Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඇත්තටම බිමල් රත්නායකට මොකද වුණේ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇත්තටම බිමල් රත්නායකට මොකද වුණේ? සමහරු කියන්නේ බහාලුම් 323 නිදහස් කිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට උදය ගම්මන්පිල කරපු පැමිණිල්ල මත පරීක්ෂණයක් ආරම්භ කරපු එක අමාත්‍යාංශ සංශෝධනයට හේතුව කියලයි.

තවත් පිරිසක් පැලවත්ත කාර්යාලයේ දැඩි මතධාරී කණ්ඩායම සහ අනුරහිතවාදී කණ්ඩායම අතර ඇති මත ගැටුම මේ මගින් පිළිබිඹු වන බවත් කියනවා.

විශේෂයෙන්ම පසුගියදා නිකුත් වුණු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ලංකාව තුළ නොමැති වීමට දැඩි මතධාරී මාක්ස්වාදී කණ්ඩායම් ආණ්ඩුව තුළ සිටීම ප්‍රබල හේතුවක්.

පෞද්ගලීකරණය කළ යුතු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිමල් රත්නායක ඇමතිකමේ තියාගෙන පුද්ගලීකරණය කරන්නත් අමාරුයි. ඒ වගේම දැඩි චීන හිතවාදීන් වන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ චීන හිතවාදී කණ්ඩායමට මෙම අමාත්‍ය ධූර මාරු කිරීම මගින් ටොක්කක් ඇනලා තියෙනවා.

ඒ වගේම සේවා දිගුවක් බලාපොරොත්තුවෙන් සිටින ඇමෙරිකානු තනාපතිනිය ජූලි චන් ට මේ වගේ ක්‍රියාකාරකම් ලකුණු වැටෙන්න හේතු වෙනවා.

කැබිනට් සංශෝධනය ගැන සියුම්ව බැලුවොත් සියලු දෙනාම ඉල්ලුවේ අග්‍රාමාත්‍ය හරිනිගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනස් කරන්න. විශේෂයෙන්ම මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඒ මතය සඳහා දිගින් දිගට පෙනී සිටියා. නමුත් අන්තිමට සිද්ධ වුණේ නොහිතපු දෙයක්...

උපුටා ගැනීම - අප්පුහාමි ෆේස්බුක් පිටුවෙන්...