Language Switcher

V2025

සමුපකාරය පාසලට ගෙනෙන : ඇමති රිෂාඩ්ගේ "නැණ ශක්ති" ඇරඹේ !

පාසල් සමූපකාර සමිති ආරම්භ කිරීම සහ සමූපකාර අලෙවිසැල් පිහිටුවීම සඳහා මූලාධාර ලබාදීමේ "නැණ ශක්ති" වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, වොක්ෂෝල් වීදිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (26) පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ 05ක මුදලක් පිරිනැමේ. පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන්ගේ සහභාගීත්වයෙන් පාසල් සමූපකාර සමිති පිහිටුවනු ඇත.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. කේ.ඩී රංජිත් අශෝක, සමුපකාර කොමසාරිස් එස්.එල්. නසීර්. සමූපකාර නායකයන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

52744529 10212486283981690 1321892613317459968 n