Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ආණ්ඩුවට දින 120යි : චීනයට ඩොලර් මිලියන 1200ක් ණයයි !

චීන සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකා රජය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමට අදාළව අත්සන් තැබූ ගිවිසුමට අතිරේකව එම ණය මුදල ලබා ගැනීමට සූදානම් වෙයි.

ඒ අනුව ආණ්ඩුව ලෙස පොදුජන පෙරමුණ පත්ව දින 122ක් ගෙවී යන අවස්ථාව වන විට චීන සංවර්ධන බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 1200ක මුදලක් ණය වී ඇත.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙක් සියලු භාණ්ඩ ආනයනය කිරීම මාස 03කට අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වන අතර ඒ අනුව මෝටර් රථ, ශීතකරණ , විදුලිපංකා ඇතුළු සුඛෝපභෝගී සියලු භාණ්ඩ ගෙන්වීම  අත්හිටුවා ඇත. මෙහි අපේක්ෂාව මූල්‍ය වෙළෙඳපලේ විනිමය සංචිත පවත්වාගෙන යාමය.