සන්නාම වෙනස් කිරීමට රුපියල් ලක්ෂ විසිදහසක්, රට විරුවන් ජීවිතයත් මරණයත් අතර සටනේ !

සන්නාම වෙනස් කිරීමට රුපියල් ලක්ෂ විසිදහසක්, රට විරුවන් ජීවිතයත් මරණයත් අතර සටනේ !

ඉතා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින වත්මන් අණ්ඩුව එදා රුපියලේ අගය දිනකට කීප වාරයක් ජන මාධ්‍ය තුලින් පෙන්වමින් ජන මනසේ ආර්ථික පිළිකාවක ආරම්භයක් සේ හුවා දැක්වීය.

ඒ සියල්ල මහජනතාවට සුරක්ෂිත හෙටක් සෞභාග්‍යයමත් අනාගතයක් වෙනුවෙන් බලය ගැනීමක් ලෙස හුවා දැක්වීය.

වර්ථමානය වන විට රාජ්‍ය දේපල ඉඩම් බදු දෙමින් විකුණමින් ගජමිතුරු බදු සහන හරහා ඔවුන්ගේ මනදොල සපුරමින් ඇති ආණ්ඩුව තවත් අපූරු මංකොල්ලයකට අර අදිමින් සිටී.

ටෙලිකොම් ආයතනයේ සන්නාම නාම වෙනසකට අර අදිමින් මහා ජනතා බදු මුදල් මංකොල්ලයක,,!

 උද්ගතව ඇති අති අරාජික ආර්ථික ධූරාවලියක සිරවී සිටියදීද, COVID 19  ප්‍රති එන්නත ආනයනය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සොයාගත නොහැකිව ලෝකයෙන් තවත් ණය ඉල්ලා සිටින පාලකයෝ මේ අල්ලපනල්ලේ සන්නාම නාම වෙනස් කිරීමකට හදිසියේ රුපියල් ලක්ෂ 20000ක් ( විසිදාහක්) රුපියල් මිලියන 2000ක් ( දෙදාහක්) එනම් රුපියල් බිලියන 2ක් අනවර්ථයේ වියදම් කරමින් මහා ජනතා බදු මුදල් කොල්ලයකට සූදානම් වෙමින් සිටී.

 රටත් රටේ පුරවැසියනුත් දැඩි ආර්ථික දුෂ්කරතා ගොන්නක සිරවී ඇති මොහොතක මෙසේ සිත් පිත් නැති කෲර අමනයින් පිරිසක් සේ කටයුතු කරමින් නිශ්චිත මොහොතේ කිසිසේත්ම අනුමත කල නොහැකි අමන තීන්දු ගනිමින් ගජමිතුරු මංකොල්ලයන්ට උඩ ගෙඩි දෙමින් පාලකයෝ ඔවුන්ගේ මඩි තර කරගැනීම ශිෂ්ඨ සමාජයක සිහිනයකින් හෝ දැකීමට ඇසීමට හැකිද?

මෙසේ කාබාසිනියා කරන මුදලෙන් අසරණ රට විරුවන් කීකීදෙනකුට සහන දියහැකිද?

 දස දහස් ගණනින් විදෙස්ගතව අන්ත දුක් විදිමින් කොරෝනා වෛරසයට ගොදුරුව දිනෙන් දින ජීවිත අහිමි වෙමින් තිබෙන මොහොතක එසේ කරකියා ගත නොහැකිව එතෙර දුක් විදින අපේම සහෘදයින් හතලිස් හත්දහසක් ( 47000) මෙරටට ගෙන්වා ගත හැකිව තිබියදී මෙසේ ජනතා බදු මුදල් ගජමිතුරු මංකොල්ලයේ යොදවා සොරාකෑම ගැන විපක්ෂ නායක සජිත් පේමදාස විසින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කරද්දී සංවේදී නායකයන් පාලකයන්ගේ ප්‍රතිචාර ඔබ භාවිතා කල සර්වජන චන්දයේ ගෞරවයට මොනතරම් නිගාදෙනවාද යන්න වටහා ගැනීමට කාළයයි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න