ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් මේ රටේ මිනිස්සු අමාරුවේ දැමීමට ද උවමනාවක් නැති බවත් මහින්ද අමරවීර පැවසී ය.
මේ රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා දැඩි ලෙස විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මෙරට මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ සේවා රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පුනරුද ආණ්ඩුව විසින් තමන්ට ප්‍රතිවාදි මත දරණ දේශපාලන නායකයින්, රණවිරුවන් ප්‍රබල ලෙස දඩයම් කරමින් සිටින අතර ඒ දඩයම් ක්‍රියා දාමයේ ප්‍රධානතම පුද්ගලයා වවන්නේ ශානි අබේසේකර යැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක නාගරික මන්ත්‍රී පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේට කෝට්ටේ සංඝ සභාව විසින් අද දින පිරිනමන ලද ගෞරව සම්මාන උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...
මර්දනකාරී ආණ්ඩුවේ දේශපාලන දඩයමට ලක්ව ඇති සුරේෂ් සලේට යුක්‍තිය සාධාරණත්වය ඉටු කරදෙන ලෙස ඉල්ලමින් සිදු කරන අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමේ තෙවන අදියර අද උදෑසන ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ආරම්භ විය.
මහගම සේකර ගියායින් පස්සෙ ඒ තැන ලැබුණෙ රත්න ශ්‍රී සර්ට. එයත් සේකර වගේ ම ඕනවට වඩා නිහතමානි වුණා. ඕනවට වඩා මිනිස්සුන්ට උදව් කරන්න ගියා. ඒකයි ඔය වගේ වෙන්නෙ.
1935 දී මෙහෙයුම් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළේ මෙහෙයුම් ආරක්ෂාව සහ ජාත්‍යන්තර තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා හදිසි නවීකරණයක් සහ සුසංයෝගී සැලසුම්කරණයක් අවශ්‍ය බව ගුවන් සේවා විශේෂඥයින් පෙන්වා දීමත් සමඟ එය නැවතත් අවධානයට ලක්ව තිබේ.
ලෝක රන්ම මිල පහළ වැටීමත් සමග මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පහළ වැටී ඇති බව රන් වෙළෙඳ පොළ දත්ත පෙන්නුම් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද (නොවැම්බර් 13) රොහණ විජේවීර ඝාතනයේ 36වන සැමරුම පවත්වනවා.
ඒ රතු අහිංසක කුරුල්ලා ඊයේ තවත් කුරුල්ලන් දෙදෙනෙකු සමඟ කිලිනොච්චියේ සිට කොළඹට පියඹා ආවේ අහස උසට බලාපොරොත්තු තියාගෙන ය.
සපුගස්කන්ද රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
රිය අනතුරක් හේතුකොටගෙන අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබූ හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
මාත් එකක් දෙකක් බයිලා ලිව්ව නිසා මේ ටික ලියලා රන්වල ජාතකේ ඉවර කරන්නම්.
සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙන බවත්, ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා පැවසී ය.
සැත්කමින් පසුව මේ වන වන විට රනිල් සම්පූර්ණයෙන් ම සුවය ලබමින් සිටී.
සැත්කමින් පසුව තවමත් වෛද්‍ය උපදෙස් මත නිවසේ රැඳී සිටින රනිල්ට පසුගිය සතිය කාර්යබහුල එකක් වූයේ ඔහු ගේ නඩුව බදාදා විභාගයට ගැනුණු හෙයිනි.
රනිල් සැත්කමෙන් පසු ලංකාවට පැමිණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සැත්කමට භාජනය වී මුහුණ දිය යුතු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සියල්ලක් ම සම්පූර්ණ කළ රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මව්බිමට පැමිණියේ ය.
අනුර උතුරට ගිහින් යාපනයේ පන්සල් වල සිල් ගන්න එන්න එපා වගේ කතාවක් කියන විට රනිල් සිටියේ චැට් Gpt සමග සංවාදයක් ගොඩනගා ගනිමිනි. ඒ සංවාදයේ නිමිත්ත වූයේ දහම් කරුණකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි චෛත්‍ය වන්දනා කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

