ආවේ 1958 අවුරුද්දේ තිරගත වුණ "Anbu Engey" කියන දෙමළ චිත්‍රපටියෙන්. එහි තනුව හැදුවේ එස්. එස්. වේදා (S.S. Vedha) සංගීත අධ්යක්ෂවරයා. ඔහු ලංකාවේ බයිලා සංගීතයට හරිම ආදරේ කරපු කෙනෙක් නිසයි මේ ගීතයට බයිලා රිද්මයක් ලැබුණේ.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී පියවරක් තබමින්, මීරිගම මූලික රෝහල තුළ ජාතික මට්ටමේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් “National Referral Center for Kidney Stone Surgery” ස්ථාපිත කිරීමේ "Establishment of a high-volume stone center" ව්‍යාපෘතිය පිළිබඳ
2019 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල දී ඊට මුජිබරු රහමන් මන්ත්‍රිවරයා සම්බන්ධ වී ඇතැයි හෙළි වූ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක පොතක් ගන්න යන වියදමෙන් එදා යුරෝපයේ ලොකු මිදි වත්තක් නැත්නම් මාලිගාවක් වගේ ලස්සන ගෙයක් ගන්න පුළුවන්කම තිබුණා.
2025 - 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම,10% කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ගුවන් ගමන් සදහා පැමිණෙන මගීන් සංඛ්‍යාව 22% කින් ඉහළ ගොස් ඇති බවයි.
ගුවන් සේවයේ කාර්ය සාධනය ද,74% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පසුගිය වසරේ එම අගය, 69% කි.
එන්ජින් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් මෙහෙයුම් වලින් ඉවත් කර තිබූ ගුවන් යානා දෙකක් යළි සේවයට එක් කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් අලුත්වැඩියා කර සේවයට එක් කරන බවයි.
Newsfirst.lk
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් සඳහන් කරයි.
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 27 වැනිදා සිට නිවාඩු ලබා දුන් සියලුම මුස්ලිම් පාසල්වල නිවාඩු දෙසැම්බර් 05 දක්වා දීර්ඝ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
නීති විරෝධී මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා පිළිබඳ පැමිණිලි දහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළැයි පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
සබැඳි මූල්‍ය වංචාවලට (Online Financial Scams) සම්බන්ධ බවට සැකපිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු ඊයේ (මාර්තු 30) රාත්‍රියේ දිවයිනෙන් පිටුවහල් කර තිබේ.
මෙක්සිකෝවේ වඩාත් ප්‍රචණ්ඩකාරී සහ බලවත්ම මත්ද්‍රව්‍ය ජාලය ලෙස සැලකෙන ‘ජාලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) කල්ලියේ නායක නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස් හෙවත් ‘එල් මෙන්චෝ’, මෙක්සිකානු විශේෂ බළකා සහ ඇමෙරිකානු බුද්ධි අංශ එක්ව දියත් කළ දරුණු හමුදා මෙහෙයුමක දී මියගොස් ඇත.
මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍ය කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටෙස් (Nemesio Oseguera Cervantes), නොහොත් "එල් මෙන්චෝ" (El Mencho) හමුදා මෙහෙයුමක දී මියයාමත් සමග එරට ප්‍රාන්ත 20ක පමණ දරුණු ප්රචණ්ඩ ක්‍රියා ඇවිළී තිබේ.
මෙක්සිකෝවේ සලමන්කා නගරයේ ඊයේ (25) සිදු කළ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගල මරණ 11ක් වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වූ විට බස් හෝල්ට් නිල් පාටින් වර්ණ ගන්වන බවත් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිනි විට බස් හෝල්ට් කොළ පැහැයෙන් වර්ණ ගන්වන බවත් සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ පැවසූහ.
නිදහසින් පසු මෙරට පාලනය කළ විවිධ දේශපාලන පක්ෂ නිවැරැදි දේශපාලන දර්ශනයකින් තොරව, ඒ ඒ අවස්ථාවේ පැන නගින ප්‍රශ්න සඳහා පිළිතුරු සොයමින් ජාතික වැඩපිළිවෙළකින් තොරව රට පාලනය කළ බැවින් අපේ රට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සර්ව ජනබලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ලෝකයේ නිශ්චිත මොහොතකට පසු රාජ්‍ය පාලනය සඳහා දෘෂ්ටිවාද තුනක් මැදිහත් වූ බවත් එම දෘෂ්ටිවාද තුන ලෙස: ජාතිකවාදය, ලිබරල්වාදය සහ සමාජවාදය හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

