නාමල් ඇමතිතුමනි, නිදා ගන්න නම් එපා : හොකී ප්‍රේමීන් පිරිසකගෙන් විවෘත ලිපියක් !

නාමල් ඇමතිතුමනි, නිදා ගන්න නම් එපා : හොකී ප්‍රේමීන් පිරිසකගෙන් විවෘත ලිපියක් !

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය දෙස බැලීමේ දී පත් වූ ක්‍රීඩා ඇමතිවරුන්ගෙන් වැඩි දෙනෙක් පත්වීම් ලබන විට මහා පුරා ජේරු කීවා මිස තම නිල කාලය කෙසේ හෝ නිම කර සතුටින් නික්ම ගියේය.

ක්‍රීඩාවටත් මේ මව්බිමේ සිටින අහිංසක දරුවන් වෙනුවෙන් කළ දෙයක් නොමැත. 

ඒත් මෙවර පත් වූ ක්‍රීඩා ඇමති දෙස සියල්ලෝම දෑස් යොමු කර බලා සිටින්නේ ඔහු ක්‍රීඩකයකු වීමත්, තරුණ නායකයු වීමත් ක්‍රීඩාවේ දූෂිත තැන් හදුනා ගැනීමේ ශක්තියක් ඔහුට ඇති දෝ යන හැගීමෙනි. 

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකානේ හොකී මාෆියාව ගැන අලුතෙන් කිව යුතු කරුණක් නම් නොවේ. මේ මාෆියාවට හිටපු සියලු ක්‍රීඩා ඇමතිවරුන් වග කිව යුතුය. ඔවුනට බන්ධනාගාරයේ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය අමතක නොහැකි නිසා හොකී ක්‍රීඩාව පාවා දුන්නේ යැයි සැක සහිතය. 

මෙම ආන්දෝලනාත්මක හොකී ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව පරීක්ෂණයක්වත් පවත්වා මෙරට ක්‍රීඩා ලෝලීන්ට ඇත්ත හෙළි කිරීමට මෙම ක්‍රීඩා ඇමතිවරයාටවත් ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. 

තවද හොකී මාෆියාවට සම්බන්ධ වී සිටිව මෙම පොලිස් නිලධාරීණ් හා බන්ධනාගාර නිලධාරීන් තවමත් බහිරවයන් වී සිටිව බව නම් අමතක නොකළ යුතුය. 

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ හිටපු සභාපතිගේ කන් කඩා වැටෙන විට නැවත වත්මන් හේවගේ සිටින තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු කරලියට බැස සංගම් වලට තර්ජනය කරන බැව් සංගම් පවසයි.

ඔහුද කෙසේ හෝ මෙම වසර 17තුළම කුමන හෝ තනතුරක් දරපු තැනැත්තෙකු වීම නම් අමතක කල යුතු නොහැක. හොකී ක්‍රීඩාවට නම් කළ දෙයක් නොමැත.  තවද පසුගිය වසර 17තුළම ජාත්‍යන්තරයෙන් මෙරටට ලැබුණු කිසිවක් කවුරුත් දන්නේ නම් නැත.

කොපමණ පැමිණිලි කරත් හොයන්නේ නම් නොමැති බැව් ආරංචි මාර්ග පවසයි. එත් නව ක්‍රීඩා ඇමතිවරයා පත්වීමෙන් පසු පසුගිය වසර අගභාගයේ මෙරට ලැබී ඇති ආම්පන්න ප්‍රමාණයක් මෙම පොලිස් නිලධාරියා හා හිටපු සභාපතිවරයා ලබා ගෙන ඇති බවට යම් යම් හෙලිදරව් වීම් ඇත.

එසේ ලැබී ඇත්නම් හොකී සංගමයත් නොමැති මේ අවස්ථාවේ එම ආම්බන්න ක්‍රීඩා අමාත්‍යංශයට භාර දිය යුතු නැතද? මේ දේවල් දරුවන්ට ලැබේද? නැතිනම් ඡන්ද ලබා ගැනීම සදහා ව්‍යාජ සංගම් වෙත ලබා දෙයි ද? ප්‍රශ්න සහගතය.

මේ සදහා ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමු වේද? එතුමාවත් මෙම ක්‍රීඩාව දූෂණයෙන් බේරා ගනී ද? ව්‍යාජ සංගම් ඉවත් කරයි ද? පොලිස් නිලධාරීන්ට යටත් වෙයිද?  එතුමා දෙස ඇස්පිය නොහෙළා බලා සිටිමු.

මීට හොකී ක්‍රීඩාවේ උන්නතිය පතන පිරිසක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න