චිත්‍ර ශිල්පිණී ප්‍රසාදිනි කුමාරි , තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 'ස්පන්දන' (Pulse) නමින් එළිදැක්වීමට නියමිතය.
'ස්පන්දන' සමාරම්භක උත්සවය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී 2022 ජුනි 03 වන දින ප.ව. 5.00 සිට ප.ව. 8.00 දක්වා පැවැත්වේ. ඊට අමතරව ජුනි 4, 5 දෙදින තුළ පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා ද සැමට විවෘතව පවතියි.
ඇක්‍රිලික් සහ තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් අඳින ලද කැන්වස් චිත්‍ර 30ක් ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක මෙන්ම වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද ඇය කටයුතු කරයි. ප්‍රසාදිනී, දීර්ඝ කලක පටන් චිත්‍ර විෂයය ඇසුරෙහි නිරන්තර පර්යේෂණයෙහි යෙදෙන්නියකි.






newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
