ඉරාකයේ කඩා වැටුණු අමෙරිකානු හමුදාවට අයත් “Boeing KC-135 Stratotanker” ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයේ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය පෙන්වා දෙන්නේ, යානය අනතුරට පත්වූ අවස්ථාවේ එහි නිලධාරීන් හය දෙනෙකු සිට ඇති බවයි.
වාර්තා අනුව, අමෙරිකානු හමුදාවට අයත් මෙම ගුවන් යානය ඉරාකය තුළ ක්‍රියාත්මක වන “The Islamic Resistance in Iraq” නමැති සංවිධානයක් විසින් බිම හෙළා ඇති බව සඳහන් වේ.
එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීමේ අරමුණින් KC-135 වර්ගයේ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

