යක්ෂයාගේ ක්‍රිකට් ගහමු..!

යක්ෂයාගේ ක්‍රිකට් ගහමු..!

ක්‍රිකට්වල මගේ වීරයා අරවින්ද. සංගා නෙවෙයි. ඒකට හේතුව අරවින්ද ළඟ තිබ්බ ප්‍රහාරක බව. ඒ ප්‍රහාරක බව මහ අමුතු එකක්. එයා ක්‍රිකට් වල රැඳිලා ඉන්න (පවතින්න) ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි (survival cricket). තිබ්බ ප්‍රහාරක බව නිසා රැඳිලා හිටිය (පැවතුන) කෙනෙක්.

රැඳිලා ඉන්න (to survive) මහා ලොකු උණක් තිබ්බේ නැති නිසා මැනේජර් කෙනෙක් තියාගෙන උගේ උවමනාවට ක්‍රිකට් ගැහුවේ නැහැ අරවින්ද. පුද්ගලික ලකුණු දිහා බලාගෙන පරිස්සමෙන් වෘත්තියේ රැඳිලා හිටියේ නැහැ මම දන්නා විදියට. හෝ තණතීරුවේ දැක්ක විදියට. එයා ගැහුවේ මරන්ඩු ක්‍රිකට්. එයා ළඟ තිබ්බේ ටිකක් පිරිමි පහේ ක්‍රිකට් එකක් (දේශපාලන නිරවද්‍ය නොවන භාෂාවක් පාවිච්චි කළොත්). ඒ කියන්නේ සෙල්ලක්කාර ක්‍රිකට්. කොළු ක්‍රිකට්. ඒකයි බලන්න ආස.

සංගා මහේල දෙන්න ඒක වෙනස් කරලා පෝස්ට් මොඩන් ක්‍රිකට් ගැහුවා (postmodern cricket). ඒ කියන්නේ පරිස්සම් ක්‍රිකට්. මෙයින් කියන්නේ නැහැ සංගා රිස්කි ෂොට් (risky shots) ගැහුවේ නැහැ කියල. ඒවත් ගැහුවේ කල් යල් මැනලා. අනාගත ආයෝජන විදියට.

නමුත් අරවින්ද එල්ලී එල්ලී ගැහුවේ අවදානම් ක්‍රිකට්. පට්ට එළියේ යන බෝල ඇදල හුක් ගැහුවා. පුල් ගැහුවා. අවුට් උණා. යන්න ගියා. අවුට් වෙලා ගියත් පොඩි රණශුර ගතියක් තිබ්බා (warrior).

පරිස්සම් අඩු අරවින්දගේ පුද්ගලික ලකුණු අඩුයි. පරිස්සම් වැඩි සංගාගේ පුද්ගලික ලකුණු වැඩියි. ඒක නරක දෙයකුත් නෙවෙයි. හැබැයි ඒ අරවින්ද නෙවෙයි.

සංගාට කතා පවත්වන්න ආරාධනා ලැබුණ. ආදර්ශමත් ආදි ශිෂ්‍යයෙක් උණා. ආදර්ශමත් පවුලක් තිබ්බා. නයිට් නාමයක් ලැබෙන්නත් ඔන්න මෙන්න. අරවින්දට ඒ තරම් දේවල් තිබ්බේ නැහැ. එයා ගොඩක් හිටියේ යක්ෂයාගේ පැත්තේ.

යක්ෂයාගේ ක්‍රිකට් ගහපු අරවින්ද රණශුරයෙක් උණා. පරිස්සම් ක්‍රිකට් ගහපු සංගා දෙයියන්ට අයිති උණා.

පිච් එකට ටොක් ටොක් ගාල කොටල එන එන එකට දීලා ඇද්ද අරවින්ද මිනිස් ලෝකයේ මතක හිටින නමක් උණා.

මිනිස් ලෝකයේ අරවින්ද වගේ ක්‍රිකට් ගහමු. එතකොට දෙයියෝ ඔය යන දේවාලෙකින් යයි....

(අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න නෙවෙයි මේක ලිව්වේ).

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න