Language Switcher

V2025

මිකී මවුස් හඬ සදහටම නිහඬ වෙයි !

ලෝ ප්‍රකට ,මිකි මවුස්, කාටුන් චරිතයට දශක 3ක් පුරා පණ දුන් රූසි ටේලර් මිය ගොස් ඇති බව වාර්තා වේ.

කැලිෆෝනියාවේ ගලෙන් ඩේල් හීදී අභාවප්‍රාප්ත වන විට ඇය 75 වන වියේ පසු විය.

1986 සිට මිකී මවුස් කාටුන් චරිතයේ සහකාරිය වන උස් හඬකින් අමතන මිනී මවුස් ට පණ දෙමින් රුපවාහිනී සජීවී කරන කතා මාලා හා චිත්‍රපට යනාදියට ඇය හඩ කවනලදී.

ලෝ ප්‍රකට,සිම්ප්සන්ස්, කාටුන් කතා මාලාවේ ,බාර්ට්, නමැති කාටුන් චරිතයේ මිතුරා වූ ,මාර්ටින්, වෙනුවෙන් ද ඇය සිය හඬ මුසු කර ඇත.

2009 වසරේදී ලොව හැර ගිය වේන් අල්වයින්මි සමග විවාහ වී සිටි ටේලර් කී මවුස් කාටුන් චරිතවල පිළිබිඹුව සැබෑ ජීවිතවලටද ගෙන ආ ශිල්පිනයකි.

වෝල්ට් ඩිස්නි සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක බොබ් ඉගර් විසින් මියගිය හඩ කැවීම ශිල්පිනියට ගෞරව පුදකරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණ

 

1944 මැයි 04 වැනිදා මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් හි උපත ලද රුසී ටේලර් 1986 පැවති සම්මුඛ පරීක්ෂණයෙදී අපේක්ෂකයින් 200 දෙනෙකු අතරින් වෝල්ට් ඩිස්නිගේමෙම චරිතය සදහා තෝරා ගන්නා ලදී.