වජිර ගේ සතියේ දේශපාලන තොරතුරු

වජිර ගේ සතියේ දේශපාලන තොරතුරු

සිරිකොතෙහි නව අවුරුදු නැවුම් මුහුණුවරකින්

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ 2026 නව වසර සඳහා වැඩ ආරම්භය පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, නියෝජ්‍ය මහලේකම් හරීන් ඇතුළු සිරිකොත කාර්ය මණ්ඩලය මේ සඳහා එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් ද තම පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියේ තම නායක රනිල් මුණ ගැසී නව වසර සඳහා සුබ පැතීමටය.

නව වසරේ තේ පැන් සාදය

siriඋදෑසනම පැවැති මෙම විශේෂ කටයුත්තෙන් පසුව නායක රනිල්, වජිර සහ සාගල කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලායට පැමිණියේ එම කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමටයි. මෙම පිරිස එහි පැමිණෙන විටත් අවශ්‍ය සියලු කටයුතු කාර්යාලය තුළ සූදානම් වී තිබිණි.

කිරිබත්, කැවුම්, කොකිස් මේසයක් සූදානම් කොට සුපුරුදු පරිදි චාම් උත්සවයකින් මෙම රාජකාරී කටයුතු ආරම්භ කළ අතර මෙවරත් මෙම චාම් උත්සවයේ සංවිධාන කටයුතු බාරව සිටියේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර ය. වසර ගණනාවක් පුරාම මෙම කටයුත්ත වජිර විසින් සංවිධානය කර තිබු අතර එහි හොඳ පළපුරුද්දක් වජිරට තිබිණි.

එසේම මෙම අවස්ථාවට හිටපු කතානායක මහින්දා යාපා, හිටපු අමාත්‍ය ජී.එල්. පීරීස්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ද පැමිණියේ හිටපු ජනාධිපති රනිල් මුණ ගැසී නව වසරට සුභාශිංසන එක් කිරීම සඳහාය.

එක ම දිනක අවසන් ගෞරව දෙකක්

මේ අතර පසුගිය සඳුදා උදෑසනම වජිර ගාල්ල බලා පිටත්ව ගියේ ගෝනාපීනුවල ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ විහාරයේ විහාරාධිපතිව වැඩවිසු, දොඩන්දූව ශ්‍රී ශිලක්ඛන්ද මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී වූ අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශවයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, ගෝනාපීනුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති වූ ද අපවත්වූ ගෝනාපීනුවල ශ්‍රී සාරාලංකාර නාහිමිපාණන් වහන්සේ ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ය.

ශාසනය වෙනුවෙන් මහගු සේවාවක් උන්වහන්සේ නොපිරිහෙලා ඉටු කළ අතර ගාලු දිස්ත්‍රික්යේ බෞද්ධ කටයුතු වෙනුවෙන් ද උන්වහන්සේ විශාල කැප කිරීමක් කර තිබුණි. එසේම එම අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපතිතුමා ද දුරකතනය හරහා සම්බන්ධවෙමින් වර්තමාන විහාරාධිපති ගෝනාපීනුවල පියරතන හිමියන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ අතර වජිර, එතුමන් ගේ ශෝක ප්‍රකාශය පිළිගැන්වී ය.

රනිල් - වජිර දෙපළ ම ගීත කෝකිලාවට අවසන් ගෞරව දක්වති

සාරාලංකාර නාහිමිපාණන් වහන්සේගේ දේහය තැන්පත් කර තිබු විහාරස්ථානයෙන් නික්මුණු වජිර නැවත කොළඹ බලා පැමිණියේ හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී අභාවප්‍රාප්ත ලතා වල්පොළ මහත්මිය ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

වජිර කොළඹ පැමිණෙන අතරතුර නායක රනිල් ද ලතා වල්පොළ මහත්මියට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන බව වජිර දැනගන්නට ලැබිණි. වජිර එම නිසා හැකි ඉක්මනින් බොරුල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණ නායක රනිල් සමග ම අභාවප්‍රාප්ත ලතා වල්පොල මැතිණියට අවසන් ගෞරව දැක්වී ය.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නායක රනිලුත් වජිරත් වල්පොළ මහත්මිය ගේ පවුලේ ඥාතීන් සමග කතා බහකට එක් වූ අතර එහි දී රනිල් වල්පොළ මහත්මිය එක්සත් ජාතික පක්ෂය සමග තිබූ සම්බන්ධය ද මතක් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න