Language Switcher

V2025

විදෙස්ගත වෙනවා නම් - වාහනයක් ඇත්නම් : බදු ගෙවන්න සිදුවෙනවාද ? (වීඩියෝ) 

පුද්ගලයකු වාහනයක් නඩත්තු කරනවනම් සහ නිවාඩුවකට විදේශගත වනවානම් ඔහු බදු ගෙවන්න සුදුසු පුද්ගලයකු බවට පසුගියදා  ආදායම් කොමසාරිස් ජනරාල් සිදුකර තිබූ ප්‍රකාශය පදනම් කරගෙන විවිධ පාර්ශව විවිධ අදහස් දක්වා තිබිණ.

මේ ඒ සම්බන්ධව මහ බැංකුව සිදුකර ඇති කරුණු පැහැදිළි කිරීමකි.

කෙනෙකු වියදම් කරන මුදල ආදායම් ලෙස පෙන්වා නොමැති නම් එවැනි තොරතුරුවලින් බදු ගෙවන්න සුදුසු බවයි ඕනෑම රටක් ප්‍රකාශ කර තිබෙන්නේ.

වාහනයක් මිලදී ගන්නවනම් හෝ ඉඩමක් මිලදී ගන්නවනම් හෝ විදේශ ගත වනවානම් යම්කිසි ආකාරයකට වියදමක් කරන පුද්ගලයකු තමන්ගේ වියදම ආදායමට සරිලන පරිදි කර තිබෙන්නනේ නම්  කිසිදු ගැටළුවක් ඇති නොවේ නමුත් එසේ පේනවා නොමැතිව වියදම් කරනවනම් පුද්ගලයකු එයින් පැහැදිලි වන්නේ තමන්ගේ ආදායමට සරිලන පරිදි විදයම නිසි ලෙස ආදායම් බදු වෙත පෙන්නලා නොමැති බවයි.

ඒ සඳහා නව ක්‍රමවේදය අනුව හැම පුද්ගලයකුම තමන් කරන වියදම සොයා ගත හැකිය. ඒ වියදම අනුව එම පුද්ගලයා ආදායම පෙන්වා නැත්තම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තිබෙන අයිතිය අනුව මේ පුද්ගලයා යම්කිසි වියදමක් තිබේ නම් කෙසේද  මේ ආකාරයට ආදායමක් ලැබෙන්නේ එවිට යම්කිසි ආදායම් පිළිබඳ තක්සේරුවක් කරන්න පුළුවන් ආදායම අඩුවෙන් පෙන්වා ඇත්නම් ආදායම් බදුවලට යටත් වෙන්න පුළුවන්. ඒ ආකාරයට සෑම රටකම මෙම ක්‍රමවේදය භාවිතා වේ.  නමුත් අදහස රටයනවානම් වාහනයක් ගන්නවනම් බදු ගෙවන එ ගැන කිසිදු අදහසක් නැත අදහස නම් ඕනැම අයෙක් බදු ගෙවනවනම් තම්නගේ ආදායම අනුව වියදම පෙන්නන්න ඕන කෙනෙකු ආදායමට සරිලන ආකාරයට නොවන පරිදි වියදම කරනවනම් එයින් නොපෙන්න වු ආදායම් තිබෙන බව අදහස් කෙරේ.