මුවන් මැරූ සල්මන් හිරේ

මුවන් මැරූ සල්මන් හිරේ

චිත්‍රපටයක් තිරගත කරන අවස්ථාවකට එක්ව සිටියදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවට ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් වරදකරු බවට එරට අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

Blackbuck නම් මෙම මුවන් ඝාතනය සල්මන් සිදුකර තිබෙන්නේ 1998 වසරේ වන අතර අදාළ වරදට වසර 5ක් සිරගත කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

එම තීන්දුවට අනුව සල්මන් ඛාන් ජෝඩ්පුර් බන්ධනාගාරයට ගෙනගොස් ඇත.

මේ අතර සල්මන් ඛාන්ගේ නීතීඥයින් සඳහන් කර ඇත්තේ සිකුරාදා දිනයේ සල්මන් ඛාන් වෙනුවෙන් ඇප අයදුමතක් ඉදිරිපත් කරන බවත් ඒ හරහා සහනයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

අදාළ නඩුව සඳහා සයිෆ් අලී ඛාන්, තාබු, නීලම් සහ සොනාලි බෙන්ඩ්ර් යන ඉන්දීය නළු නිළියන්ද චෝදනා ලබා තිබුණත් අධිකරණය ඒ පිරිස් නිදහස් කර තිබෙනවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න