Language Switcher

Ad

Ad 01

V2025

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සතිඅන්තයේ ලොංඩන් පෙදෙසේදී

කණ්ඩායම් විස්සක් සහභාගි වන 53 වැනි වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සති අන්තයේ කොළඹ ලොංඩන් පෙදෙසේ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

මීට සමගාමීව කාන්තා ටැග් රග්බි සෙවන්ස් තරග අටක් ද පැවැත්වෙන බව සංවිධායකයන් වන වෙළඳසේවා රග්බි සංගමය (Mercantile Rugby Football Association – MRFA) ප්‍රකාශ කරනවා.

තරගාවලිය 12 වැනි සිකුරාදා පෙරවරු 8.00 ට ආරම්භ වී පස්වරු 8.00 දක්වා පැවැත්වෙනවා. පසුදින පෙරවරු 10.00 ට ඇරඹෙන තරගාවලිය අවසන් වන්නේ පස්වරු 6.00 ට. මේ තරගාවලිය මෙවර මෙහෙයවනු ලබන්නේ MRFA නව සභාපති මින්දික ජයසිංහගේ අධීක්ෂණය යටතේ.

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මාස්ටර්කාඩ් ආයතනය මෙවර අනුග්‍රහය දක්වන්නේ පිට පිට තෙවැනි වසරට. මූල්‍යමය සේවා සැපයුම්කරු ලෙස LOLC ෆිනෑන්ස් ආයතනය මේ තරගාවලියට සහයෝගය දක්වනවා. ආහාර සහකරුවා ලෙස ප්‍රීමා කොත්තුමී කටයුතු කරන අතර බීම සහකරු ලෙස ටර්බෝ එනර්ජි ආයතනය ද, වේදනා සමනය කරන්නා ලෙස අයඩෙක්ස් ආයතනය ද ඉදිරිපත්ව සිටිනවා.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික රග්බි තරග විනිසුරුවන් සමග විදේශීය තරග විනිසුරුවන් දෙදෙනෙකු ද තරග විනිශ්චය කිරීම.

තරගාවලියේ ‘කප්’ ශූරතාව සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වනවා. ‘බෝල්’ ශූරතාව සඳහා කණ්ඩායම් 4ක් සහභාගි වන අතර ‘පළිහ’ ශූරතාව වෙනුවෙන් තරග වදින කණ්ඩායම් ගණන 10ක්.

පසුගිය වසරේ ‘කප්’ ශූරයින් වුනේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් ‘ඒ’ කණ්ඩායම.

2025 Mastercard Mercantile Rugby Sevens තරගාවලියේ අනුග්‍රාහකත්වයන් MRFA සභාපති මින්දික ජයසිංහ සහ ආසන්නතම හිටපු සභාපති දිනුෂ්ක ජයතිස්ස  වෙත පිරිනැමීම ශ්‍රී ලංකා සහ මාලදිවයින් මාස්ටර්කාඩ් කළමනාකරු සඳුන් හපුගොඩගේ ප්‍රධානත්වයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණ ශාලාවේදී සිදුකෙරුනා.

 

warnan Gunasekara

 

  (වර්නන් ගුණසේකර)
   ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

ragbi 1 20250911

 

The leader.lk