අනුන්ට නින්දා අපහාස කරමින්, බොරුවෙන් රටක් පාලනය කළ නොහැකි බවත්, අනුන්ට කපන වළවල්වල මාලිමාව ම වැටී දැන් මාලිමාවට උතුර දකුණ මාරු වී ඇතැයි සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානී මධුර විතානගේ පැවසී ය.
ජනතාව, රට හදන්නට නොහැකි ජනාධිපතිවරු සියලු දෙනා ම අනිවාර්යයෙන්ම ගෙදර යවන බැවින් මාලිමාවට ද දැන් දැන් සොහොන් ලකුණු පහළ වී ඇතැයි අශෝක අභයගුණවර්ධන පැවසී ය.
සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ චරිතය ඝාතනය කරමින් සමණ්ඩලයට ලත් කිරීමට ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව පච මදිවට හොරු, අනුරට බෑ යන තේමාව මුල් කර ගනිමින් පැවැත්වූ ජනහමු මාලාවේදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ ඉඩමක බැම්මක් කපමින් සිටී කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි.
එසේ පස් කන්දට යටවී මියගිය සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බවත්, මේ වන විට ඔවුන් තිදෙනාගේ ම සිරුරු මාවනැල්ලේ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.
එම ස්ථානයේ සිවු දෙනකු සේවය කර ඇති අතර එක් අයකු යට නොවී බේරි ඇත.
මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිර වූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් මෙහෙයුම් මගින් මේ වන විට පුද්ගලයන් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.
අද පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී විගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්. එස්. පී. ජයරත්න ගේ නම අනුමත කිරීමට කටයුතු කර ඇත.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මුණ ගැසීමට වේලාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය දරන උත්සාහය මාස හතරක් තිස්සේ අසාර්ථක වී ඇතැයි එහි සභාපති රන්දීර් රුද්‍රිගු පවසයි.
වන හානි, වන ජීවීන් හට සිදු කරන විවිධ නීති විරෝධී ක්‍රියා, කඩොලාන තෙත් බිම් ගොඩ කිරීම්,සහ වන සංරක්ෂිත ප්‍රදේශ හෙළිපෙහෙළි කිරීම් සහ වනාන්තරවල සිදු කෙරෙන අපරාධ ඇතුළු සිද්ධි රැසකට අදාළව මහජන පැමිණිලි 1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති බවත්,
මැගසින් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි 38 හැවිරිදි රැඳවියෙකුට පහර දී ඝාතනය කර මරා දැමීමේ පුවතක් වාර්තා වේ.
මැටි භාවිතයෙන් නිපද වූ මී මැසි පෙට්ටියෙහි නිපදවෙන මී පැණි ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි අගයක් ගන්නේ යැයි එහි නිෂ්පාදක කොලොන්න, කෑල්ලේ ඩී. බී. රත්න කුමාර පැවසී ය.
මැඩගස්කරයේ ජෙන් - සී (Gen Z) තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) රටින් පලා ගොස් ඇතැයි එරට විපක්ෂ නායක, හමුදා ආරංචි මාර්ග සහ විදෙස් තානාපති නිලධාරියකු ඊයේ (13) ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ලොව පුරා පැතිර යන ජෙන් - සී අරගල රැල්ල මසක් වැනි කෙටි කලක් තුළ මැඩගස්කර රජය ද පෙරළා දැමීමට සමත්ව ඇත.
ඉරිදා (05) එරට හමුදා කොටස් අරගල කරුවන්ට සහාය පල කර සිටීමත් සමග බියට පත් රජෝලීනා එදිනම රටින් පලා ගිය බව විපක්ෂ නායක සිටෙනි සැන්ඩ්‍රියානාසොලොනිඅයිකො (Siteny Randrianasoloniaiko) විසින් තහවුරු කර තිබේ. එම පුවත ජනපති කාර්ය මණ්ඩලය විසින් ද සනාථ කර ඇත.
ජනපති රජෝලීනා පලා ගිය ස්ථානයක් පිලිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. ඔහු ප්‍රංශ හමුදා යානයකින් පලා ගිය බව පමණක් දැනට අනාවරණය වී ඇතැයි හමුදාව පවසයි.
මේ අතර, ඊයේ ෆේස් බුක් ඔස්සේ ජනතාව ඇමතූ රජෝලීනා, ජීවිතාපේක්ෂාව පතා ආරක්ෂක ස්ථානයක් වෙත ස්ථාන මාරු වූ බව ප්‍රකාශ කළේය. තමා සිටින ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඔහු, කිසිවකුටත් මැඩගස්කරය විනාශ කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.
රජෝලීනා ජනපති ධුරය අත්හැරීම තව දුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව එරට විදෙස් තානාපති අංශ කියයි. ඔහු ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) සමග රහස් ගිවිසුමකට එලැඹ ඇතැයි RFI ප්‍රංශ ගුවන් විදුලි සේවය නිවේදනය කළේය. ගාසා සටන් සම්බන්ධයෙන් ඊයේ ඊජිප්තුවේ පැවති විදෙස් නායක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති මැක්‍රන්, මැඩගස්කර ජනපතිවරයාට රටින් පලා යාමට ප්‍රංශය සහාය දුන් බවට පළවන පුවත් හදිසියේ තහවුරු කළ නොහැකි යැයි පැවසීය.
මැඩගස්කර ව්‍යවස්ථාවට අනුව නීතිය ස්ථාපිතව පැවතිය යුතු බව අවධාරණය කළ ප්‍රංශ ජනපති, තරුණ ප්‍රජාව මුහුණ පා ඇති ගැටළු නිරාකරණය කිරීම අනිවාර්ය කටයුත්තක් වුව, එම සිවිල් ගැටළු සම්බන්ධයෙන්, හමුදා කොටස්වලට අනවශ්‍ය අත පෙවීම් සිදු කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද අවධාරණය කළේය. මැඩගස්කරය කලක්, ප්‍රංශ යටත් විජිතකරණයට හසුව තිබූ අප්‍රිකානු දිවයිනක් ද වේ.
විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත දීප ව්‍ය්පාප්ත තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
Madagascar's president has left the country after Gen Z protests, officials say
මැඩගස්කරයේ බලය අත්පත් කරගත් බව එරට හමුදාව පවසයි.
ඒ, සති ගණනාවක් එරට තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුවය.
එරට හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාව විසින් රජයක් පිහිටුවා වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම වැනි ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද ඔහු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව සහ විරෝධතාකරුවන් මැඩගස්කර් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සැමරීම ආරම්භ කර ඇති අතර දහස් ගණනක් කොඩි ලෙලවමින් බොහෝ පිරිස් මේ වන විට අගනුවරට එක්රැස් වෙමින් සිටිති.
2009 දී බලයට පත් වූ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ද්‍රි රාජොයිලිනා (Andry Rajoelina) විරෝධතා හමුවේ රටින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ප්‍රංශ හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා රටින් පිටතට ගෙන ගිය බවට ද නිල නොවන වාර්තාවල සඳහන් කරයි.
විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ප්‍රකාශ වේ.
මුලාශ්‍ර :
Madagascar military says it has seized power as president moves to 'safe place'
මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න දෙකක් ඇතුලත් කළහොත් නිවැරදි මැතිවරණ තොරතුරු කඩිනමින් ජනගත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.
දරුවන් ගේ ශිෂ්‍යයත්ව ප්‍රශ්න උදෙසා මේ වන විට දෙමව්පියන් පමණ ඉක්මවා වෙහෙස ගෙන කටයුතු කරන බැවින් මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තොරතුරු හඹා යමින් එය නිවැරදි අවබෝධ කරගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
රටේ මැතිවරණ ක්‍රියාවලිය සහ එහි ප්‍රායෝගික හා නෛතික තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළවිට රටේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදි මාවතක රැගෙන යා හැකි යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදිව ජනගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දා ගාළුමුවදොර හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
උපරිම කඩේ යන පුද්ගලයකු පොලිස්පතිවරයා බවට පත් කරගෙන, එම පොලිස්පතිවරයාට තමන් ගේ ම බොරු ටික ඔප්පු කරන්නැයි බලපෑම් කර, ඒවා ඔප්පු කර ගැනීමට නොහැකි වන විට ඒවා මිසින් කියනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මාලිමාව ප්‍රමුඛ ජවිපෙ කණ්ඩායම ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ඉදිරිපත් කළ පට්ටපල් බොරුසහා පැහැදිලිව ම දක්නට ලැබෙන මිථ්‍යා දැන් හොඳින් ම ඔප්පු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පැවසී ය.
පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියකගේ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර ට නියෝග කර ඇත.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, අද වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 2.9% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 115.84 ක් ලෙස සටහන් වී තිබේ.
මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වී ඇති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

