හැත්තෑ තුනක් වයසට ගිය නිදහසට !

හැත්තෑ තුනක් වයසට ගිය නිදහසට !
හැත්තෑ තුනක් වයසට ගිය නිදහසට
හොඳටම අමාරුයි තව දුර යාගන්ට
චීනෙත් ඇමරිකාවත් සමගින් දිගට
හැකිවෙද මෙහෙම දිගටම එකගෙයි කන්ට?
 
හිවලුන් යවාලා දිගටම දියවන්නා
පුරවැස්සා විහින් පුරවස්සෙක් වෙන්නා
පෙරදිග අටුව කුණු කොල්ලෙට විකිණෙන්නා
වැද්දගෙ දැලේ වටු රැළ සතුටින් ඉන්නා
 
ගහගෙන කොඩිය තඩි පොල්ලක හැටට හැටේ
බස් පෝලිමේ යති මුලු රට හතර වටේ
කන්නට ගෙවල නැති තරමයි හාල් ඇටේ
එනමුදු ඉන්ට රට ගැන පම්පෝරි කටේ
 
විසි එක බැගින් වෙඩි මුර වසරක් ගානේ
පත්තු කරපු මුතු ඇටයක අභිමානේ
ණය කන්දකිය උරුමය එහි අවසානේ
ගැලවීමක් නැතිය පෙනෙනා තෙක් මානේ
 
කොඩියේ ලණුවෙ කෙලවර බැ‍ඳ සරොම් පොටේ
උස්සන කලට පෙනුනෙම අර අමුතු ඇටේ
පෙරදිග ධාන්යාලගාරය මකර කටේ
දෙස්පලු  රැලේ මල්ලට රන් කාසි වැටේ
 
සමරන්නට කලින් නිදහස ලැබ ගැනුම
එයයි අද දවසෙ අප සතු වගකීම
නැතිනම් ඊට අප වෙත නිසි කැපවීම
වැඩිය හොඳයි කොඩි කනුවෙම එල්ලීම
 
- චූලානන්ද සමරනායක -
(ෆේස්බුක් ගිනුමෙනි )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න