ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.
ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවයි.
ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 18 වැනිදාය.
මීළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය 3ට 0ක් ලෙස ජය ගෙනෙමින් මෙසී දැක්වූ විශිෂ්ට ක්‍රීඩා රටාව සමග ලෝකයේම අවධානය සුපිරි ක්‍රීඩක මෙසී වෙත යොමුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
