ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වය පිළිබඳව මේ දිනවල නැවතත් කතාබහක් ඇති වෙමින් පවතී.
කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා එක්දින කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු තරග 17කට නායකත්වය ලබාදී ඉන් තරග 08ක් ජයග්‍රහණය කර ඇති අතර තරග .08ක් පරාජය වී තිබේ.
2023 එක්දින ලෝක කුසලානයේ කොටසක නායකත්වය දැරූ අතර එහි දී මෙන්ඩිස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට ලක් විය. දසුන් ශානක 2023 එක්දින ලෝක කුසලානය අතරතුර ඇති ආබාධ තත්ත්වය නිසාවෙන් ශ්‍රී ලංකා කන්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වූ ඇති අතර එහි දී දකුණු අප්‍රිකාවට එරෙහිව කැපීපෙනෙන ලකුණු 76ක් රැස් කල නමුත් ඉන් අනතුරුව ඔහුට නායකයෙක් ලෙස ස්ථාවරව සිය දක්ෂතා කන්ඩායම වෙනුවෙන් ලබා දීමට නොහැකි විය.
ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු වූ අතර තරග 9කින් දෙකක් පමණක් ජයග්‍රහණය කරන ලදී. අනතුරුව අසාර්ථක නායකත්වයේ ලක්ෂණ පෙන්වූ කුසල් මෙන්ඩිස් සිය ධුරයෙන් ඉවත් කර 2024 වසරේදී නව නායකයා ලෙස චරිත් අසලංක පත් කළේ ය.
චරිත් අසලංක යටතේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පෙරළිකාර ජයග්‍රහණ රාශියක් ලබාගෙන සාර්ථක වූ අතර කෙසේ නමුත් විස්සයි විස්ස ලෝක කුසලාන පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදු වූ නොයෙකුත් වෙනස්කම් සේම එක්දින නායකත්වය ද වෙනස්වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් මේ සම්බන්ධයෙන් නිල තීරණයක් ප්‍රකාශ කර නොමැති අතර ඉදිරි කොදෙව්වන්ට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට පෙර කුසල් මෙන්ඩිස් නායකත්ව භූමිකාවක් ලැබුණොත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැති බවයි ක්‍රිකට් ලෝලීන්ගේ අදහසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
