Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මහ බැංකුව ජනතාවට වංචා කරයි !

ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේදී ඉදිරිපත්කරමින් පවතින විදේශ විනිමය අනුපාත සම්බන්ධ නිල සංඛ්‍යා දත්ත සහ වෙළඳපොළේ පවතින සැබෑ විනිමය අනුපාතය අතර විශාල පරතරයක් පවතින බව අනාවරණය වේ.

දිනපතා නිකුත් කරන වාණිජ බැංකු විනිමය අනුපාත සහ මහ බැංකුවේ නිල විනිමය අනුපාත නිරීක්ෂණය කිරීමේදී මේ බව තහවුරු වේ. අද (21) පෙරවරු 11.00 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක් සම්බන්ධයෙන් නිකුත්කර තිබූ විනිමය අනුපාතය අනුව ගැනුම් මිල රුපියල් 190.29 සහ විකුණුම් මිල රුපියල් 195.21ක් වශයෙන් දැක්විණි.

එහෙත් වාණිජ බැංකු කිහිපයක ඩොලර් 1ක් හුවමාරු කළ රුපියල් විනිමය අනුපාතය පහත දැක්වේ.

එච්.එස්.බී.සී. 190.43 – 203.75
ජාතික ඉතිරිකිරීමේ බැංකුව. 193.09 – 202.51
ලංකා බැංකුව. 194.25 – 203.78
හැටන් නැෂනල් බැංකුව. 197.50 – 202.50
මහජන බැංකුව. 195.72 – 204.55
කොමර්ෂල් බැංකුව. 195.10 – 202.50
සම්පත් බැංකුව. 193.93 – 203.00
මහ බැංකුව. 190.29 – 195.21

ඉහත සඳහන් වාණිජ බැංකු අතරින් විදේශීය බැංකුවක් වන එච්.එස්.බී.සී. (හොංකොං ෂැංහයි බැංකුව) ඉදිරිපත් කර තිබෙන ඩොලර් 1ක් සඳහා විනිමය අනුපාතිකය ගැනුම් මිල රුපියල් 190.43 සිට විකුණුම් මිල රුපියල් 203.75ක් දක්වා විශාල පරතරයක් පවතී. එය රුපියල් 13 ඉක්මවා ගිය අගයකි. කෙසේ වෙතත් වාණිජ බැංකු විසින් ඩොලර් මිලදී ගන්නා මිල ගණන් සහ විකුණුම් මිල ගණන්ද මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන මිල ගණන් ද අතර විශාල පරතරයක් පවතින බව මේ අනුව පැහැදිලි වේ.

මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන නිල විනිමය අනුපාතිකයන් ජනතාව නොමග යවන වංචනික සංඛ්‍යා බව මේ අනුව තහවුරු වේ.

lanka truth