Language Switcher

V2025

අලුත් අවුරුදු කැවිලිවලටත් අපමණ අගයක් !

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබීමට දින තුනක් ඉතිරිව තිබියදී මේ වනවිට අවුරුදු රසකැවිලිවල මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

නගරයේ මෙන්ම ගමේ වෙළඳසැල්වලද පසුගිය දිනවල රුපියල් 40ක්ව පැවති මුං කැවුමක මිල රුපියල් 50 දක්වාද කොණ්ඩා කැවුම් සහ අතිරසවල මිල රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් තිබේ.මෙයට පෙර කොණ්ඩා කැවුම්වල සහ අතිරසවල මිල පැවතියේ රුපියල් 30ක් ලෙසය.

වෙනදා රුපියල් 8කට අලෙවි වූ ආස්මී එකක මිල රුපියල් 100 දක්වා වැඩි වී ඇති අතර රුපියල් 15ක්ව පැවති කොකිසයක මිල අද වනවිට රුපියල් 20ත් 25ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම මීට පෙර රුපියල් 450ක පමණ මිලකට අලෙවි වූ බටර් කේක්, රිබන් කේක්, චොක්ලට් කේක් හා ෆෘට් කේක් කිලෝව රුපියල් 500ත් 550ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

මෙලෙම මෙම කැවිලිවර්ගවල මිල ඉහළගොස් ඇත්තේ එම කැවිලි නිෂ්පාදනයද ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ හාම හේතුවෙනි.

(Lanka truth )