Language Switcher

V2025

දකුණු ආසියාවේ හොදම නිළිය අනෝමා

කොළඹ පැවති නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට අනෝමා ජනාදරී සමත්විය. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙුවෙනි. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කළ අජිත් රාමනායකට හොඳම සංස්කරණයට හිමි සම්මානයද හිමිවීම විශේෂත්වයකි.

ඉන්දියානු චිත්‍රපටයක් වූ නාගර් කිර්තාන් හොඳම වෘත්තාත්ත චිත්‍රපටය බවට පත්වූ අතර එහි රඟපෑ චක්‍රමෝර්ති හොඳම නළුවා සම්මානය හිමි කරගනු ලැබීය. එම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ කෞෂික් ගංගුලි හොදම අධ්‍යක්ෂණය සදහා සම්මාන දිනා ගන්නා ලදී.