Language Switcher

V2025

බයිල වැයික්කියේ ඡූඩා මාණික්‍යය දිවිසැරියට සමුදෙයි…!

වර්ෂ එකදහස් නමසීය හතලිස් හතර ( 1944) ජූලි මස දහතුන්වන දින මාතර වේරගම්පිටදී උපත ලද ඩෙස්මන්ඩ් ඒ. රජීව ද සිල්වා ඓතිහාසික මාතර පුරවරයේ අභිමානවත් පුරවැසියෙක් වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ පළමු තොමසුවවන මාතර ශාන්ත තොමස් විද්යාලයේ කීර්තිමත් වර්ණලාභී ආදිසිසුවෙකි.

මාතර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකු වූ ක්ලෙමන්ට් ආර්නෝල්ඩ් ද සිල්වා හා වෘත්තීයෙන් ගුරුවරියක වූ ඔල්ගා කුරේරාට දාව උපන් ඩෙස්මන්ඩ් සිල්වා නම් අසහාය රුහුණු පුත්‍රයා තම මූලික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පළමු තොමසුවවන මාතර සාන්ත තෝමස් විද්යාලයෙන් ආරම්භකොට කළාව මෙන්ම ක්‍රීඩාවේදී විශිෂ්ඨ දස්කම් දක්වමින් පාසල් කැඩෙට් කණ්ඩායමේ සාජන්ට් වරයා ලෙසද පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස අදටත් නොබිඳුන වාර්තා තමබින් පාසලත්,උපන් බිමත් ජාත්‍යන්තර තලයට ගෙන කීර්තිමත් කලාකරුවෙක් විය.

සංගීත දිවියේ ආරම්භය සනිටුහන් කලේ කෙසේද?

WhatsApp Image 2022 01 10 at 11.50.01පාසල් අවදියේම ඩෙස්මන්ඩ් සිල්වාට නිවසේ ආභාශය තුළ සංගීත දිවියට අවතීර්ණ වූ අතර පවුලේ ප්‍රිය සාදයන් වෙනුවෙන් ගී ගයමින් සිටින අතර තුර තම ඟාති සොයුර සොයුරියන් සමගින් "මෙරි මේකල්ස්" නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළ අතර සංගීතයට ඇලුම් කළ විශාල පවුලක් වූ හෙයින් " ස්පුට්නික් " නමින් තවත් සංගීත කණ්ඩායමක් ආරම්භ කෙරිනි.. තම වෘත්තීය දිවිය " ලකී සෙවන් " දුම්කොළ සමාගමින් ආරම්භ කොට අණතුරුව යුද්ධ හමුදාවට එක්වූ අතර ඉන් ඉවත්ව සංගීත කටයුතු කරමින් සිටි ඩෙස්මන්ඩ් සිල්වා 71 කැරැල්ල ආරම්භ වීමත් සමගම නැවත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ විය..

තවද තම වේග රිද්ම ගීත විදහනය ගුවන් තරංග හරහා, ගුවන් විදුලියේ මහගෙදර වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා 60 දශකයේ පමණ ආරම්භ කළ ඩෙස්මන්ඩ් සිල්වා, බයිලා චක්‍රවර්තී නම් අනුවර්ත නාමයෙන් පිදුම් ලබන්නට ' චූඩා මාණිකේ, පොල්කටු හැන්ඳෙ මිටවගේ,කොමලි පනේ " වැනි ගීත හේතුවූ අතර රසික හදවත් ආදරයෙන් ග්‍රහණය කරවාගැනීමට තරම් විශ්මිත හඬ පෞරුෂයක හිමිකරුවකු වන්නට හේ සමත්විය.. ඔහු මිය යනවිට වයස අවුරුදු 77ක් වූ අතර, ඔහුගේ මවගේ උපන් දිනයදා එනම් ජනවාරි 09 වනදාම ඩෙස්මන්ඩ් සිල්වාද තම ජීවන දිවිසැරියට සමුදීමද විශේෂත්වයක්.

ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ තොමසු පුතෙක්… ඕවර්සීස් තෝමියන්ස් හෙළිදරව්වෙන් ඩෙස්මන්ඩ් අමන්දානන්දයට පත්වූ හැටි…..!

ආදරණීය කලාකරු ඩෙස්මන්ඩ් සිල්වා කොළඹ පාසලකින්, ගාල්ල ඇලෝසියස් පාසලෙන් ඉතා කුඩා කාලපරිච්ඡේදක් අධ්‍යාපනය හදාරා ඇති අතර ඔහුගේ මූලික අධ්‍යාපනය මෙන්ම ද්විතීයික අධ්‍යාපනය මාතර සාන්ත තොමසුව තුළ සිදුවීම සුවිශේෂී තත්වයකි.

WhatsApp Image 2022 01 10 at 11.50.02ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙමින් සිටි ඩෙස්මන්ඩ් සිල්වා සුවිශේෂී ප්‍රසංගයන් සඳහා පමණක් තම මව් රටට පැමිණි අතර ශ්‍රී ලංකාවේ පළමු තොමසුව මාතර සාන්ත තොමසුව බවට සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කළ " ඕවර්සීස් තෝමියන්ස්" කණ්ඩායමේ නිර්මාතෲ සුමුදු මද්දුමආරච්චි විසින්, ඩෙස්මන්ඩ් සිල්වගේ ඟාති සොයුරකුවූ ආනන්ද ද සිල්වා හරහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඩෙස්මන්ඩ් සිල්වා සුහද සංවාදයකට එක්වූ අවස්ථාවේ තමන්ගේ පාසල ශ්‍රී ලංකාවේ පළමු තොමසුව බව දැනගැනීමෙන් ඉමහත් ප්‍රීතියට මෙන්ම අමන්දානන්දයට පත්වෙමින් පැවසූයේ……..

" ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ මගේ කොලේජ් එක ලංකාවෙ පළමු තොමසුව බව, ඕවර්සීස් මියුසිකල් ෂෝ වලදි වෙනත් පාසල් වල උන්ගෙ උජාරුව මම දැකල තිහනව, අද ඉඳල මම ඒ ශෝ වලට මගේ ඩිමාන්ඩ් එක දෙනව.. මම මගේ කොලේජ් එකේ ප්‍රෞඩත්වය ලෝකෙ හැමෝටම කියනව… ස්තූතියි ටීම් ඕවර්සීස් තෝමියන්ස්"

ඒ අසහාය ගායක බයිල වැයික්කියේ චූඩා මාණික්‍යය නම් වූ ඩෙස්මන්ඩ් සිල්වා විසින් තැබූ සටහනක්.. ආදරණීය කලාකරුවානනි ඔබට සුභ ගමන්. ඩෙස්මන්ඩ් සිල්වාගේ සම්පුර්ණ ජීවිත කතාව පිළිබඳ ඓතිහාසික තොරතුරු හා පැරණි චායාරූප සහිත විශේෂ ලිපියක් නුදුරේදීම…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.