Language Switcher

V2025

මිල අඩු කිරීම නිසා පැට්‍රල් පාවිච්චිය සියයට 30 කින් වැඩිවෙලා !

පසුගිය මාස දෙක ඇතුළත පැට්‍රල් මිල රුපියල් 25 කින් අඩු කිරීම නිසා අපේ ර‍ෙට් ජනතාව පාවිච්චි කරන පැට්‍රල් ප්‍රමාණය සියයට 30 කින් වැඩි වී ඇතැයි ප්‍රවාහන හා මුල්‍ය විශ්ලේෂක ආචාර්ය ඩී.එස්. ජයවීර මහතා පවසයි.

2007 - 2017 වසර 10 ඇතුළත පැට්‍රල් වාහන ගමන් කරන දුර ප්‍රමාණය දෙගුණ වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. ඒ අනුව 2007 දී පෙට්‍රල් වාහන ගමන් කළ කිලෝ මීටර් ගණන බිලියන 18 කි. එය 2017 දී බිලියන 40 දක්වා වැඩිවී තිබේ.

මේ තත්ත්වයට රටේ වායු දූෂණය එන්න එන්නම වැඩි වන බවත් ඔහු පෙන්වා දෙයි.

ඊට අමතරව 2010 දී මෙරට තිබූ මෝටර් සයිකල් ප්‍රමාණය 2018 දී තෙගුණ වී ඇති බවත් ත්‍රිරෝද රථ දෙගුණයකට වඩා වැඩිවී ඇති බවත් ආචාර්ය ජයවීර පවසයි. ඒ අනුව 2010 දී මෙරට තිබූ මෝටර් සයිකල් ගණන ලක්ෂ 10 කි‍. 2018 නොවැම්බර් වනවිට ඒ ගණන ලක්ෂ 32 කි.

2010 දී මෙරට තිබූ ත්‍රි‍‍රෝද රථ ගණන ලක්ෂ 4 කි. අද වනවිට ඒ රථ ගණන ලක්ෂ 10 ක් වී ඇති බවත් ආචාර්ය ජයවීර පෙන්වා දෙයි. වායු සම්පත් කේන්ද්‍රය සංවිධානය කළ වැඩමුළුවකදී ඒ මහතා මේ අදහස පළ කළේ ය.

(සිළුමිණ)