#newstube

  • රනිල් වික්‍රමසිංහ නන්දන ගුණතිලකට අවසන් ගෞරව දක්වයි

    ජනතා විමුක්ති පෙරමුණෙහි මධ්‍යම කාරක සභිකයකු වු ද, 1999 වසරේ ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා වූ ද, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පානදුර නගර සභාවේ හිටපු නගරධිපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක ගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viiiවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අවසන් ගෞරව දැක්වූයේ ය.

  • රනිල් විපක්ෂ නායකයින් කැඳවීමට යයි

    'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පියවර ගෙන තිබේ.

  • රනිල් සහ සංතෝෂ් ජා පමණක් දන්නා රහස කුමක් ද...?- රනිල් කොලම

    බුදුන් ලංකාදීපයට අවුත් යක්ෂ සේනාව සක්වළ ගලින් එතෙරට එළවා දැමූ බව වංශ කතාවල සඳහන් ය. නැවතත් යක්ෂ සේනා විසින් අත්පත් කරගෙන සුන්නද්දූලි කර තිබූ රට පියවරෙන් පියවර ගොඩ ගනු ලැබූයේ රනිල් ජනපති විසිනි.

  • රනිල්, අතීත චීන ඉන්දු සබඳතා පිළිබඳ ඉන්දියාවට කියා දෙයි - රනිල් කොලම

    රනිල්ගේ එංගලන්ත ගමන ගැන නඩුව ආණ්ඩුවට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වී තිබෙයි. නඩුව අතාරින්නත් බැරි ය. අල්ලා ගෙන ඉන්නත් බැරි ය.

  • රනිල්, තිස්ස විතාරණට අවසන් ගෞරව දක්වයි

    කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු වන අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ ගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සවස අවසන් ගෞරව දැක්වූයේ ය.

  • රනිල්, මෛත්‍රී සමග ඉන්දියාවට ගියේ ඇයි ?

    හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය.

  • රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් සංචාරය නිල ආරාධනයක් මත සිදුවූවක් බවට සාක්ෂි හෙළිවෙයි!

    වුල්වර්ඩ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට නිල වශයෙන් ආරාධනා කර තිබූ බව එම විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද ලිපි මගින් තහවුරු වී තිබේ.

  • රමේශ් පතිරණ  පොහොට්ටුවට; අලුත් තනතුරු දෙකක් 

    ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ  රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

  • රඹෑව, ගිනිකටුවැව ජනතාව මුහුණපාන ගැටලු

    මිනිසුන් වශයෙන් අප මුහුණපාන්නා වූ ගැටලු, අභියෝග විවිධාකාර ය.  තනි තනි වශයෙන් පමණක් නොව පොදුවේ පිරිසකට මුහුණ පෑමට සිදුවන්නා වූ ගැටලු අභියෝග ඒ අතර සුවිශේෂී ය. මන්ද යත් ඒවායේ කටුක බව සහ ප්‍රතිඵල සියල්ලන්ට අත් විඳින්නට ලැබෙන බැවිනි.

  • රංවලට ආචාර්ය උපාධියක් නැහැ - බිමල් රත්නායක

    හිටපු කතානායක අශෝක රන්වලට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසී ය.

  • රවිට ඇලෝසියස්ට ඇති චෝදනා ඔප්පු කරන්න සාක්ෂිකරුවන් 53 ක් සහ ලේඛන 40ක් සූදානම්

    හිටපු මුදල් ඇමැති රවි කරුණානායක හා පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා අධිකරණය හමුවේ දී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සූදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙරේදා  (12දා) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේදී පැවැසීය.

  • රවීගෙන් මහබැංකුවට ප්‍රශ්න වැළක්!

    * දෙසැම්බර් ඉවර වෙද්දි ඩොලර් බිලියන 7.2ක් සංචිතවල තියෙන්න ඕනෑ! දැන් ඒක තියෙනවද?

  • රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි චෝදනා නැවත ගොනු කරන ලෙස අධිකරණ නියෝගයක්

    පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති සහ හිටපු ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි චෝදනා නැවත ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

  • රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වී පාසල් සිසුවියන් 13ක් රෝහලේ!

    කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් පාසල් සිසුවියන් 19 දෙනෙකු පානදුර මූලික  රෝහලට රැගෙන විත් ඇති බව පානදුර මූලික  රෝහල් ප්‍රකාශකයෙක් කීය.

  • රළපනාවේ ධම්ම ජෝති නාහිමි ගෙන් රනිල්ට පැසසුම් -රනිල් කොලම

    රනිල් කවදත් මහා විහාර සම්ප්‍රදායට ඉතා හිතැතිව කටයුතු කළ නායකයෙකි. මහා විහාර සම්ප්‍රදායේ යට ගියාව මතු කර ගැනීම සඳහා කැණීම් ඇරඹීමට රනිල් අගමැති ලෙස විශේෂ සහයක් ලබා දුන්නේ ය.

  • රෆා කොරිඩෝව තව දුරටත් වැසේ

    ඊජිප්තුව හරහා ගාසා තීරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන සහ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ප්‍රධාන  ප්‍රවිෂ්ඨ මාවත වන, රෆා කොරිඩෝව නැවත දැනුම් දෙන තෙක් වසා දැමෙන බව ඊශ්‍රායලය නිවේදනය කරයි.

    එය හෙට (20) යළි විවෘත කෙරෙන බවට ඊජිප්තුව දැනුම් දීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එම පියවර ගෙන තිබේ.

    රෆා කොරිඩෝව විවෘත කෙරෙන්නේ හමාස් සංවිධානය සටන් විරාම ක්‍රියාවලියට අනුගත වන ආකාරය අනුව බව, ඊශ්‍රායලය පවසයි. ගිවිසුම් ප්‍රකාරව, හමාස් භාරයේ පසුවෙමින් සිටියදී මියගිය ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායල හමුදාව වෙත භාර දිය යුතු අතර, ගිවිසුමේ අනෙකුත් කොන්දෙසිවලටද එම සංවිධානය වහා එකඟ ව ක්‍රියා කළ යුතු බව, ඊශ්‍රායල අවධාරණය කරයි.

    ගාසා වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් භීෂණකාරී හිංසන රැසක් සිදු කරමින් සිටින බවට විශ්වසීය තොරතුරු ලැබී ඇතැයි ද, එය සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි ද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.


    (සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/19/2025


    Israel says Rafah crossing to remain closed until further notice

  • රාගම නගරය කැළඹූ ‘හිසකෙස් කැපීමේ’ අමානුෂික ප්‍රහාරය: ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු දැලේ

    රාගම නගරයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා දමා, අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

    අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි  පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද (01) අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

  • රාජගිරියේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය​ක්

    රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

  • රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද...? - Ideas front වීඩියෝවක්

    රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් ලබා දෙන්නට අපොහොසත් වූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න