Language Switcher

V2025

නියම රජයක් ! රජයේ අධිවේගී බස් රථයේ ප්‍රවේශපත් මගඩියක් !!

පසුගිය දිනක කොට්ටාවෙන් ගමන් ඇරඹූ රජයේ CTB එකට අයත් බස් රථයක ගමන් ගත් මගීන්ට මුහුණ දීමට සිදුවූ අසාධාරණයක් වීඩියෝගත කොට එය සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණා.

උක්ත වීඩියෝවට අනුව බස් රථයට ගොඩවුනු පුද්ගලයකු විසින් මගීන්ගෙන් ප්‍රවේශපත් මුදල් අයකරගෙන ඇති අතර නැවත ටිකට් ලබා ගන්නට යැයි රියදුරු විසින් සැලකිරීමත් සමගම ප්‍රශ්න ගත තත්වය උද්ගත විය.

එක් රටක් එක් නීතියක් ලෙස වේදිකා පුරා ගර්ජනා කොට බලය ලභාගත් පලකයන්ගේ හෙජමොනික ගජමිතුරු කැල ජනතා බදුමුදල් මංකොල්ල කමින් සිටින අතර තුරා රටපුරා සාමාන්‍යය වැසියන් සූරාකන අමුතු මාදිලියේ මංකොල්ලයක් මෙසේ හෙළිදරව් වී ඇත.

මේ අදාල බස් රථයේ මාස හයක පමණ සිට කොන්දොස්තර වරයකු නොමැතිව ධාවනය වන බව එම රථයේ රියදුරු විසින් ඔහුව ප්‍රශ්න කරන තරුණයා වෙත පිළිතුරු ලභාදෙනු පාඨක ඔබටද දර්ශනය වනු ඇත. මෙහි මහා බරපතල ගැටලුව නම් රජයේ පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ මෙසේ කොන්දොස්තර වරයකු නොමැතිව ධාවනය කිරීමත් කවුරුන් විසින් මුදල් අයකරනවද යන්න එම මුදල් නිසි ලෙස අදාල රාජ්‍ය ආයතනයේ ගිණුම් ගතවනවාද යන්න ඉතා බරපතල ගැටලුවක් නිර්මාණය කර ඇති තත්වයකි.

අදාල බස් රථය හය මාසයකට ආසන්න කාලයක් මෙසේ කොන්දොස්තර වරයකු නොමතිව පොදු ප්‍රවාහනයේ යෙදවූයේ කෙසේද?

කෙතරම් මුදලක් එකී කාළය තුල උපයා ඇත්ද?

එම වලංගු ප්‍රවාහන ගාස්තු අයකලේ නම් ඒ වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කලේද?

සැබවින්ම උක්ත වීඩියෝව අනුව අති දැවැන්ත මූල්‍ය අවභාවිතාවක් මෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන් මේවන තුරුම මුහුණපා ඇති තත්වය ගැන වහාම කඩිනම් පරීක්ෂණයක් සිදු කොට රටට කරුණු හෙළිකලයුතු නොවේද? ප්‍රවාහන අමාත්‍ය වරයාගේ අවධානය කඩිනමින් යොමු කර නිසි පරීක්ෂණ සිදු කරණු ඇතයි අප තරයේ විශ්වාස කරමු.

ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශනය හරහා ඉස්මතු වෙමින් තිබෙන්නේ අසාර්ථක පාලනයේ නොහැකියාව නොවේද?

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ - ඉතාලිය.