Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කටුනායක - වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක්

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එමඟින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට මෙන්ම දේශීය මගීන්ට කොළඹ නොගොස් දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව උදාවනු ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම කටුනායක - වේයන්ගොඩ නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටින බවයි.