සුරූපී රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනයේ සැකකරුවන් ඇල්ලීමට CCTV පිරික්සයි

සුරූපී රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනයේ සැකකරුවන් ඇල්ලීමට CCTV පිරික්සයි

කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ දී රූපලාවන්‍ය ශිල්පිනියක් ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ සඳහා සී.සී.ටී වී කැමරා දර්ශන අධ්‍යයනය කරමින් පවතින බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එමෙන්ම මිය ගිය කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මකවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ අතර, වෙඩි වැදී මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතය.

 සමයං ගේ හිතවතියක් :

 මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක පළ කරයි.

මිය ගිය කාන්තාව පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ සමයං සමඟ සමීප හිතවත්කම් පැවැත්වූ තැනැත්තියක බව සඳහන්වේ.

එමෙන්ම, පාතාල සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සගයන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට ද සැක කෙරේ.

කොට්ටාව - පන්නිපිටිය පාරේ නිවසක් තුළ 42 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව ඝාතනය කර තිබුණේ පෙරේදා රාත්‍රියේදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න