ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්" ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය.
ඔහු දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන අතර එතැන් සිට වසර දෙකක් ඔහුට සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි.
2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
