Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

නැවත නොගෙවීමේ පදනමින් ලැබීමට තිබූ ලොකුම සහනාධාරයත් අහිමි වුනා - හර්ෂ 

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබු ඩොලර් මිලියන 500ක ආධාර මුදල නවතා ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු පවසන්නේ මෙම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ නැවත නොගෙවීමේ පදනම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ වැඩිම වටිනාකමකින් යුත් ආධාරය බවයි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදි ඇති දේශපාලන අර්බුදය එයට හේතුවක් වී ඇති බවද  මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන අතර ඔහු ඒ සම්බන්ධව ට්වීටර් සටහනක්ද තබා ඇත.

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය මෙම ඩොලර් මිලියන 500ක සහනාධාර අත්හිටුවීමේ සූදානම සම්බන්ධව newstube.lk නොවැම්බර්  21 වනදා සිදුකල අනාවරණය පහත දැක්වේ.

සබැදි පුවත:-

ඩොලර් මිලියන 500ක MCC  සහනාධාරයත් අත්හිටුවයි !

Capturehar