Image

රනිල් කොලම - රනිල් ගෙන් මාධ්‍ය පාඩමක්

රනිල් කොලම - රනිල් ගෙන් මාධ්‍ය පාඩමක්

රනිල් කවදත් මාධ්‍යකරණයට ඉතා ළැදි පුද්ගලයෙකි. ඔහු ජනාධිපති ධුරය දරන සමයේ ද වරෙක "මමත් මාධ්‍යවේදියෙක් තමයි" යැයි හඳුන්වා දුන්නේ ය. රටේ ප්‍රබලතම මාධ්‍ය පුරෝගාමීන්ට ළඟම ඥාතීත්වයක් ඇති රනිල් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය පිළිබඳව දැඩි ඇල්මකින් කටයුතු කරන්නෙකි.

මෙවර මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ද රනිල් මුද්‍රිත මාධ්‍යයේ ඇතැම් බිඳ වැටීම් ගැන සංවේගයෙන් කතා කළේ ය.

" මේ වෙනකොට මුද්‍රිත මාධ්‍ය තරුණ තරුණයන්ට අමතන්නේ නෑ. ඒක නිසා ඔවුන් ගෙන් පත්තර ගොඩක් දුරස් වෙලා තියෙන්නේ. 125889513 tv076258981

ඒ කාලේ විවිධ ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන පත්තරවල විවිධ විශේෂාංග පළ වුණා. උදාහරණයක් විදිහට ත්‍රී රෝද රථ එළවන මිනිස්සු ඉලක්ක කරගෙන, ඔවුන්ට ගැළපෙන විදියට විවිධ විශේෂාංග පළ වුණා. ත්‍රී රෝද රථයකින් පත්තරයක් ගන්නවා කියන්නේ තව තව සමාජ කණ්ඩායම් අතරට ඒ පණිවිඩය යනවා. නමුත් අද ඒ ඉලක්කගත කණ්ඩායම්වලට අමතන එක ගිලිහිලා තියනවා. අපට වඩා දියුණු විදෙස් රටවල පුවත්පත් කලාව තාම තියෙනවා. ඔවුන් සමාජ වෙනස හඳුනාගෙන ඒ වෙනසට අනුවර්තනය වෙලා පත්තර කලාව සාර්ථකව ගෙනියනවා. අපිට එතෙන්ට යන්න බැරි ඇයි? මිනිස්සු කියවන්න කැමති කොච්චර දේවල් තියෙනවද? ඇයි ඒ දේවල් හඳුනාගෙන දෙන්න බැරි. මිනිස්සුන්ට ඉරාන යුද්ධය ගැන, ට්‍රම්ප් ගැන කොච්චර දැනගන්න දේවල් තියෙනවද? ඔවුන් මේවා කියවන්න ආසයි," රනිල් කීවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්න හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ලෙස බලමිනි.

ආණ්ඩුව විසිඑක් පළක වසුරු හෙළයි

මැයි දිනයේදී ආණ්ඩුව තැන් 21ක වසුරු හෙළා ඇති බව විපක්ෂයේ නායකයෝ රනිල් හමුවේ කීහ. දැන් ඒ වසුරු සෝදන්නට සිදු වී ඇත්තේ ඩෝබින්ට ය. ලොකුවටම සෝදන්නට වී ඇත්තේ ජනාධිපති ඉදිරියට දීමට නියමිත අධිකරණ තීන්දු ගැන කතා කිරීම ය. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල හඬක් නගමින් සිටී. ජනාධිපතිවරයා එහි දී පැවසූයේ ඉදිරියේදී එන තීන්දුවලට අත්පුඩි ගැසීමට සූදානමින් සිටින ලෙසයි.

"කොච්චර උනත් මිනිස්සු තාම මහින්දට ආදරෙයි; මහින්ද ටාගට් කරනවට මිනිස්සු කැමති නෑ," යැයි මන්ත්‍රී කණ්ඩායම අතර සිටි චාමර පැවසී ය.

"ආණ්ඩුව බලන්නේ ඔවුන් ගේ සැලසුම් ඔක්කොම කඩා වැටෙන කොට හොරු කියල චෝදනා කරලා ඒ තීන්දු මත එල්ලෙන්න," යැයි රනිල් පැවසුවේ ඊට පිළිතුරක් ලෙසිනි.

භාණ්ඩාගාර ලේකම් අස්වෙයි ද?

" හරි ඔය තීන්දු එනකොට දිට්වාවලින් හානි වෙච්ච පාරට වැටුණු මිනිස්සුත් අප්පුඩි ගහනවද? තාම ඒ පාරවල් හැදිලා නෑ. වැඩ එහෙමමයි. ඇත්තෙන්ම අත්පුඩි ගහන්න ඕන පාක්ෂික මිනිස්සු නෙවෙයි මැද ඉන්න අය. ඒ අයට අත්පුඩි ගහන්න නොවෙයි පාන් කියාගන්න බැරිව පීඩාවට පත්වෙලා ඉන්නේ. මේක දැන් කරගන්න බැරුව හිර වෙලා තියෙන්නේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩාගාර ලේකම්තුමා තවදුරටත් ධුරයේ ඉන්නවද? අයින් වෙනවාද? ආණ්ඩුව ඒ ගැන පැහැදිලි තීරණයක් කියන්න ඕන,'' යැයි වජිර තම මතය ඉදිරිපත් කළේය.

භාණ්ඩාගාර සිද්ධිය ගැන ආණ්ඩුව විවාදයක් ඉල්ලූ විට එය ලබාදීමට පවා ආණ්ඩුව බියට පත්ව ඇත. ඇපෙන් ගැලවෙන්නට සේ පැයක එකහමාරක විවාද කාලයක් දී ඇඟ බේරා ගැනීම ආණ්ඩුවේ අරමුණයි.

මාළිමා ආණ්ඩුව වියට්නාම ආණ්ඩුවේ තත්ත්වයට...?

"මේ ආණ්ඩුව දකුණු වියට්නාම් ආණ්ඩුවේ අන්තිම කාලෙට එනවා වගේ," යැයි රනිල් කීවේ ඒ සිද්ධිය ද පැහැදිලි කරමිනි.

FILE - In this April 29, 1975 file photo, South Vietnamese civilians scale the 14-foot wall of the U.S. embassy in Saigon, trying to reach evacuation helicopters as the last Americans depart from Vietnam. (AP Photo/File)

1975 අප්‍රේල් 30 - සයිගොන් වැටීම

"දකුණු වියට්නාම් ආණ්ඩුවේ අන්තිම කාලය කියන්නේ 1973 ඉඳන් 1975 අප්‍රේල් 30 දක්වා කාලය. ඒක තමයි "වියට්නාම් ජනරජය" කියන රට ලෝක සිතියමෙන් අතුගෑවිලා ගිය කාලය. 1975 අප්‍රේල් 30 - සයිගොන් වැටීම සිද්ධ වුණා. දවස් නවයට ජනාධිපතිලා තුන් දෙනෙක්. මේ බිඳවැටීමට හේතු කිහිපයක් හඳුනාගන්න පුළුවන්. දූෂණය ඒ වගේම ජනතා සහයෝගය නැතිවීම හඳුනාගන්න පුළුවන්.'ජනතා විරෝධී ආණ්ඩුවක් ස්වභාවිකවම වැටුණා.' කියලා තමයි අන්තිමට මිනිස්සු කිව්වේ. මේ ආණ්ඩුවට බලපා ඇති තවත් ‍ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ හොරකම සහ අනිත් පැත්තෙන් අධිකරණය යි. මාලදිවයින් ජනාධිපති ආපු වෙලාවේ කෙරුණ කතාවෙන් රටට මුකුත්ම නෑ නේද?දෙපැත්තෙම තිබුණේ ස්තුති කර ගැනීම් විතරයි.''

සජිත් ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවෙක්

සජබ සමග ඒකාබද්ධව පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවට යන්න එපා යැයි සජිත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවසා ඇතැයි රනිල්ට ආරංචි වී තිබිණි. මෙවැනි සිදුවීම් හිතා මතාම සිදුකරමින් සජිත් ජනතාව ඉදිරියට ගොස් පක්ෂ දෙක එකතු වෙලා යැයි පාරම් බායි. සජිත් මේ ඉටු කරමින් ඉන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව මොළය කළඳක් තිබෙන මිනිසුන්ට නම් හොඳින්ම පැහැදිලි ය.

මැයි දිනයේ දී සජබ මහලේකම්වරයාට කතාවක් නොදුන් හේතුව

සජිත් මේ සැරේ මැයි දිනය පැවැත්වූයේ මාධ්‍යයටත් දොරගුළු ලාගෙනය. දේශපාලන විචාරකයින් පවසන්නේ මාධ්‍යයට වැට බැඳීම යනු සජිත්ට සඟවන්නට බොහෝ දේ ඇති බවයි. සමග ජන බලවේගය රනිල්ගෙන් මැයි දිනයේ පළ කිරීම සඳහා පණිවිඩයක් ඉල්ලා තිබිණි. රනිල් ඒ පණිවිඩය නොපැකිලිව ලබා දුන්නේය.ranjith madduma bandara

සාම්ප්‍රදායිකව ඒ පණිවිඩය යැවුණේ පක්ෂ මහ ලේකම්වරයාට ය. හිතවත් රංජිත් යනුවෙන් එය ආමන්ත්‍රණය කර තිබිණි. ඒ පණිවිඩය මැයි දින රැස්වීමේ දී කියවන ලෙස රනිල් රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් එම සුබ පැතුම් පණිවිඩයෙන්ම ඉල්ලා තිබිණි. නමුත් රනිල් ගේ පණිවුඩය කියැවූයේ නිවේදකයා විසිනි. මේ ක්‍රියාව ගැන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් බොහෝ දෙනෙක් අප්‍රසාදය පළ කර තිබෙන බව ආරංචිය.

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීවේ අදාළ පණිවිඩය කියවීම මගහැරවීම සඳහා මෙවර මැයි දින රැස්වීමේ දී සජබ මහලේකම්වරයාට කතාවක්වත් නොදී තිබූ බවයි.

සජිත් ගේ දෙබිඩි බවOpposition leader and the presidential candidate of United People's Power Sajith Premadasa speaks during an interview with The Associated Press in Colombo, Sri Lanka, Thursday, Sept. 12, 2024. (AP Photo/Eranga Jayawardena)

සජිත් ගේ මැයි දින කතාව පුරාම තිබුණේ ද හීනමානය බව පෙනෙන්නට තිබිණි. එජාප -සජබ එකතුවට කමිටු අවශ්‍ය නැති බවත් දැන් පක්ෂ දෙක එකතු වී ඇති බවත් සජිත් පැවසුවත් ඇත්තට ම සිදුවන්නේ සජිත් ගේ මරි මෝඩකම් හමුවේ ජනතාව එජාපය වටාරොක් වීමයි. විපක්ෂ නායකයා ලෙස සජිත් ගේ මේ දෙබිඩි පිළිවෙත් හමුවේ ඒකාබද්ධ විපක්ෂය සැබෑ විපක්ෂ භූමිකාව කරමින් සිටී. ඔවුහු රට පුරා ආණ්ඩුවේ දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රැස්වීම් සංවිධානය කරමින් සිටිති. ඒ අනුව ඉදිරියේ දී මාතර දැවැන්ත රැලියක් සංවිධාන කෙරෙනු ඇත.

රනිල්, අනාගතය විනිවිද දැකීම

පළපුරුදු අය හොරු යැයි පැවසූ ආණ්ඩුව ඔවුන් ඉවත් කරන ලෙස ජනතාව ගැන ඉල්ලා සිටියේ ය. ජනතාවට දැන් පළපුරුදු අයගේ අගය තේරෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. රනිල් කාටත් කලින් දිවැසින් වගේ කල් තියාම ඔය සිදුවීම් දුටුවේ ය. ඔහු මැතිවරණ වේදිකාවල එල් බෝඩ් කතාව කීවේ කට කහනවාට නොවන බව දැන් ජනතාව තේරුම් ගෙන සිටී.

ජී. එල්. ගෙන් ජනපතිට දෝෂාරෝපණයක්

මේ අතර ජී.එල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් වත්මන් සමාජ ප්‍රශ්න ගණනාවක් ගැන කරුණු ගෙනහැර දැක්වී ය. තවම ප්‍රකාශයට පත් පත්කර නැති අධිකරණ තීන්දුවක් ගැන ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ජී.එල් එහි දී දැඩි විවේචනයකට ලක් කළේය. මෙය ලංකා ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ කාරණයක් බව ද ජී.එල් එහිදී කීය.

1678178548 GL 6

"නඩුව ඇහුවේ අප්‍රේල් 30 වැනිදා. එතුමා මේ කතාව කරන්නේ මැයි පළවැනිදා. අප්‍රේල් 30 වැනිදා අහපු නඩුවේ නඩු තීන්දුව මැයි 25 ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති කියනවා. බරපතල කාරණය වන්නේ ඒ නඩු තීන්දුව ලැබුණාම අත්පුඩි ගහන්න සූදානමින් ඉන්න යනුවෙන් කියපු එකයි. ඒ කියන්නේ මේ නඩු තීන්දුව පිළිගන්න පිරි ඉතිරී ගිය සතුටෙන්, අත්පොළසන් නාදයකින් මේ අධිකරණ තීරණය පිළිගන්නයි කියලා ජනාධිපතිතුමා ඒ රැලියේ ප්‍රසිද්ධියේ ජනතාවට කියනවා. දැන් මේ ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ අහන නඩුවක්. තාම තීන්දුව දීලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා අඟවනවා ඒ තීන්දුව මොකක්ද කියන එක ගැන ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තියෙනවා කියලා ඒ නඩු තීන්දුව පිළිබඳව. අපේ නීති සංස්කෘතිය, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම සම්පූර්ණයෙන් දෙදරන ප්‍රකාශයක් මේක. මම මේක බොහොම කණගාටුවෙන් කියන්නේ දේශපාලනඥයෙක් හැටියට නොවෙයි, මේ රටේ පරම්පරා දෙකකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීති අධ්‍යාපනය දුන් ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක් හැටියට.

මොකක්ද අපේ නීතිය? නඩුවක් අහනවා. දෙපැත්තෙන් ඉදිරිපත් වෙන සාක්ෂි සැලකීමට භාජනය කරනවා. ඉන්පසු විනිශ්චයකාරතුමා ස්වාධීනව තීන්දුව ප්‍රකාශයට පත් කරනවා, නීතියට අනුකූලව තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව. එකම මිනුම් දණ්ඩ විනිශ්චයකාරවරයාගේ හෘද සාක්ෂිය. කිසිම පිටස්තර පුද්ගලයෙකු සමග නඩුවක් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමට පෙර විනිශ්චයකාරයෙකුට ඒ නඩුව ගැන සාකච්ඡා කරන්න බැහැ. තුන්වන පුද්ගලයෙකු තෘප්තියට පත් කිරීම සඳහා, අත්පොළසන් නාද ලබා ගැනීම සඳහා නඩු තීන්දුව සකස් කිරීමේ සම්ප්‍රදායක් ශිෂ්ට ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගෑවිලාවත් නැහැ. මේක අපේ නීතිමය සංස්කෘතිය සම්පූර්ණයෙන් නිෂේධ කර දැමීමක්. දැන් මෙතැන අපි අවම වශයෙන් කියනවා නම් ඒ විනිශ්චයකාරතුමාට කරන දැවැන්ත බලපෑමක්. කවුද මේ බලපෑම කරන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි, මේ රටේ විධායකයේ ප්‍රධානියා. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගෙන් තමයි මේ මැදිහත්වීම එන්නේ.

දැන් මේක සාධාරණද? මේක කිසිසේත් පිළිගන්න පුළුවන් දෙයක්ද? ඒ විනිශ්චයකාරතුමා දැන් තාම නඩු තීන්දුව ප්‍රකාශ කරලා නැහැ. ජනාධිපති දන්නවායි කියනවා මොකක්ද කියලා නඩු තීන්දුව. දන්නා නිසානේ මෙතරම් උපරිම සතුටකට පත් වෙන්නේ. තමන් සතුටු වෙනවා විතරක් නෙවෙයි මුළු රටට ම කියනවා මේක ප්‍රශංසා කරන්න, අත්පොළසන් නාදයක් දෙන්නයි කියලා,'' යැයි ජී.එල් පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න