Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

රුපියල හොම්බෙන් යයි !

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු  ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියලේ අගය පෙර නොවූ විරූ  වාර්තාගත පහළ යාමකට ලක්ව ඇති බව  මහ බැංකු වාර්තා තහවුරු කරයි.

මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව  එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) රුපියල් 202.04ක් ලෙස සඳහන් විය. එහි ගැනුම් මිල රුපියල් 197.62 ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.