Language Switcher

V2025

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ප්‍රශ්නය අවසන් : වැටුපත් වැඩිවෙයි !

එස්.රනුග්ගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, පසුගියදා  (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි වෙයි.

එම අගය අමුණා ඇති වගුවල 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත.

උදාහරණ ලෙස මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වේ. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද, වැඩි වේ. මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරවයි. කෙසේ වෙතත් පසුගියදා  (24) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020  ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබේ. 

එම සෑම වගුවකම 2020.01.01 දිනට ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත්තේ සේවකයාගේ 2015 ආරම්භක වැටුපට සාපේක්ෂකව 2020 ආරම්භක වැටුප 107%කින් වැඩි කිරීමෙන් පසුව පිහිටුවන ලද මාසික වැටුපේ අගයයි.

වැටුප් වැඩිවීමේ වැඩිදුර විස්තර මෙසේය.

New Salary20210001

New Salary20210002

New Salary20210003

New Salary20210004