ඔය ප්‍රාදේශීය සභා වගේ ඒවාගේ සභාපතිකමට පත්වෙන සමහර අම්බරුවෝ ඉන්නවා නේද, උං හිතාන ඉන්නේ ඒ ඒරියා එකේ රජතුමා උං කියලා.
1978 වෙනකල් රජයේ නිල ධූරාවලියක් (higherachi) කියලා එකක් තිබ්බනේ. ඒකේ හැටියට රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපති වෙනවා වගේම නගරයක නගරාධිපති ඒ නගරයේ ප්‍රධාන පුරවැසියා වෙනවයි කියන ඇමරිකන්, එන්ග්ලන්ඩ් සම්ප්‍රදාය ලංකාවේත් තිබ්බට ජේ. ආර්. පප්පගේ 78 ව්‍යවස්ථාවෙං ඒක අල්ලලා ඌසි කළා.

අහෝසිකම්ම මට්ටමේ තිබූ ධුරාවලිය තාමත්ම බලාත්මකයි ද...?
1987 ප්‍රාදේශීය සභා පනත ගේනකොට ඔය හයරාචි කියන එක කැලේ. මොකද, ලංකාවේ ඒ වෙනකොට තිබ්බ සමාජ විපර්යාස එක්ක අර සුද්දගේ හයරාචි එක ලංකාවට ඇප්ලයි කරන්ඩ බැරි තත්ත්වෙක තිබ්බේ.
උදා- සුද්දගේ ක්‍රමේට පොලිසියේ S.I. කෙනෙක් ගේ සම ධුරාවලිය හිමි වුනේ හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක්ට.
පොලිසියේ ASP. කෙනෙක් තියලා තිබ්බේ හමුදාවේ Major රෑන්ක් එකේ. Junior Lawyers ලා, Doctors ලා හිටියේ ඊටත් රෑන්ක් එකක් පහළිං.
හමුදාවේ ඔය ධූරාවලිය තාමත් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ හමුදාවට ඩොක්ටර් කෙනෙක් කාරිය බඳවා ගන්නේ කැප්ටන් වාගේ රෑන්ක් එකකිං.( ඒක වෙනම සීන්නෙකක් ) හැබැයි 87 ප්‍රාදේශිය සභා පනත ගේනකොටත් අහෝසිකම්ම මට්ටමේ තිබ්බ ධුරාවලිය තාමත්ම බලාත්මකයි කියලා හිතන ගං කබරයෝ හෙණ තොගයක් ඉන්නවා.
දෙපාර්ශ්වයක බලතල ගැටුමක්
අර, මඩකළපුව පැත්තේ වාලච්චේන ඇතුළ ප්‍රාදේශිය සභා දෙක තුනක ඔළමොට්ටලයෝ දෙතුං දෙනෙක්, බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත ගමන් කරන මාර්ග සලකුණු කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවි කර තිබූ පුවරු ඉවත් කරන්නේ, දමිළ හා සිංහල සමාජය අතරේ ගැටුමක් ඇති කිරීමේ ජාතිවාදී අරමුණු පෙරදැරි කර ගෙන නොව, තමන්ගේ පොරත්වය ප්‍රදර්ශනය කරලා චන්ද පදනම පුලුල් කර ගැනීමේ පටු අරමුණක් මත බව පැහැදිලියි. කෙටියෙන් කියනවනං, මෙතනදී වී ඇත්තේ, ප්‍රාදේශීය සභා පනත යටතේ වාලච්චේන ඇතුළු ඒ ප්‍රාදේශිය සභා දෙක තුනට තියෙන බලතල හා වරප්‍රසාද සහ පුරාවිද්‍යා පනත යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇති බලතල හා වරප්‍රසාද ගැන මෙලෝ අල්බෝලයක දැනුමක් නැතුව, දෙගොල්ලම හොඳම එකෙං නා ගත්ත සීන්නෙකක් ය මටනං පේන්ඩ තියෙන්නේ.

ප්‍රාදේශිය සභා පනතේ 52, 61 හා වෙනත් වගන්ති යටතේ ඔවුන්ට පවරා ඇති බලතල ප්‍රකාරව ඔවුන්ගේ බල ප්‍රදේශයට අයත් මාර්ගයක් ආසන්නයේ සභාවෙන් දෙනු ලබන ලිඛිත අවසරයක් නොමැතිව, කිසිවකුට මාර්ග පුවරුවක් ,දැන්ව්ම් පුවරුවක් පවා සවි කළ නොහැක. ඒ අනුව, එසේ සවි කළ දැන්වීමක් ඉවත් කිරීමේ නීත්‍යනුකූල බලයක් ඔවුන්ට හිමි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වී ඇත්තේ, තමං මධ්‍යම රජයේ දෙපාර්තමේන්තුවක් වන බවත්, තමන්ගේ පුවරු ඇටවීමේ දී කාගෙන්වත් අවසර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ප්‍රාදේශිය සභා පාලනය වන්නේ මධ්‍යම රජයේ අධීක්ෂණය යටතේ බවත්, බල්ලට ඕනෑ විදියට නැට්ට වනනවා මිස නැට්ටට ඕනෑ විදියට බල්ලා නටන්ඩ සූදානං නෑ වගේ එකක් ය.
ජනතාව ගේ දැනගැනීම පිණිස
01.ඔතන තියෙන්නේ ජාතිය හා ආගම මත පදනම්ව මොකක් හරි නරි නාටකයක් එළියට ඇද දමා ජාතිවාදී විෂබීජ සමාජකරනය කිරීමේ උත්සහයක් හරහා බලය රැක ගැනීමේ උත්සහයක් හෝ බලය ඩැහැ ගැනීමේ උත්සහයක් කියලා අපි තේරුම් ගන්ඩ ඕනෑ.
02.මේ විකාරරූපී හා දෙපිටකාට්ටු රංගන ඉදිරියේ ඇස් නිලංකාර කර ගන් නැතුව සිහි බුද්දියෙං බලාන ඉන්න , සිවිල් ජනතාව හා ඔවුන්ට මග පෙන්නන සිවිල් බුද්ධිමත්තු කියලා සෙට්ටෙකක් ඉන්ඩත් ඕනෑ.
03.මොකක් හරි සූපිං කේස්සෙකක් ආව ගමං ජාතිය ආගම විනාසයි කියලා හතර අතේ ගිනි තියන හනුමන්තලාගෙන් පරිස්සං වෙන්ඩ කවුරු කවුරුත් පරිස්සං වෙන්ඩ ඕනෑ.
04.තිස් අවුරුදු යුද්ධයකිං සෘජුවම බැට කාපු උතුරේ මිනිස්සුන්ගේ ජන විඥානය තේරුං අරං කටයුතු කරන්ඩ ඔය පුරාව්ද්‍යා වගේ දෙපාර්තමේන්තු තේරුං ගන්ඩත් ඕනෑ.

ඔය මොකක් හරි බෞද්ධ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැනක් තහවුරු කර ගත්තට පස්සේ, ඒකේ සීමා මායිං ලකුණු කරලා, ඒක ගැසට් කරලා, එතෙන්ට අවශ්‍ය ආරක්ෂාව සැපෙව්වාම ඇති. සෙනඟ පිරිවරාගෙන ගිහිං එතන කිරි කොරහා නටන්ඩ ඕනෑ නෑ. හන්දියක් ගානේ බෝඩ් ගහන්ඩ ගියාම එහෙ මිනිස්සුන්ට සංජානනය වෙන්නේ වෙන දෙයක්. මොකද මේවා දිය රෙද්දෙං බෙල්ල කපන්ඩ වුනත් පුළුවං සංවේදී කාරණා. ඒ තැං බලන්ඩ යන අයට ගයිඩ් ලයින්නෙකක් දෙන්ඩ ඕන්නං, මේ තරං තාක්ෂණේ දියුණු කාලෙක, ඕම බෝඩ් ගගහා කරන සංදර්ශන ඕනේ නෑ., ඒවට ඕනෑ තරං දියුණු ක්‍රම තියෙනවා.
05.ප්‍රාදේශිය සභා පනත යටතේ, රජය හෝ රජයේ දෙපාර්තමේන්තුවක්, මධ්‍යම රජය යටතේ පවතින මාර්ග ඇර, ප්‍රාදේශිය සභා පාලනය යටතේ පවතින මාර්ගයක මාර්ග සීමාව ඇතුළත කරන ඉදිකිරීමක් හරි සවි කිරීමක් කරන්ඩ ප්‍රාදේශිය සභාවෙන් අවසර ගත යුතු ද , නැද්ද යන්න නිශ්චිතව සදහන් කරමින් පනත සංශෝධනය කරන්ඩ ඕනෑ.
06.මොනා උණත් මේ කරපු අලුගුත්තේරු වැඩේට පුරාවිද්‍යා පනත යටතේ නඩු දාන්ඩ බැරි වුනත් (දැනට අනාවරණය වෙලා සහ මං දන්න කරුණුවලට අනුව) ,සභාවල කට්ටිය මේ හරහා රජයට කරපු අලාභේ රු100 000/ ට වැඩිනං, පොදු දේපළ පනත යටතේ හරි ඒමත් නැත්තං සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සම්මුතික පනත යටතේ හරි මේ ගොබ්බයෝ ටික ක්ෂණිකව ඇරෙස්ට් කරලා, උසාවි දාන්ඩ තරං කොන්දක් ආණ්ඩුවට හරි පොලිසියට හරි තියෙන්ඩ ඕනෑ.
කළ යුත්තේ කුමක් ද...?
(සතියක් දෙකක් ගියාට පස්සේ, අර වාගේ බරපතළ පනතක් යටතේ තව දුරටත් කටයුතු කරන්ඩ බලාපොරොත්තු වෙන් නෑ කියලා, ඔය අනර්ථය වගේ චෝදනාවක් ඒ වෙනුවට දාලා, අරුං ලවාම ඔය බෝඩ් ටික තිබ්බ තැංවලම හයි කරවලා ඒක සෙට්ල්ඩවුන් කරන එක වෙනම වැඩක්.)
ඒම කලානං ඔය ළදරු නාටකේ මෙච්චර ඉසේ කැක්කුමක් වෙන් නෑ. අරුං ටික සතියකට විතර රිමාන්ඩ් කළා නං, ඔය තටු කපලා අයිං කරපු ගල උඩ වත්තෙලාට ඕම බඩ පිනුං ගාන්ඩ චාන්ස් එන්නෙත් නෑ. රටක් පාලනේ කරද්දී අවංකකම විතරක් හරි යන් නෑ, ඒකට පළපුරුද්ද, කට්ටකම හා ක්ෂණිකව තීන්දු තීරණ ගන්ඩ පුළුවං ගටක් තියෙන්ඩ ඕනෑ.!
ඒම නැතුව අස්පයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.!
(Wasantha Siri Watagoda )
Attorney at Law ,State Attorney at Madhawachchiya
උපුටා ගැනීම - Wasantha Siri Watagoda ගේ ෆේස්බුක් පිටුවෙන්


