පානය කළහොත් කොරෝනා වැළඳී ඇත්නම් සුවවනවා පමණක් නොව කොරෝනා ආසාදනයවීමක් ද සිදුනොවන බව ට ආණ්ඩු හිතවාදීන් ප්‍රබල ප්‍රචාරයක් ලබාදුන් කුප්‍රකට ධම්මික පැණිය පාර්ලිමේන්තුවේ සිට පානය කර පෙන්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී හෙලිව ඇත.
ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ. මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත විසින් සිය ෆේස්බුක් ගිනුමේද සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.
එසේම ඔහු පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා වන සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟ සහභාගී විය.