ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියහ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණි.
ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය.
එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය .
එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
